IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


“බඩු මිල ඉහල යන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේ’’

(අංජුල මහික වීරරත්න)

අද ලංකාවෙි බඩු මිල ඉහල යන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 

මිල පාලන දෙපාර්තමේන්තුවට රාජකාරි නිසිලෙස කිරීමට නම් රජයට මිල පාලනය ගැන ප්‍රතිපත්තියක් තිබිය යුතු බව කී වජිර අබෙිවර්ධන මහතා භාණ්ඩ මිල පාලනයක් නැති  තත්ත්වය දිගටම තිබුනොත් ලබන වසරේ අගෝස්තු වනවිට රට නැවත ගොඩගත නොහැකි ඛේදනීය තැනකට තල්ලු වීම වැලැක්විය නොහැකි බවද සඳහන් කළේය.

ගොවිතැනට හානි වූ විට ගොවියාට සල්ලි දුන්නා කියා ප්‍රශ්නය විසඳන්න නොහැකි යැයි ද දැන් ගොවියාට තම පරිභෝජනය සඳහා ගන්න සීනි, පිටි, ගෑස් පවා නැතැයි ද  තියෙන ඒවාත් බොහෝමයක මිල ශීඝ්‍රයෙන්  ඉහල ගොස්  රට සම්පූර්ණයෙන්ම අර්බුදයකට ගමන් කරමින් තිබෙන බවද වජිර අබෙිවර්ධන මහතා සඳහන් කළේය.



අදහස් (17)

“බඩු මිල ඉහල යන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේ’’

Raveendra Thursday, 04 November 2021 10:31 AM

අනේ අම්මපා පුදුම ආදරයක්නේ මහජනතාව ගැන මේ දැන් පෙන්වන්නේ... ඊළගට "දියවනාව පට්ටියට තෝරන්න පවත්වන මහා පොරයේදී" අපි ඔය ඔක්කොම තෝරලා යවන්නම් හොදේ..... එතකොට අපිට නිකං කන්න දෙනවා නේද , මහජන මුදලින් පිනට ගිලිනවා වගේ.....

:       13       13

අනේ මන්ද Thursday, 04 November 2021 11:18 AM

මොනවා උනත් 2019 වෙනකම් මේ රටේ මිනිස්සු හොඳට හිටියා. චෝදනාව තිබ්බේ පාස්කු ප්‍රහාරයයි මහ බැංකුවයි විතරයි. ඒ චෝදනා කරපු අයයි වගකිවයුතු අයයි දැන් ඉන්නේ කාගේ පැත්තේද? රවීන්ද්‍ර කාටද කඩේ යන්නේ කියල මේකේ හැමෝම දන්නවා. පාර්ලිමේන්තුවේ ඔක්කොම රූකඩයෝ 20 වෙනි සංශෝධනයෙන් පස්සේ. ඔක්කොම පාලනය කරන්නේ 225 පාලනය කරන ලොක්කා සහ එයාගේ ජාවාරම් කාරයෝ ටික. ඇයි බයද ඒ ගැන කතා කරන්න? ලොක්ක සහ එයාගේ පවුල පත විදිහට ෆේල් කියල පුලුවන්නම් එඩිතරව කියන්න. එයාට යුද්ද කරන්නත් බැහැ රට කරන්නත් බැහැ. ගිය තැනකින් ආපහු ලංකාවට ආවේ නැත්තම් ඒක තමයි ලංකාවට කරන්න පුළුවන් ලොකුම යුතුකම මේ වෙලාවේ හැටියට.

:       4       12

සුරලොව ඇල්මන්Thursday, 04 November 2021 12:03 PM

ඇයි මෙයා ඇවන්ගාඩ් සිද්ධියෙදි කටයුතු කල ආකරයත් යහපාලනය පෙරලීමට හේතු වුනා.කියලා අමතකද

:       0       12

Hafeel Thursday, 04 November 2021 03:02 PM

ඒක නේ. මෙයාගේ ඇවන්ගාර්ඩ් ලොක්කට කියලා ජනතාවට සහන අරන් දෙන්න බැරි?

:       0       1

Danushka Thursday, 04 November 2021 11:23 AM

මේ කියලා තියෙන්නෙ කවදාවත් සරුංගලයක් නොඇරපු එකෙක්. නූල කැඩුණාම සරුංගලේ උඩ යන්නෙ නෑ. ගහගෙන ගිහිල්ලා බිම වැටෙනවා.

:       0       12

Hafeel Thursday, 04 November 2021 11:33 AM

ජාත්‍යන්තරය දිනාගත්තු කියන ඔයාගේ ආර්ථික ඔස්තාර් රනිල්ට කියල මොකක් හරි කරන්න බැරිද? ආණ්ඩුවට උපදෙස් දෙන්න නේ ඔහුව පාර්ලිමේන්තුවට යවල තියන්නේ.

:       2       9

latha Thursday, 04 November 2021 11:34 AM

මම දන්නා විදියට නම් නූල කැඩුණු සරුංගල් උද යන්නේ නැහැ .පහලට යනවා මිසක්

:       1       9

මසිරිපාලThursday, 04 November 2021 02:09 PM

සරුංගලය (ලංකාව ) ලක්ෂ 69 ක් එක්ව උඩ යැව්වෙ 2019 හා 2020 දී උඩදී නූල කැඩුනම මොකෑ වෙන්නෙ හිතන්න බැහැ බිමදි නූල කැඩුනම ප්‍රශ්නයක් නැහැ උඩ යවල කැඩිච්චි එකයි ප්‍රශ්නෙ

:       0       4

Gunda Thursday, 04 November 2021 11:42 AM

උපමාව නම් හොඳයි.

:       5       4

RaveendraThursday, 04 November 2021 03:04 PM

අපේ මේ වජිර මල්ලි ඇත්තම තමයි කියල තියෙන්නේ. මිනිහත් හරිම අමාරුවෙන්නේ එදාවේල හොයාගන්නේ. "පාන් කාලක් ප්ලේන්ටි එකක පොගවා ගෙන කාලනේ" දවස ගෙවාගන්නේ.. අපි බොරු සදහන් කරනවා නම් පාඨක සැමට මේ අහිංසකයාගේ රුපකායෙන්ම තේරෙනවනේ මිනිහට ආහාර අහේනියක් උපරිමයෙන් තිබෙන බවත් මන්දපෝෂණ ලක්ෂනත් පෙන්වන බවත්.

:       2       2

දාස Thursday, 04 November 2021 12:09 PM

අර අවංක මනුස්සය අමාරුවෙ දාන්න අර ඇවන්ගාඩ් තක්කඩියට උදව්.කලා ට ඔය උන්නැහේට මොනවද ලැබුනෙ

:       0       10

Prdeep Thursday, 04 November 2021 12:26 PM

නුල කැඩුනම සරුංගලය පහලට එනවා කියලා දන්නේ නෑ.

:       0       7

BamunuarachchiFriday, 05 November 2021 08:57 AM

ඒයා ලෝකේ දිහා බලන්නේ ඔලුවෙන් හිටගෙන

:       0       0

Gaban Singno = Galla Thursday, 04 November 2021 03:52 PM

මෙයා සරුංගල් ඇරලා නෑ.

:       0       1

Surain Thursday, 04 November 2021 06:19 PM

නූල කැඩුණාම සරුංගලේ යන්නේ පහළට... ඒකවත් දන්නේ නැති කෙනෙක්...

:       1       0

Bamunuarachchi Thursday, 04 November 2021 08:24 PM

ඕක කියන්න දෙයක්ද හලෝ? මම ගේ හදනකොට වැලි කියුබ් එක ගත්තේ රුපියල් 35ට... සිමෙන්ති කෝට්ටේ රුපියල් 15යි. අද වැලි කියුබ් එක රුපියල් 17000 සිමෙන්ති කොට්ටේ රුපියල් එක්දහස් ගණනක්. ඒ මිල වැඩි වුනේ රාජපක්ෂලා හින්දද? කටාර් වලදී මම සිගරට් පැකට් එක ගත්තේ රියාල් 2... අද රියල් 16 රුපියල් 640 යි. ඔහෙලට බලය ලැබුනොත් මිල අඩුකරනවාද? කරයි බම්බුවක්...!

:       1       1

BamunuarachchiFriday, 05 November 2021 08:55 AM

එදා බනිස් ගෙඩිය සත 10 යි පාන් රාත්තල සත 25 අද බනිස් ගෙඩිය රු 40 යි පාන් රාත්තල රු 80. රාජපක්ෂලද වගකියන්න ඕනේ?

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 17 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1331 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 472 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1417 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 157 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 968 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site