IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


බංකොලොත් රටක දුප්පත්කම අලුත් දෙයක් නොවේ

(අංජුල මහික වීරරත්න)

බංකොලොත්වූ රටක දුප්පත්කම අළුත් දෙයක් නොවෙ යැයි ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රට ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව විසින් දියත්කර තිබෙන වැඩපිළිවෙල දශමයකින් හෝ වෙනස්  කලහොත් රට යළිත් බරපතල අවධානමකට ලක්වන බව ද අමාත්‍යවරයා කීය.

මෙරට දුප්පත්කම ඉහළ ගොස් ඇති බවට විවිධ වාර්තා පල වුවත්, ආර්ථික වර්ධනය සෘණ 8ක් වූ සහ මුළුමණින්ම බංකොළොත් භාවයට පත්වූ රටක එය අළුත් දෙයක් නොවන බව පෙන්වා දුන් අමත්‍යවරයා සමෘද්ධිය සඳහා වෙන්කළ මුදල මෙන් තුන් ගුණයක මුදලක් වෙන්කර අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක  කර තිබෙන්නේ එම දුප්පත්කමට ඔරොත්තු දිය හැකි සමාජ ආරක්ෂණයක් ඇති කිරීමට බව ද සඳහන් කළේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කීවෙි  'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

 



අදහස් (16)

බංකොලොත් රටක දුප්පත්කම අලුත් දෙයක් නොවේ

පිටරැටියා Wednesday, 03 April 2024 07:45 PM

මහ ලොකු ආර්ථික ඔස්තාර් .නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා ,හොන්දට තිබුණු අපේ රට හිඟාකන තත්ත්වයකට පත් කෙරුවේ බලලෝභි බඩගෝස්තරවාදි කාලකන්නි දුෂිත දේසපාලුවෝ මිසක් වෙන කවුද? .සදහටම බලයේ ඉන්ඩ හදන තමුනුත් ඒවට වගකිව යුතුයි .

:       0       1

Prabha Wednesday, 03 April 2024 07:59 PM

මිනිස්සු ඉල්ලන්නේ පිනට කන්න නොවේ.. හම්බකරන් කන්න පුළුවන් රටක්. ආර්ථික ඔස්තාර්ලාට නොතේරෙන එකම දෙයත් එකයි....

:       0       1

Prabha Wednesday, 03 April 2024 08:01 PM

බංකොලොත් වුණේ අපි ණයට කාලාද?

:       0       1

රනිල් Wednesday, 03 April 2024 08:53 PM

ඒක කියන්න තොපි වගේ රට බංකොලොත් කරපු පල් හොරෙක් ඕන නැහැ. අපේ වැඩ කරගන්න දීල ගෙදර යන්න කාලේ හරි.

:       0       0

Samitha Wednesday, 03 April 2024 08:57 PM

රට බංකලොත් කරලා, සම්පත් විකුණන් කාලා, කොමිසුත් ගහලා, රජයේ දේ හොරා කාලා මේ (අ) මනුස්සයා අවුරුදු 30ක් විතර දියවන්නාවේ බත ගිලලා දැන් මිනිස්සුන්ගේ දුප්පත්කම කතා කරන්නේ කටින්ද නැත්නම් වෙන මොකකින් හරිද?. දැන්වත් ආගමක් ධර්මයක් කර ගත්තොත් හොදයි, තවත් රට කන්නේ නැතුව

:       0       0

බද්රානි Wednesday, 03 April 2024 09:49 PM

මොනවා කියනවද මහත්තයෝ, ලංකාවේ සංවර්ධනය දොරේ ගලනවා...මේ සංවර්ධනය වෙන විදිහට කොහෙන් නවතියිද කියලයි මම මේ කල්පනා කරන්නේ...මේ යන විදිහට ඇමරිකන් කාරයෝ ඇතුළු විදේශ බලවේග මේ රට ආක්‍රමණය කරන්නත් බැරි නැහැ... මතකනේ අර පහුගිය කාලේ ඇමෙරිකන් කාරයෝ මේ රට දෙකට බෙදලා පාරක් හදන්නත් ගියා නේද..? තව ටිකෙන් සීගිරියට යන්නත් වීසා ගන්න වෙනවා.. යන්තම් අපේ "රට රකින විරුවා" ඇවිත් මේ රට මුදා ගත්තා...අර අනතුරකට ලක් උන ඇමරිකාවේ සිට පැමිණි නැවේ ඇමරිකන් පුරවැසියන් සරණාගතයින් ලෙස මේ රටට පැමිණෙන්න හිටියද කියන බලවත් සැකය මට නම් තියනවා...අර ගාසා තීරයේ ජනතාවට ඩොලර් මිලියනයක අධාරයක් දුන්නා කියලා ලෝක නායකයින් බලවත් ඉරිසියාවකින් පෙළෙනවා ඇති... ඒ වුණාට මම නම් කියන්නේ. ඉන්දියාව හා බංගලාදේශය වැනි දුප්පත් රටවලට අපි ආධාර කළ යුතුයි. එතකොට තමයි මේ කලාපයේ බලවතා වෙන්න අපට පුළුවන් වෙන්නේ..

:       0       0

පිටරටවැසියා Wednesday, 03 April 2024 09:58 PM

දුප්පත්කම අලුත් දෙයක් නොවන මහ ජනතාවක් සහ පොහොසත්කම අලුත් දෙයක් නොවන දුෂ්ට පාලකයින් සිටින, ලෝකෙම උතුම් බංකොලොත් රට....

:       0       0

Akila Wednesday, 03 April 2024 10:25 PM

ඉතින් ඔබතුමාගේ ඔය රනිල් හාමුට මොකද බැරි වුණේ රට වැටෙන්න කලින් ඔය වගේ වැඩ පිළිවෙලක් යොදන්න ? රට බංකොලොත් වෙන්න මාස කිහිපයකට කලින් ආණ්ඩුව කරේ එතුමා නොවැ , ගිනි පොලියට පෞද්ගලික නය හිමියෝන්ගෙන් ණය ගන්නකොට ඒවා ගෙවන්න බැරිව රට වැටෙයි කියල හිතිලා නැත්ද ඒ කාලේ ?

:       0       0

Perera Wednesday, 03 April 2024 11:38 PM

ඔව් ඔව් බංකොලොත් වෙන්න කලින් 2500 කින් ජීවත් වෙන්න පුළුවන් පොහොසත් මිනිස්සු නේ හිටියේ .අනේ මුගේ තියරි

:       1       15

රංබොඩ Wednesday, 03 April 2024 11:41 PM

මෙයාගෙ තියරිත් දිව හැරෙන පැත්තට තමයි. දේශපාලන ට ආවම ඕනම කෙනෙක් නරක මිනිහෙක් වෙනවා

:       1       12

Lalla Thursday, 04 April 2024 02:04 AM

රට බංකොළොත් කරන්න දායක වූ කෙනෙකුට මේ කතා කියන්න අයිතිය නෑ.

:       1       15

සත්‍ය ගවේෂී. Thursday, 04 April 2024 08:02 AM

රට බංකොලොත් කරන්න පවුල් සමාගමේ උදවිය හට උදව් කළ සමහර දෙනා අද හැසිරෙන්නේ මුකුත් නොදන්න තොත්ත බබාලා වගේ. අනේ .. අම්මපා මේ වගේ මිනිසුන් .. බංකොලොත් කළ රටට රනිල් මහතා කර නොගහන්න අද රටට මොනවා වේවිද කියන්න දෙවියෝ වත් දන්නේ නැහැ.රට බංකොලොත් කළ අයගේ පව් රනිල් ඇඟේ දාගත්තා.ඒ නිසා එක පැත්තකින් වරද කරුවන් ආරක්ෂා වුණා. ඒක හොඳ දෙයක් කියන්නට බැහැ.ඒත්,අනුර සජිත් ඒ වෙලාවේ ප්‍රශ්නෙන් කර ඇරියා.රනිල් ගැන අපටත් ගැටළු තියෙනවා.ඒත්,සත්‍ය මැදිහත්ව පෙන්වා දිය යුතුයි.රනිල් සමහර විට නැවත බලයට නොඑන්න පුළුවන්.ඒත් සජිත් අනුර ලාට රනිල් නොහිටින්න ඡන්දෙ කරන්න පරිසරයක් ඇති වේවිද ? ඒ නිසා සජිත් අනුර කණ්ඩායම් බලය ගැන පමණක් නොසිතා රනිල් ගේත් සහාය ගැන දේශපාලකයා නොව ජනතාව බලවත් වෙන,මේ රට ලෝකයේ බලවත් රාජ්‍යයක් ලෙස ගොඩ නැගීමට කටයුතු කිරීම සුදුසු වේ.රට බංකොලොත් කළ අයගේ වත්කම් පවරාගෙන ඔවුන්ට නිසි දඬුවම් දිය යුත්තේ සැවොම සමගියෙන් කටයුතු කිරීමෙනි.එහෙත් රටේ අවාසනාවට බොහෝ දේශපාලකයන් කටයුතු කරන්නේ තම පක්ෂය කෙසේ හෝ බලයට ගෙන ඒමට පමණය.ඒ තත්වය වෙනස්කොට ඔවුන් රට හා ජනතාව ගැන සීතිය යුතුය.රැස්වීම් වල උසුළු විසුළු හා පුරසාරම් දෙඩවීම නොවේ.

:       5       16

anuranga Thursday, 04 April 2024 10:14 AM

සත්‍ය ගවේෂී බන්දුල ගුණවර්ධනට කඩේයනවා... බන්දුල ගුණවර්ධන රනිල් වික්‍රමසිංහට කඩේ යනවා...

:       1       0

prem Thursday, 04 April 2024 11:05 AM

රට බංකොලොත් කලේ අපිද? මාරුවෙන් මාරුවට බලය ගත්තේ ඔබතුමාලා නේද? බංකොලොත් භාවයට සහ දුප්පත් කම ඇතිකලේ ඔබතුමන්ලා සිටිය යුත්තේ හිරේ...

:       0       0

Rata Perata Thursday, 04 April 2024 11:51 AM

මේ වගේ අපතයන් පාර්ලිමේන්තුවට එව්ව උන්ට ගහන්න ඕන

:       0       0

saman Thursday, 04 April 2024 12:29 PM

ඒත් තමුන් කොහොමද දුප්පත් උනේ නැත්තේ ?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 292 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 292 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 314 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 412 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 689 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 861 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38329 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25256 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 857 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 311 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site