IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසිරුවයි

(විමුක්ති එස් රුද්‍රිගු)

අන්තර්වාර රජයක් පිහිටුවීමට අවස්ථාව ලබාදීම සඳහා බංග්ලාදේශ් 12 වැනි පාර්ලිමේන්තුව එරට ජනපති මොහොමඩ් ෂහාබුදීන් අද (06) විසිරුවා හැරියේය.

ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින්, සිවිල් සමාජ නියෝජිතයන්, "වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයන්" ව්‍යාපාරයේ නායකයින් ඇතුළු පාර්ශ්වකරුවන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකින් පසුව ජනපති ෂහාබුදීන් එරට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට කටයුතු කළේය. ජනාධිපති කාර්යයාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව දැනුම් දුන්නේය.

විරෝධතාවලට නායකත්වය දුන් "වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයන්" ව්‍යාපාරය අද (06) උදෑසන නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ අද (06) සවස 3 ට පෙර බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට කටයුතු කළ යුතු බවයි. බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය සභාපති කලීඩා ෂියා අද (06) නිදහස ලැබූ අතර ඇයගේ පක්ෂයද බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසිරුවා හරින ලෙසට ජනාධිපතිවරයාට දැනුම් දී තිබිණි.

රජයේ රැකියා කෝටාවට විරුද්ධව පසුගිය මාසයේදී ඇරඹි විරෝධතාවලදී මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලමින් පසුගියදා නැවතත් බංග්ලාදේශයේ විරෝධතා ආරම්භවූ අතර එහිදී විරෝධකරුවන් අග්‍රාමාත්‍ය නිල නිවස සහ පාර්ලිමේන්තුව ඇඳිරි නිතිය නොතකමින් අත්පත්කර ගත්තේය. බංග්ලාදේශ පාර්ලිමේන්තුව අත්පත්කර ගත් විරෝධතාකරුවන් මන්ත්‍රී අසුන්වල වාඩි වෙමින් සෙල්ෆි ඡායාරූප ගැනීමටද අමතක නොකළේය.



අදහස් (3)

බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසිරුවයි

Muthu Tuesday, 06 August 2024 05:17 PM

ඉගෙන ගනිල්ලා අරගලයක් දිනවන හැටි... මෝඩ කපටි සල්ලිවලට විකිණෙන නිලියන්ට අහුවෙලා මුළු රටම නන්නත්තාර වුණා... වඩාත්ම පාඩුව අරගලයේ අවස්ථාව ගිලිහී ගිය එක... දැන් හබන් කුකුළන්ට ජය මඟුල් කනවා....

:       0       0

සුදු ඇඳගෙන කලු ඇවිදින් Tuesday, 06 August 2024 06:26 PM

එකම පිටපතක්, රටවල් දෙකක්. වෙනස ලෝගුකාරයින්ට එහෙ කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඊළඟ කුරුමානම් අල්ලපු රට. ඒකේ සෙටප් එක හදන්න තව අවුරුදු 2- 3 ක් වත් යයි. සමහර විට ඒ වෙනකොට ලෝක භූ දේශපාලන වෙනස් වීමට බොහෝ දුරට ඉඩ ඇත...

:       0       0

රංබොඩ Tuesday, 06 August 2024 06:35 PM

කවුරුත් රැල්ලට යනවා. දැන් එහේ ශිෂ්‍ය ක්‍රියාකාරීනුත් ඇඟට අරගෙනයි ඉන්නේ. නමුත් රටට ඉදිරියට මුහුණ දෙන්න වෙන ගැටළු බොහෝයි. හෙට හරියට නොදකින තරුණ කොටස් කලබලවෙලා කැරැළි ගහලා වැඩක් කළා කියලා පිම්බෙන එක අපේ රටටත් පොදු කාරණයක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 11 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 1003 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 942 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 754 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 6939 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2159 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34241 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23983 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 154 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 480 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site