IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


බංග්ලාදේශයේ අන්තර්වාර අගමැති ධුරයට මුහම්මද් යූනුස්

බංග්ලාදේශ අන්තර්වාර රජය මෙහෙයවීමට, අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස නොබෙල් සාමත්‍යාගයෙන් ද පිදුම් ලැබූ මුහම්මද් යූනුස් පත් කරන බව, බංග්ලාදේශ ජනාධිපති මොහොම්මද් ෂහබුදීන් පවසා ඇත. ඒ බංග්ලාදේශයේ විරෝධතා පවත්වන ශිෂ්‍ය සංගම් ඇතුළු සෙසු සිවිල් සංවිධාන කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි.

ශිෂ්‍ය විරෝධතා හමුවේ, බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ෂෙයික් හසීනා, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී, රටින් ද පලා යෑමෙන් පසු, හමුදාව විරෝධතාකරුවන්ට පැවැසුවේ, තමන් මැදිහත් වී අන්තර්වාර රජයක් පිහිටුවන බවය. කෙසේ නමුත් විරෝධතාකරුවෝ ඊට දැඩි ලෙස විරෝධය දැක්වූ අතර, ඔවුන්ගේ එක හඬින් කියා සිටියේ අන්තර්වාර අග්‍රාමාත්‍ය ලෙස මුහම්මද් යූනුස් ත් කළ යුතු බවය.

ඒ අනුව, බංග්ලාදේශ ජනාධිපති මොහොම්මද් ෂහබුදීන්, ශිෂ්‍ය සංගම් නායකයන්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, විපක්ෂ දේශපාලන නායකයන් අතරේ හමුවක් පැවැත්වුණු අතර, සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ මුහම්මද් යූනුස් අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට කැමැත්ත ලබා දුන් බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (5)

බංග්ලාදේශයේ අන්තර්වාර අගමැති ධුරයට මුහම්මද් යූනුස්

ජයනාත් Wednesday, 07 August 2024 06:05 AM

අනාගත අභිවෘද්ධිය දකින ජනතාවක් සහ දේශපාලකයින් ඉන්න රටක්.... පැනලා ගියපු අගමැතිනි ආර්ථික සංවර්ධන කළාට අනෙකුත් සෑම අතකින් ම ෆේල්... විපක්ෂය මර්දනය දැඩිව කළා. විපක්ෂයේ අය සිරගත කළා. මේක ලංකාවේ අයට හොඳ පාඩමක්.. ආදර්ශයක් .

:       2       5

Athula Nagahaulla Wednesday, 07 August 2024 07:02 AM

ශ්‍රී ලාංකික ඔබට කළ නොහැකි වූ දේ ඔවුන් කලා දැනට, බලමු ඉදිරියට මොකද වෙන්නෙ කියලා.

:       2       13

Kamal Wednesday, 07 August 2024 07:17 AM

ලංකාවේ සර්වෝදයේ ආරියරත්න වගේම ඇමරිකාවෙන් පුම්බපු තවත් වැඩ බැරිදාස කෙනෙක්.මේකෙන්ම හරිම පැහැදිලියි මේ බල අරගල පිටිපස්සේ ඉන්න අදිසි හස්තය කවුද කියලා. හැබැයි සාපේක්ෂව ලංකාව ඇතුළත වෙච්ච අරගලය ජනතාවාදී එකක් සහ මුල් අවස්ථාවේ එය ජනමතය නියෝජනය වුණ එකක්.එහෙත් එය අවසන් වන විට දේශපාලන රූකඩ වල වේදිකාවක් වුණා පමණයි.ගෝඨාභයව එලවා නොදැමුවා නම් රටේ තත්වය අතිභයංකාර වීමට තිබුණා.

:       2       5

kalum Wednesday, 07 August 2024 09:20 AM

අපේ ලොක්කා වගේ වෙයිද දන්නේ නෑ

:       1       5

රංබොඩ Wednesday, 07 August 2024 09:29 AM

මෙතුමා උගතෙක් තමයි. දැන් ඔය N.G.O. නඩයට අහුවෙලා ඉන්න පරිනත නොවූ ජනයාට තේරෙයි පොතේ දැණුමත් ප්‍රායෝගිකත්වයත් අතර වෙනස. තව ටික කාලයක් යයි.

:       3       14

ඔබේ අදහස් එවන්න

දියත

ගසක් කපන්න ගිය අයකු විදුලි සැර වැදී මරුට
2024 නොවැම්බර් මස 30 43 0

හල්දුම්මුල්ල සීලතැන්න ප්‍රදේශයේ දී අවදානම් ලෙස පැවති ගසක් කපා ඉවත් කිරීමට ගිය පුද්ගලයෙකු එම ගස අධිබලැති විදුලි රැහැන්වල පැටලීමෙන් විදුලිසැරවැදී එම


උඩරට මාර්ගයේ දුම්රිය ඇල්ල, නානුඔය හා බණ්ඩාරවෙල දක්වා
2024 නොවැම්බර් මස 30 252 0

මේ වනවිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල , නානුඔය හා බණ්ඩාරවෙල දක්වා දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.


නගර රැසක වායුව සුළු අහිතකර මට්ටමකට
2024 නොවැම්බර් මස 30 852 0

කොළඹ ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින කාලගුණික තත්වය හේතුවෙන් අද (30) දිනය තුල වායු ගුණ තත්ත්ව දර්ශකය 92 - 120ත් අතර අගයක් පැවැතිය හැකි බව ජාතික ගොඩනැගිලි ප


විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 7043 7

සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක මුල් පුටු ගණනාවක් ඉදිරියේදී වෙනස් කිරීමට සාකච්ඡා ආරම්භ වී ඇතැයි වාර්තාව


හිතුමතේ පත් කරපු මැතිසබයේ කමිටු රොත්තක් අහෝසියි
2024 නොවැම්බර් මස 30 3041 2

පසුගිය රජය සමයේදී හිතුමතේ පත් කර ඇතැයි කියන පාර්ලිමේන්තුවේ කමිටු රැසක් අහෝසි කිරීමට හෝ වෙනස් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇ


‘‘කෙහෙළිය කැබිනට්ටුවත් නොමඟ යවලා‘‘
2024 නොවැම්බර් මස 30 2741 23

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පාමින් කැබිනට් මණ්ඩලට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් කැබිනට් මණ්ඩලයේ සාම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 604 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 808 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2237 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site