(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් දේශපාලනඥයන් පොලිස් ප්‍රධානීන් ඇතුළු පහළොස් දෙනෙකුට එරෙහිව එම වධකාගාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් චෝදනා එල්ල වී ඇත.
නීතිඥ විජේදාස ලියනාරච්චි මහතාගේ මරණය සම්බන්ධයෙන්ද බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වී ඇත.
එම කොමිසම හමුවේ සාක්ෂි දුන් හිටපු පොලිස්පති අර්නස්ට් පෙරේරා මහතා පවසන්නේ 1988 අගෝස්තු 31 වැනිදා නායකයෙකු දුරකථනයෙන් අමතා නීතිඥ විජයදාස ලියන ආරච්චි කොළඹට ගෙනවිත් භාර දෙන්න ලෙස තමාට දැනුම් දුන් බවයි.
ඒ අනුව ලියනාරච්චි මහතා කැළණිය ප්‍රදේශයේ කඩ කප්පල්කාරී ක්‍රියා මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂක කුලරත්න මහතා භාරගෙන ඇති බව එහි දැක්වේ.
ඉන් දින දෙකකට පසුව දරුණු තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති විජයදාස ලියන ආරච්චි මහතාගේ හදවත මධ්‍යම රාත්‍රිය ගත වී පැය භාගයකට පසු නතර වී ඇති බව එම වාර්තාවේ සඳහන්වේ.
නීතිඥවරයාගේ ශරීරයේ මොට ආයුධ වලින් පහර දීමේ තුවාල දෙසීයකට වැඩි සංඛ්‍යාවක් පැවැති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ යයිද එහි දැක්වේ.
මේ සම්බන්ධයෙන් සෘජුවම හෝ අනියම් ලෙස වගකිවයුතු පුද්ගලයන් අතරට හිටපු නායකයෙකුද ඇතුළත් බව බටලන්ද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් වේ.
සිය අමාත්‍ය ධූර බලතල අයුතු ලෙස භාවිත කරමින් පොලිස් නිලධාරීන්ට නිවාස ලබාදීමට නියම කිරීම, බටලන්ද නිවාස සංකීර්ණයේදී පොලිස් නිලධාරීන් කැඳවා රැස්වීම් පැවැත්වීම, පොලිස් රාජකාරියට මැදිහත්වීම සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඊට මැදිහත්වීම නිවාස වල නීති විරෝධී රැඳවුම් මධ්‍යස්ථාන පිහිටුවීම, B2, B8, B34, හා A 1/8 යන නිවාසවල පුද්ගලයන් රඳවා තැබීම සහ වද හිංසනයට ලක් කිරීම ඉහත පුද්ගලයන්ට එල්ල වී ඇති සෙසු චෝදනා බව වාර්තාවේ දැක්වේ.
බටලන්ද වධකාගාරය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ, සහකාර පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස්,ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් වික්‍රමසිංහ, ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිවද වාර්තාවෙන් චෝදනා එල්ල වී ඇත.
එම කොමිෂන් සභා වාර්තාව නිර්දේශ රැසක්ද ලබා දී ඇත.
පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිට පිටම උල්ලංඝනය කර ඇති හඳුනාගනු ලබන පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමේ ස්වරූපයෙන් වූ සුදුසු දඬුවම් එම පුද්ගලයන්ට පැනවීමට අවශ්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීම,එහි එක් නිර්දේශයක්. පිටු 6780කින් සමන්විත බටලන්ද කොමිෂන් සභා වාර්තාව 1998 මැයි පස්වෙනිදා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ලබාදී තිබුණත් එහි නිර්දේශ ක්‍රියාත්මක වී නොතිබූ බව සඳහන්වේ.
අල් ජසීරා රූපවාහිනිය රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවෙන් පසු මෙම වාර්තාව සම්බන්ධයෙන් මෙරට මෙන්ම විදේශයන්හිද ආන්දෝලනයක් ඇතිවිය.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.
බිලිවර්ස් ඊස්ටන් චර්ච්හි (ඕතඩොක්ස්) සමාජ සේවා වැඩසටහනේ පියවරක් ලෙස කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ගැබිණි මව්වරුන්ට වියළි ආහාර සහ උපකරණ ද, ප්
පොළොන්නරුව වැලිකන්ද ප්‍රාදේශීය කොට්ඨාසයේ කුරුලුබැද්ද සහ මදුරංගල ප්‍රදේශයේ රෑනෙන් වෙන් වූ අලි පැටව් දෙදෙනකු හමුවී ඇතැයි ගම්වාසීහු පවසති.
කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව මහා නාහිමියන් පිළිගැනීමේ උත්සවයකට යන අතර තුර බලංගොඩ ගොරකගහමඩ මුස්ලිම් පල්ලියට වැඩම ක
අනිවාර්යෙන් නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායම් 6 ක් යොදවා ඇත
පුරාවස්තු වටිනාකමක් ඇති ගණදෙවි පිළිමයක් විකිණීම සදහා බඩඉරිගු බෑගයක සගවා මන්නාරම සිට කොළඹ දක්වා බස් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවකු මුරුක්කන් ප්
බඩෝවිට ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු තියුණු ආයුධකින් තුවාල කර පලාගොස් සිටින වෙලේ සුදාගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් 2
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
බටලන්ද වාර්තාවෙන් චෝදනා ලැබූ කට්ටිය මෙන්න..
ජයනාත් Saturday, 15 March 2025 12:58 PM
එහෙම වුනොත් ඉදිරියට තවත් ඝාතන සිදු වෙයි නේද..? අවධානය පිණිසයි.
Nishan Sunday, 16 March 2025 08:31 AM
ලංකාව කියන්නේ ඉතා දරුණු ත්‍රස්තවාදී සංවිධාන දෙකක ඉතා විනාශකාරී ක්‍රියාවන්ට දශක ගණනාවක් පුරා මුහුණ දුන් රටක්. ඇමරිකා එක්සත් ජනපදය ගොන්තනාමෝ කඳවුරේ අදටත් සිදු කරන මර්දන ක්‍රියා ගැන ලොව පුරා විවේචන තිබුණත් ත්‍රස්තවාදය මර්ධනය මත ඇමරිකාව නීත්‍යානුකූල ආරක්ෂාව ලබාගෙන තියෙනවා. ත්‍රස්තවාදය මර්ධනයේදී එවන් ක්‍රියා සාධාරණීය කෙරෙනවා මොකද ඒ ත්‍රස්තවාදය විසින් මුළු මහත් සිවිල් සමාජයටම කරන්නා වූ විනාශය නිසා. ලංකාව ගත්තම 1971 දී සහ 1987-1989 වකවාණුවල දකුණේ සහ 1983 සිට දශක 3 ක කාලයක් උතුරේ ත්‍රස්තවාදය මර්ධනය වෙනුවෙන් එවැනි දේ ආරක්ෂක අංශ විසින් සිදු කෙරෙන්න ඇති. ඒ වෙනුවෙන් ඊට ඉහල දේශපාලන අධිකාරිය අනිවාර්යෙන් නියෝග දෙන්නත් ඇති. අද අපි ත්‍රස්තවාදය නැති එකේ සාමය, සතුට බුක්ති විඳින්නෙත් ඒ නිසයි.