IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


බංග්ලාදේශ පිල කඩුලු 8 කින් ජයගනී

(යොහාන් භාසුර)

සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිලාත්හිදී අද (6) පැවැති දෙවැනි තරගයෙන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 8 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

බංග්ලාදේශය ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 1-1 ක් ලෙස සමවිය.

බංග්ලාදේශ පිතිකරුවෝ ලකුණු 166 ක ඉලක්කය ඕවර 18.1 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ. නායක නජ්මුල් හොසේන් ශන්ටෝ (නොදැවී 53) සහ ටොට්හිට් හිඩෝයි (නොදැවී 32) තෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 87 ක සම්බන්ධතාව ජයග්‍රහණය පහසු කළේය. සෞම්‍ය සාකර් ලකුණු 14 ක් රැස්කර සිටියදී බිනුර ප්‍රනාන්දු යැවූ ඉනිමේ සිවුවැනි ඕවරයේ පළමු පන්දුවට කඩුලු රකින කුසල් මෙන්ඩිස්ට උඩපන්දුවක් දී දැවී ගිය බවට ප්‍රධාන විනිසුරු සංඥා කළ අතර එම දැවී යෑම සෞම්‍ය සාකර්, විනිසුරු තීරණ නැවත විමසීමට යොමු කළේය.

එහිදී පුනරූපනවලින් ද පන්දුව පිත්තේ වදින බවට ප්‍රදර්ශන වෙද්දී තෙවැනි විනිසුරු එය දැවී යෑමක් නොවන බවට සඳහන් කළ අතර පිටියයෙන් ඉවත් වෙමින් සිටි සෞම්‍ය සාකර් නැවත පන්දුවට පහර දීමට පැමිණියේය.

එම තීරණයට එරෙහිව නායක චරිත් අසලංක ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ විනිසුරුවන්ට දැඩි විරෝධය දැක්වූ අතර ඒ හේතුවෙන් තරගය විනාඩි කීපයක් නතර වී තිබුණි.

ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 5 ට 165 (කුසල් මෙන්ඩිස් 36, කමිඳු මෙන්ඩිස් 37, චරිත් අසලංක 28, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 32, දසුන් ශානක නොදැවී 20) බංග්ලාදේශ පිල ඕවර 18.1 කදී කඩුලු 2 ට 170 (ලින්ටන් දාස් 36, සෞම්‍ය සාකර් 26, නජ්මුල් හොසේන් ශන්ටෝ නොදැවී 53, ටොට්හිට් හිඩෝයි නොදැවී 32, මතීෂ පතිරණ 28/2)

 



අදහස් (0)

බංග්ලාදේශ පිල කඩුලු 8 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න

දියත

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 275 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 907 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 47 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1762 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6279 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1843 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site