IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


බටලන්ද වාර්තාවෙන් චෝදනා ලැබූ කට්ටිය මෙන්න..

(සුජිත් හේවාජුලිගේ සහ   අංජුල මහික වීරරත්න)

බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් දේශපාලනඥයන් පොලිස් ප්‍රධානීන් ඇතුළු පහළොස් දෙනෙකුට එරෙහිව එම වධකාගාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් චෝදනා එල්ල වී ඇත.

නීතිඥ විජේදාස ලියනාරච්චි මහතාගේ මරණය සම්බන්ධයෙන්ද බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වී ඇත.

එම කොමිසම හමුවේ සාක්ෂි දුන් හිටපු පොලිස්පති අර්නස්ට් පෙරේරා මහතා පවසන්නේ   1988 අගෝස්තු 31 වැනිදා  නායකයෙකු   දුරකථනයෙන් අමතා නීතිඥ විජයදාස ලියන ආරච්චි කොළඹට ගෙනවිත් භාර දෙන්න ලෙස තමාට දැනුම් දුන් බවයි.

ඒ අනුව ලියනාරච්චි මහතා  කැළණිය ප්‍රදේශයේ කඩ කප්පල්කාරී ක්‍රියා මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂක කුලරත්න මහතා භාරගෙන ඇති බව එහි දැක්වේ.

ඉන් දින දෙකකට පසුව දරුණු තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති විජයදාස ලියන ආරච්චි මහතාගේ හදවත මධ්‍යම රාත්‍රිය ගත වී පැය භාගයකට පසු නතර වී ඇති බව එම වාර්තාවේ සඳහන්වේ.

නීතිඥවරයාගේ ශරීරයේ  මොට ආයුධ  වලින් පහර දීමේ තුවාල දෙසීයකට වැඩි සංඛ්‍යාවක් පැවැති බව  පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ යයිද  එහි දැක්වේ.

මේ සම්බන්ධයෙන් සෘජුවම හෝ අනියම් ලෙස වගකිවයුතු පුද්ගලයන් අතරට  හිටපු නායකයෙකුද  ඇතුළත් බව  බටලන්ද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් වේ.

සිය අමාත්‍ය ධූර බලතල අයුතු ලෙස භාවිත කරමින් පොලිස් නිලධාරීන්ට නිවාස ලබාදීමට නියම කිරීම, බටලන්ද නිවාස සංකීර්ණයේදී පොලිස් නිලධාරීන් කැඳවා රැස්වීම් පැවැත්වීම, පොලිස් රාජකාරියට මැදිහත්වීම සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඊට මැදිහත්වීම නිවාස වල නීති විරෝධී රැඳවුම් මධ්‍යස්ථාන පිහිටුවීම, B2, B8, B34, හා A 1/8 යන නිවාසවල පුද්ගලයන් රඳවා තැබීම සහ වද හිංසනයට ලක් කිරීම  ඉහත පුද්ගලයන්ට  එල්ල වී ඇති සෙසු චෝදනා බව වාර්තාවේ දැක්වේ.

බටලන්ද වධකාගාරය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ, සහකාර පොලිස්  අධිකාරී ඩග්ලස් පීරිස්,ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් වික්‍රමසිංහ, ඇතුළු පොලිස් නිලධාරීන්  පිරිසකට එරෙහිවද    වාර්තාවෙන් චෝදනා එල්ල වී ඇත.

එම කොමිෂන් සභා වාර්තාව නිර්දේශ රැසක්ද  ලබා දී ඇත.

පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිට පිටම උල්ලංඝනය කර ඇති හඳුනාගනු ලබන පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමේ ස්වරූපයෙන් වූ සුදුසු දඬුවම් එම පුද්ගලයන්ට පැනවීමට අවශ්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීම,එහි එක් නිර්දේශයක්. පිටු 6780කින් සමන්විත බටලන්ද කොමිෂන් සභා වාර්තාව 1998 මැයි පස්වෙනිදා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ලබාදී තිබුණත් එහි නිර්දේශ ක්‍රියාත්මක වී නොතිබූ බව සඳහන්වේ.

අල් ජසීරා රූපවාහිනිය රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවෙන් පසු  මෙම වාර්තාව සම්බන්ධයෙන්  මෙරට මෙන්ම විදේශයන්හිද  ආන්දෝලනයක්  ඇතිවිය.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.



අදහස් (2)

බටලන්ද වාර්තාවෙන් චෝදනා ලැබූ කට්ටිය මෙන්න..

ජයනාත් Saturday, 15 March 2025 12:58 PM

එහෙම වුනොත් ඉදිරියට තවත් ඝාතන සිදු වෙයි නේද..? අවධානය පිණිසයි.

:       16       16

Nishan Sunday, 16 March 2025 08:31 AM

ලංකාව කියන්නේ ඉතා දරුණු ත්‍රස්තවාදී සංවිධාන දෙකක ඉතා විනාශකාරී ක්‍රියාවන්ට දශක ගණනාවක් පුරා මුහුණ දුන් රටක්. ඇමරිකා එක්සත් ජනපදය ගොන්තනාමෝ කඳවුරේ අදටත් සිදු කරන මර්දන ක්‍රියා ගැන ලොව පුරා විවේචන තිබුණත් ත්‍රස්තවාදය මර්ධනය මත ඇමරිකාව නීත්‍යානුකූල ආරක්ෂාව ලබාගෙන තියෙනවා. ත්‍රස්තවාදය මර්ධනයේදී එවන් ක්‍රියා සාධාරණීය කෙරෙනවා මොකද ඒ ත්‍රස්තවාදය විසින් මුළු මහත් සිවිල් සමාජයටම කරන්නා වූ විනාශය නිසා. ලංකාව ගත්තම 1971 දී සහ 1987-1989 වකවාණුවල දකුණේ සහ 1983 සිට දශක 3 ක කාලයක් උතුරේ ත්‍රස්තවාදය මර්ධනය වෙනුවෙන් එවැනි දේ ආරක්ෂක අංශ විසින් සිදු කෙරෙන්න ඇති. ඒ වෙනුවෙන් ඊට ඉහල දේශපාලන අධිකාරිය අනිවාර්යෙන් නියෝග දෙන්නත් ඇති. අද අපි ත්‍රස්තවාදය නැති එකේ සාමය, සතුට බුක්ති විඳින්නෙත් ඒ නිසයි.

:       8       24

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කාදිනල්තුමාගෙන් ජනපතිට ඉල්ලීම් ගොන්නක්
2025 අප්‍රේල් මස 21 0 0

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන


සිරි දළදා වන්දනාවේ කාලය වෙනස් කරයි
2025 අප්‍රේල් මස 21 187 0

මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ


පුංචි ඡන්දයේ පැමිණිළි 1,874 ක් දක්වා නගී
2025 අප්‍රේල් මස 21 16 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


අවුරුද්දට අධිවේගි මාර්ගවලින් කෝටි හතරහමාරක ආදායමක්
2025 අප්‍රේල් මස 21 79 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු


ඔස්මන් ඝාතනයට අත්අඩංගුවටපත් අයෙක්ගේ නිවසේ ගිනි අවි-පතුරොම්
2025 අප්‍රේල් මස 21 487 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු


’’වී එයිට් පදින්න ඉඩ දෙන්න’’
2025 අප්‍රේල් මස 21 1072 2

වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 421 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 268 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 423 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site