IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


බංග්ලාදේශ අගමැතිනිය ඉල්ලා අස්වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඩකාහි අග්‍රාමාත්‍ය නිල නිවසින් පිටත්ව ආරක්‍ෂිත ස්ථානයක් කරා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

අග්‍රාමාත්‍යවරිය සහ ඇයගේ නැගණිය වන ෂෙයික් රෙහානා අද (05) පස්වරු 2.30 ට පමණ හමුදා හෙලිකොප්ටර් යානයකින් අග්‍රාමාත්‍ය නිල නිවසින් පිටත්වී ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කළේය. 

ආරංචි මාර්ගවලට අනුව ඇය ඉන්දියාවේ බටහිර බෙංගාලය වෙත ගොස් ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය.

වත්මන් තත්වය හමුවේ බංගලාදේශ හමුදාවේ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් වකර් උස් සමාන් ජාතිය ඇමතූ අතර ඔහු ප්‍රකාශ කර සිටියේ වත්මන් දේශපාලන අර්බුදය අවසන් කිරීම සඳහා අන්තර්වාර රජයක් පිහිටුවීමට කටයුතු කරන බවයි.

විරෝධතාවලදී මියගිය 300 කට වැඩි පිරිසකට යුක්තිය ඉටුකිරීමට කටයුතු කරන බවත් හමුදාව කෙරෙහි විශ්වාසය තබන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය. 

ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුකිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ගොඩනැගූ රට විනාශ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බවත් ජෙනරාල් සමාන් පැවැසුවේය.



අදහස් (26)

බංග්ලාදේශ අගමැතිනිය ඉල්ලා අස්වෙයි

ගෝට් අබේ Monday, 05 August 2024 03:36 PM

හසීනා නංගී, මමත් ඔහොම ගිය හැටි මතකයි, මට ‌හොඳ හැටි මතකයි.

:       376       235

ජගත් ලියනගේ Monday, 05 August 2024 03:40 PM

ලංකාවේ දේශපාලනය වගේම වංචා, දූෂණ වලින් පිරිච්චි රටක් තමයි බංගලාදේශය...!

:       311       194

අරවින්ද මොනරවිල Monday, 05 August 2024 03:52 PM

දූෂිත ෂික් හසිනා පවුල් පාලනයෙන් තම රට මුදවාගත් බංග්ලාදේශ ජනතා අරගලයට ජයවේවා...!

:       270       179

Saman Monday, 05 August 2024 03:53 PM

පරගල මොඩලයා ලෝකයට වාතයක් වේගෙන යන්නේ...!

:       71       231

Sunil Perera Monday, 05 August 2024 03:59 PM

ලංකාවට වුණු දීම බංග්ලාදේශයත් කරලා තියෙන්නේ. හැදීගෙන ආපු රටක්... NGO දරුණු ත්‍රස්තවාදීන්ට වඩා දරුණුයි.

:       46       201

WCAMonday, 05 August 2024 04:49 PM

ඔබතුමා නින්දෙන් ඇහැරුණාද? ලංකාවට වුනේ පාලකයින්ගේ වැරැදි තීරණ හින්දා රට බංකොලොත් කරලා අන්තිමට පාලකයින්ට යන්න කියලා මිනිස්සු පාරට බැහැපු එක නැතුව මේක සුරපුරයක් කරන්න යන ගමන් ඒක නවත්වන්න අරගලයක් ආවේ නැහැනේ...

:       175       66

dama Monday, 05 August 2024 04:06 PM

මෝඩයින්ට අරගලය බංගලාදේශය යන්තම් ගොඩ ආවා. ඒත් මෝඩ අරගලයක් නිසා නැවත හිඟාකන්න වෙනවා...

:       29       192

පිනා Monday, 05 August 2024 04:22 PM

එහේ අයත් ජනතාවගේ කීමට අස්වෙනවා. ඒකට මෙහේ උන්දෑ, මුළු රටම ඇවිල්ලා ගේ වටකරන් යන්න කිව්වත් කොහේ හරි හැංගිලා ඉඳලා කියයි.. මම තමයි තවම පින්පති කියලා...! 

:       141       36

Lakshitha Monday, 05 August 2024 04:31 PM

බංග්ලාදේශයත් කැම්පස් ළමයි ටික තමයි, ඉස්සෙල්ලාම කුලප්පු කර ගත්තේ... ඔය කාලේ කොල්ලෝ කෙල්ලෝ කොහොමත් නාහට නාහන වයස. ජීවිතේ බරක් පතලක් තේරෙන්නේ නැති, හරි වැ‍රැද්ද තේරෙන්නේ නැති කාලේ.... ඉතින් ඒ දරුවන්ව අල්ලා ගත්තාම ඕන ගොන් අරගලයක් කරන්න පුළුවන්. ලංකාවේත් 1971, 1989, 2022 ඕකම තමයි වුනේ. බටහිරට ඕනෑ විදියට නටන බව ඔවුන්ට තේරෙන්නේ නෑ...

:       24       136

Vije Monday, 05 August 2024 04:31 PM

අපේ රටේම වගේ තමයි ඔලුව උස්සන්න දෙන්නේම නෑ. ඒ රටේ ඉන්නෙත් මෝඩ අරගල කාරයෝ NGO බුරියානි කාලා...!

:       24       109

sujan Monday, 05 August 2024 05:02 PM

බංග්ලාදේශයේ සිට...!

:       50       5

Jagath Gamage Monday, 05 August 2024 05:19 PM

බන්ගලිකාරයෝ සීයට අසූවක් කැමති මේ වුණු දේට...

:       115       17

චික් හසිනා Tuesday, 06 August 2024 01:24 PM

උන්ට ඕවා තේරෙන්න තරම් මොලයක් නෑ බං. අපේ හරක්ට වැඩිය මී හරක් උන්. අපේ හරක් රංචුව කරගත්තු දේ පේනවනේ.

:       0       31

Muthu Monday, 05 August 2024 05:45 PM

වැරැදි කරත්, හොරකම් කරත්, අන්තිම මොහොතේ හරි, රටේ මිනිස්සු තමන්ගේ දරුවෝ වගේ කියලා හිතන පාලකයෝ...!

:       5       97

Saman Monday, 05 August 2024 05:58 PM

විශ්වය එක නඩුවක් විසඳුවා. ප්‍රජාතන්ත්‍රවාදය අවසානයේ ජයගත්තා.

:       86       17

යෝගා Monday, 05 August 2024 06:00 PM

අරගල චකබ්ලාස් කරන්න පුළුවන් කෙනෙක්නම් ඉන්නවා. මේ වෙලාවේ මෑන් මෙහෙ ඡන්දේ ඉල්ලනවා. නැත්නම් එවන්න තිබුණා..

:       7       72

සෙනෙවිරත්න Monday, 05 August 2024 06:09 PM

දරුවො නැති අය විශ්ව විද්‍යාල ළමුන්ට දොස් තියනවා. අරගල කරන්නේ සනීපෙට නොවෙයි. ගොං අරගල වලට යනවා කියලා අර්ථ දක්වන අයට කියන්න කැමැතියි අසාධාරණකම් ඉවසන්න බැරි තරුණ ජවය කියලා. මේත් ජනතාවගේ දරුවෝ, බුරියානි කෑමට රැවටුණා නම් එන්ජීඕ සල්ලි ගත්තා නම් ඒකෙ වගකීම රටේ වැඩිහිටි දෙමාපියන්ට එනවා... නමුත් එහෙම ළමුන් නෙමෙයි මේ...!

:       98       12

පිනා Monday, 05 August 2024 06:16 PM

මම බංගලාදේශයේ, ඉන්දියාවේ මිනිස්සු මේ ගැන කතාකරන අන්තර්ජාලයේ සාමූහික ගොඩක අදහස් කියවලා බැලුවා... ලංකාවේ බයියෝ විතරයි මේ ගැන නාහෙන් අඬන්නේ...!

:       89       10

MansurTuesday, 06 August 2024 01:30 PM

බංගලියෝ මෝඩයි. උන්ට තේරෙන්නේ නෑ මොකෝ වෙන්නේ කියලා. හසිනා පැන්නුවා කියලා සතුටු ඇති. හරීද වැරදිද කියන්න තරම් මමෝලයක් නෑ. උඹත් ඉන්නේ බංගලියොත් එක්කනම් උඹටත් එච්චර තමයි. ආසියාවේ රටවල් වලට නැගිටින්න අමාරුයි එන්ජිඕ නිසා

:       1       56

Prabha Monday, 05 August 2024 06:19 PM

අඳුරන බංගලි කියන විදිහට නම් නැගීගෙන ආපු රට දැන් තියෙන්නේ චීන ණය උගුලට අහුවෙලා කියලා...

:       86       10

Ruwan De Silva Monday, 05 August 2024 06:27 PM

මේකේ කමෙන්ට් වලින් මට පේන්නේ තාමත් ලංකාවේ බහුතරයක් ඉන්නේ වහල් මානසිකත්වයේ... මටත් ලංකාවෙන් යන්න වුනේ දූෂිත රජයක් තිබ්බ හින්දා. ඉස්සර ඉඳන්ම දුෂිතයින්ට එරෙහිව ජන අරගල තිබ්බා.. ප්‍රංශයේ වේවා, ඉතාලියේ වේවා, ලංකාවේ වේවා, බංග්ලාදේශයේ වේවා ඔක්කෝම එකයි හැබැයි සමහර රටවල අරගලයෙන් පසු රට ගොඩ ගියා සමහර රටවල් වලපල්ලට ගියා. මට හිතෙන විදියට පාකිස්ථානයේ වුණත් තව මාසයක් ඇතුළත අරගලයක් ආරම්භ වෙයි. ඇත්තම කතාව මිනිස්සු බල්ලෝ වගේ හිර කරගෙන කූඩුවල ඉන්න ජාතියක් නෙමෙයි. මම හිතන විදියට ලංකාවත් හොංකොං, තායිවානය, දකුණු කොරියාව, සිංගප්පූරුවට පස්සේ ඊළඟ ආසියානු මකරා වෙනවා...

:       91       10

සමන් Monday, 05 August 2024 08:22 PM

අපේ රටේ වගේ එහෙත් විකුර්ති ජාන සහිත ජෙප්පෝ පෙරෙට්ටෝ වැනි අපතයෝ ඉන්නවා වගේ. අඩුපාඩු එක්ක හරි ෂීක් හෂීනා රට දියුණු කරන්න ගන්න කොටම ජෙප්පො සිරිමාවෝ මැතිණියට කලා වගේම කඩාකප්පල් කළා. ජෙප්පොයි, පෙරෙට්ටොයි අද වෙනකල්ම කරන්නේ ඒකමයි.

:       11       78

Bamunuarachchi Monday, 05 August 2024 09:05 PM

සෑම අරගලයක්‌ පිටුපස මංකොල්ලයක් ඇත. බංගලි ජෙප්පෝ මංකොල්ලකන විදිහ ඇසින් දැකගන්න YouTube බලන්න. සැප්තැම්බර් 21 ජෙප්පන්ට රටගියොත් අපේ දේපල සියල්ලම ඕකුන් මංකොල්ල කනවා ෂුවර්.

:       8       93

සෙනෙවිරත්න Monday, 05 August 2024 09:26 PM

සමන්, කියන්න කැමැතියි වසර පහළොවක් රට පාලනය කරලා මදි වෙලා, තවත් බලයේ ඉන්න වසර 53 කට පෙර වෙච්චි විප්ලවයට සහභාගි වෙච්චි අයගේ නමින් රැකියා දෙන්න අර අඳින්නේ තමන්ගේ පාක්ෂිකයින්ට සලකන්න, එච්චර කාලෙකට පෙර පවුල් වල අය කොහොම හොයලා ඔය රැකියා කෝට කොහොම සාධාරනව දෙන්නද, ලංකාවේ නම් ඔය ක්‍රමයට කලින්ම එරෙහි වෙන්නේ ජෙප්පො තමයි. ෂික් හසීනගේ දූෂිත ක්‍රමය සාධාරණීීකරනය කරනව කියන්නේ මෙහෙත් දූෂිතයින්ගේ කල්ලියේ අය තමයි...

:       74       6

සෙනෙවිරත්න Monday, 05 August 2024 09:28 PM

සමන්, මැතිණිගේ රජ⁣ය වට්ටවා ගත්තේ මැතිණිම තමයි. ඒ කාලේ එතුමිය කරපුවා අපි හොඳට දන්නවා...!

:       48       8

Ruwan De Silva Monday, 05 August 2024 11:12 PM

මේ කියන විදියට රනිල් 2048 වෙනකන් ජනපති වුනොත් ලංකාව ලෝක බලවතා වෙනවලු. මට පේන විදියට අප්‍රිකාවේ ඇටසැකිල්ල සෝමාලියාව වගේ වෙයි ලංකාව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 16 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 178 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 151 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 497 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 210 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 313 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 491 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 440 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site