IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


බඩු මිල ඉහළ ගිය සතුටට කළුතර නගර මන්ත්‍රීහු කිරිබත් කති

(සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)

ගෑස් මිල හා බඩු මිල වැඩිවීම සම්බන්ධයෙන් සතුට පළ කරමින් කළුතර නගර සභා එජාප මන්ත්‍රිවරු අද පැවැති කළුතර නගර සභා මාසික රැස්වීමේදී  කිරිබත් කමින් හා කිරිබත් බෙදා දෙමින් සතුට පළ කළහ.

සභාපති අමීර් නසීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර නගර සභා ශාලාවේදී මෙම රැස්වීම  පැවැත්විණි.

රැස්වීම අතරවාරයේදී  එජාප නාගරික මන්ත්‍රීවරන් වන සුරංග සොයිසා, ජයනාත් නවරත්න සහ නිරෝෂා ප්‍රියංකා සිල්වා  යන මහත්ම මහත්මීහු  රැස්වීමට සහභාගී වෙමින් සිටි පිරිසර කිරිබත් පිළිගැන් වූහ.

 



අදහස් (25)

බඩු මිල ඉහළ ගිය සතුටට කළුතර නගර මන්ත්‍රීහු කිරිබත් කති

අතුල බණ්ඩාර Tuesday, 12 October 2021 05:04 PM

මේවගේ කාලකණ්ණි අවස්ථාවාදී හැත්තක් මේ තුන් ලෝකෙවත් නැතිව ඇත. අවස්ථාවාදියන් බඩු මිල ඉහළ ගියාම දුක් විඳින්නේ ජාති ආගම්, පක්ෂ භේදයකින් තොරව අපි හැමෝමයි. මේක තේරුම් ගන්න බැරි නූගත් පිරිසක් ප්‍රදේශ පාලනය කරන කොට රටට දෙයියන්ගේම පිහිටයි. තමන්ගේ විරුද්ධවාදීන්ට කරදරයක් වෙන කොට ඒකට සතුටුවෙන ජාතියක්. ජයකදී කිරිබත් කනවා. නමුත් කරදරයකදී කිරිබත් කෑම නින්දිතයි...

:       71       43

Nihal Tuesday, 12 October 2021 06:32 PM

රටේම ජනතාව කරදර විඳින විට ඒ මිනිස්සුන්ගේ බදු සල්ලි හොරා කන එක ශ්‍රේෂ්ඨයිද?

:       11       67

ShafTuesday, 12 October 2021 06:34 PM

අනේ යන්න අතුල.. තමන්ගේ විරුද්ධවාදීන්ට කරදරයක් කොහෙද වුණේ... උන් රටේ සල්ලි ටික පොත්වල දාගත්තා. රටේ සල්ලි නැතිනිසා දැන් බඩුමිල වැඩිකරනවා. දැන්වත් කඩේ යන එක නවත්වන්න...

:       15       68

AN IshanWednesday, 13 October 2021 10:05 AM

එ.ජා.ප කියපු ගමන් බයි පීපල්ස් ල ෆෝම් වෙලා.. එජාපය කියන්නෙත් පෙහොට්ටුවට හොර පාරෙන් කඩේ යන කට්ටියක් තමයි. පවතින රජය ගැන ජනතාව තුළ තිඛෙන අප්‍රසාදය වෙනතකට යොමු කරවීමට කරපු උත්සාහයක් හැටියටයි මා දකින්නේ. පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය උතුමාණන්ව බලයට රැගෙන ඒමට එජාප නායක රනිල් වි්‍රමසිංහ මැදමුලන වලව්වේ මහින්ද රාජපක‍ෂ හාමුට ඉතා විශාල සහයෝගයක් ලබා දුන් බව බුද්ධිමත් ජනතාව දන්නා ප්‍රසිද්ධ රහසකි.

:       1       4

Raveendra Tuesday, 12 October 2021 05:16 PM

මෙම සිදුවීම දෙස කාරුණිකව, මධ්‍යස්ථව සියලුම ලක්වාසීන්ට දැකීමට හැකි වේවා... ලාංකිකයන් කිසිදා කෙනෙකු කරදරයේ වැටුණු විට සතුටුවණ ජාතියක් නොවන බව අප කවුරුත් දන්නා කාරණයකි. එනමුත් මුළු රටම අපහසුතාවයට පත්ව සිටින මේ මොහොතේ මේ "කාලකන්ණි පර බල්ලන්" ඒ පිළිබඳව සතුට ප්‍රකාශකිරිම කොතරම් කණගාටු දායකද? මේ නොකියා කියන්නේ අපි පට්ටියේ බලයේ හිටියා නම් මේ කිසි අඩුපාඩුවක් නැහැ යන්න නොවේද? "මී හරකුන් අශූචි වලට වැටෙනකොට වල් ඌරන්ට ජයමගුල්" යන කියමන මෙම වල් ඌරන්ට මනා ලෙස ගැලපෙනවා නොවේද? මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව මොවුන්ට කියවීමට හැකි වේවා...!!! කෙනෙකු කරදරයේ වැටුණුවිට සතුටු වෙන්නේ "පර බල්ලන්" බව අප නැවතත් සඳහන් කරන්නෙමු.

:       50       36

nimalTuesday, 12 October 2021 07:10 PM

කුණුවූ ලංකා දේශපාලනයේ තවත් පැතිකඩක්...

:       0       33

NuwanWednesday, 13 October 2021 03:33 AM

මෙයාලා කිරිබත් කන්නේ ඊළඟ ඡන්දෙදී තමන් දිනනවා.. අනිවාර්යයෙන් කියලා හිතලනේ. අම්මේ ඒ සතුට. නමුත් ඔය ඩොලර් හිඟය... වෙළෙඳ මාෆියාව නවත්තන්න මෙයාලා ගාව තියන විසඳුම මොකක්ද කියලා අහමුකො බලන්න? අදාල නෑ කියයි.

:       0       0

SUNIL MILANO Tuesday, 12 October 2021 05:18 PM

ක්‍රෝටන් කොළ ටිකක් කන්න දුන්නා නම් හරි.. මැටි මෝල්ලු...

:       46       38

fairoosTuesday, 12 October 2021 06:10 PM

එජාපයේ හින්දද ක්‍රෝටන් කොළ? දැන් පොහොට්ටුවන්ට කන්න පිදුරුත් නැහැලු...

:       15       50

ගමේ එකාලා Tuesday, 12 October 2021 05:57 PM

දුප්පත් මහජනතාවට කරකියා ගන්න දෙයක් නැහැ... පුදුම මිනිස්සු ටිකක්, හරි නම් පුන්නක්කු.... දෙන්නයි වටින්නේ....

:       8       28

amila Tuesday, 12 October 2021 06:19 PM

ජවිපෙ එකට දුන්නත්, එජාපයට ඡන්දෙ දෙන්න එපා... මෙච්චර වසංගතයක් වෙලාවේත් මේගොල්ලන්ට ජනතාවගේ අපහසුවන් දැක්කාම හරි ජොලි...!!! 

:       32       27

lanka Tuesday, 12 October 2021 06:21 PM

බඩුමිල වැඩිවෙන එකට කවුරුත් සතුටු වෙන්නේ නෑ. මේ රජය බලයට පත් වුණු වෙලාවේ හන්දියක් හන්දියක් ගානේ කිරිබත් හදලා කාපු එකට උපහාසයක් විදිහටයි මේ පේන්න තියෙන්නේ...

:       10       61

NuwanWednesday, 13 October 2021 10:38 AM

සහතික ඇත්ත උපහාසය තේරුම් ගන්න බැරි අය මෙතන අදහස් දමනවා.

:       1       3

සේනක~ඉතාලිය Tuesday, 12 October 2021 06:34 PM

ඡන්ද දායකයෝ, ගොබ්බයෝ වුණාම, මේ අය නටලා බල්ටිත් ගහනවා. පාතාල මැරයින්, කසිප්පු කාරයින්, කුඩුකාරයින් බලයට ආවාම ඔහොම වෙන එක අහන්න දෙයක් නැහැ...

:       3       31

Kuma Tuesday, 12 October 2021 06:35 PM

පොහොට්ටුවේ අය මෙය දකින්නේ මිල ගණන් වැඩි වූ නිසා සතුටට කිරිබත් කන අවස්ථාවක් හැටියට. විපක්ෂ අය මෙය දකින්නේ මිල වැඩි වූ විට දක්වන සරදමක් හැටියටයි. එක එක කණ්ණාඩියට එක එක පෙනීම්...

:       8       41

චන්දන Tuesday, 12 October 2021 06:49 PM

මෙයාලා හැසිරෙන්නේ එයාලගේ කාලේ බඩු මිල අඩුකරලා සහන දුන්නා වගේ... ඔය කවුරුත් එකයි. බල ලෝභය විතරයි තියෙන්නේ.

:       23       23

කුමාරි Tuesday, 12 October 2021 07:25 PM

ඔය තමයි රනිල්ගේ සහ ලක්ෂ්මන් විජේමාන්න යන යූඑන්පී ලොක්කන්ගේ ගෝලයෝ. අමීර් නසිර් තමයි කළුතර බෝධිය පෙනි පෙනී ස්ථිර ගව ඝාතකාගාරය කළුතරට ගේන්නේ. කළුතර නගර සභාව, මහනගර සභාවක් කරන්න නොදෙන්නේත් මේ ගොල්ලො තමයි. මොකද එහෙම කළාම මෙයාලාගේ බලය අඩු වෙන නිසා. මහ තුච්ඡ මිනිසුන් රැළක්. මිනිස්සුන්ගේ දුකට සරදම් කරන්න කිරිබත් කන මේ අයට බඩ යන්න ඕනෑ උන්හිටි තැන්වලම....

:       17       20

An IshanWednesday, 13 October 2021 10:19 AM

රනිල් වික්‍රමසිංහ තමයි රාජපක්ෂවරුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් තිරය පිටුපස සිටගෙන නිහ`ඩ සේවයක් කළ අදෘශ්‍යමාන හස්තය.

:       1       2

SUNIL MILANO Tuesday, 12 October 2021 07:32 PM

ඇයි ෆයිරූස් මැරිලා ඉපදිලා වගේ... යහපාලනේ කාලේ කොහෙද දන්නේ නැහැ හිටියේ..? අමතකද ක්‍රෝටන් කොළ කන්න කිව්වා....!!!

:       10       17

Rohana Tuesday, 12 October 2021 10:54 PM

ජයග්‍රහණය හෝ පරාජය නිහඬව භුක්ති වින්දානම් දැන් හොඳයි කියා සිතෙන්නේ නැද්ද? තමන් ඡන්දය දුන් පක්ෂය ජයග්‍රහනය කළවිට පරාජිතයින්ට ඔලොක්කුවට මහමග නටනටා... කිරිබත් කෑමේ ප්‍රතිඵලය වුනේ බඩුමිල ඉහළගිය අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් විපක්ෂ මත දරන අයත්, එම ආදර්ශය ඔවුන්ට පෙන්වීමට උත්සාහ දැරීමකි. නමුත් මෙය යහපත් ක්‍රියාවක් නොවන බව ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත.

:       0       0

Royfedricks Wednesday, 13 October 2021 12:33 AM

මේ අමනයෝ බලයට ආවොත් කුමක් සිදුවෙයිද? මිනිස්සු අමරුවේ වැටිලා ඉන්න මොහොතේ විහිලු කරනවා. මුන් හැමදෙනාම හොඳ හැටි හම්බකරගත් චව්‍ර්‍රයෝ.අඩු තරමින් රන්ජන් හා තෙවරප්පෙරුම කලා වගේ ආහාර එකතු කර දුප්පතුන්ට බෙදා හැරිය නොහැකිද?

:       0       0

swene Wednesday, 13 October 2021 06:25 AM

රෙදි සලාකයට දුන්නහම දහනායක මහත්තය ප්‍රතිචාර දැක්වුයේ අමුඩයකින් . ඒවා වත් ඉගෙන ගෙන නැති දේශපාලකයෝ

:       1       2

නාමරත්න Wednesday, 13 October 2021 07:38 AM

ක්‍රෝටන් කොල නෙමේ තණ කොක කවන්න ඕනේ ඒ කාල බඩු මිලයි මේ කාලෙ බඩු මිලයි බලන්න. ඒ කාලේ පෝලිම් තිබ්බෙ නෑ. කවුදෝ කෙනෙක් ක්‍රෝටන් කොල ගුනයි කිව්වට සාගතයක් තිබ්බද?

:       1       2

යසස්‌ Wednesday, 13 October 2021 09:12 AM

බඩුමිල වැඩිවෙන එකට කවුරුත් සතුටු වෙන්නේ නෑ. මේ රජය බලයට පත්වුණු වෙලාවේ හන්දියක්, හන්දියක් ගානේ කිරිබත් හදලා කාපු එකට උපහාසයක්…

:       1       4

siran Wednesday, 13 October 2021 09:26 AM

ජීවිත කාලයේදී දුටු අප්‍රසන්නම දසුනක්... ඒ සම්බන්ධව රජයට බුද්ධිමත් විසඳුමක් දීම සමග විරෝධයක් පෑම විනා මෙවන් දේට පෙලඹෙන අය කෙරෙහි බලවත් පිළිකුලක් දැනේ...

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 762 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 598 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 754 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5714 29

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2095 6

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 807 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 325 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 610 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1757 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site