IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘‘බඩගින්නට කන බත් පතටත් වැට් ගහලා‘‘

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

සැප්තැම්බර් 21 වැනිදායින් පසු බිහි වන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ජල හා විදුලි හා ඉන්ධන මිල ගණන් අඩු කරනවා. ආහාර, ඖෂධ,රසායනාගාර පරීක්ෂණ හා පාසල් උපකරණ වැට් බද්දෙන් නිදහස් කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක හා ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද මාතර දී පැවසීය.

මාතර උයන්වත්ත ක්‍රිඩාංගනය පිටත පැවති ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් ප්‍රචාරක රැලියේ දී ඔහු ඒ බව කීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වු දිසානායක මහතා මෙසේද කීය.

“සැප්තැම්බර් මස 21 වැනිදා ජනාධිපතිවරණ ඡන්දේ තිබෙනවා. මෙතන ඉන්න බොහෝ දෙනෙක් මීට පෙර මැතිවරණ දැකලා තිබෙනවා. ආණ්ඩු හදලා තියෙනවා. ආණ්ඩු පෙරලලා තියෙනවා. ඒත් ලංකා ඉතිහාසයේ වෙනස්ම මැතිවරණයක් තියෙන්නේ මෙවරයි. අද මාතර නගරය පුරවන්න තරම් ජනකායක් මෙතනට ඇවිත් තිබෙනවා. වැසි සහිත කාලගුණික තත්වය නොතකමින් ඔවුන් ඇවිත් ඉන්නවා. මේ තුලින් පැහැදිලියි සැප්තැම්බර් 21 අපේ ජයග්‍රහණය සහතිකයි කියලා. මේ සතියේ සිදු වු සිදුවීම්වලින් පවා පේනවා අපේ ජයග්‍රහණය ස්ථිරයි කියලා. ඇති තරම් මේ රටේ ආණ්ඩු හදලා තියෙනවා.නායකයෝ පත් කරලා තියෙනවා.ඒත් අපි එන්නේ කඩා වැටුණු රට ගොඩ නගන්නයි.

අපරාධ හා මත්ද්‍රව්‍ය වලින් පිරුණු රටක්. ගත්තු ණය ගෙවා ගත නොහැකි රටක්. දරුවන්ට ජීවත වෙන්න බැරි රටක්. ගොවි ජනතාවට ගොවිතැන කර ගන්න බැරි රටක්. ධීවර ජනතාවට ධීවර රැකියාව කර ගන්න බැරි රටක්. ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර කර ගන්න බැරි රටක්. කෙටියෙන්ම කීවොත් අපිට ලැබෙන්නේ හපයක් වු රටක්. හපයක් වු විනාශ වු කඩා වැටුණු රටක් තමයි තමයි අපිට ලැබෙන්නේ. එවැනි රටක් තමයි අපි මේ ගොඩ නගන්න ඉල්ලන්නේ.

පලමුවම මේ දේශපාලන පොර පිටිය සුද්ද කරන්න ඕන.මේක මහ කැත දේශපාලනයක්.2019 ඩලස්ගේ පොහොට්ටු වේදිකාවේ කතාව අහන්න.අද ඔහුගේ අකුරැස්සේ සජිත් ගේ වේදිකාවේ කතාව අහන්න. එදා සජිත්ට බැන්නා. අද සජිත් ගේ හොද කියනවා. එහෙම කියන්න එක්කෝ ඩලස් මැරිලා ඉපදෙන්න ඕන. එහෙම නැත්නම් අපි මැරිලා ඉපදෙන්න ඕන. මේ මොකද කරන්නේ ඊලග පාර පාර්ලිමේන්තුවට පැන ගන්න හදන්නේ. රාජිත සේනාරත්නත් ඒ වගේ තමා. 87 ඉදන් එහාට මෙහාට පනිනවා. මම හිතුවා කවදහරි එහාට මෙහාට පැනලා පාර්ලිමේන්තුවේ දී කකුල පැටලිලා වැටෙයිද දන්නේ නෑ කියලා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ එහාට මෙහාට පැන්නොත් මන්ත්‍රීකම ඉවරයි.

ඒ වගේම සියලු දෙනා නීතියට යටත් කරනවා. හැමෝටම නීතිය සමානයි. නීතිය ඉදිරියේ සියලුම දෙනා සමාන කරනවා අද අපේ රටේ දේශපාලඥයින් නීතියට යටත් නෑ. එහෙම යටත් වුනා නම් ප්‍රසන්න රණතුංග ඇමතිධුර දරන්න විදියක් නෑ. චොකා මල්ලි පාර්ලිමේන්තුවට එන්න විදියක් නෑ.සල්ලි තියෙනවද නැද්ද ?බලය තියෙනවද නැද්ද ? අදාල නෑ.හැමෝටම නීතිය එක සමානව ක්‍රියාත්මක කරනවා.

ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදලා පාර්ලිමේන්තුවට එන්න ජනාධිපති එන විට ගිලන් රථයක් එකක් එනවා. අගමැතිටත් එහෙමයි. මහින්ද රාජපක්ෂටත් එහෙමයි. මේ ගම්වල ඉස්පිරිතාලවල එක ගිලන් රථ එකක් නැතිව තීබෙනවා. ඔවුන්ට වෙනම වරප්‍රසාද දීලා. අපේ ආණාඩුවක් යටතේ එවැනි වරප්‍රසාද කිසිවක් දෙන්නේ නෑ.

ඒ වගේම අපි පිහීටුවන ආණ්ඩුවේ කැබිනට් ඇමති ධුර 25 ට අඩුයි. රාජ්‍ය ඇමතිධුර කියලා එකක් නෑ. කැබිනට් ඇමතිධුරවලට සරිලන විදියට නියෝජ්‍ය ඇමතිධුර දෙනවා. එච්චරයි. ඒකත් හදන්නේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් විදියට විතරයි. ඒත් කිසිම විටක රනිල්ට හෝ සජිත්ට ඇමති මණ්ඩලය කීයද කියලා හරියට කියන්න බෑ. ඒ ගොල්ලොන්ගේ අසූවකට වැඩි වෙනවා.

ඩලස් වුනත් අපෙන් තට්ටු කරලා ඇහුවා එන්නද කියලා. අපි ඇතුලට ගත්තේ නෑ. එහාට මෙහාට පනින දේශපාලනයක් අපිට වැඩක් නෑ. පොහෝට්ටුවේ වේවා එක්සත් ජාතික පක්ෂයේ වේවා නිදහස් පක්ෂයේ වේවා ජනතාවට අපේ දොර විවෘතයි.

ඒ වගේම විදුලි බිල ඉන්ධන මිල ගණන් වැඩියි. ඉන්ධන මිල සියයට 15 ක් විතර අඩු කරන්න පුලුවන්. ඒ සදහා අවශ්‍ය ක්‍රමවේද සකස් කොට අපි විදුලි ,ජල හා ඉන්ධන මිල ගණන් අඩු කරනවා.

බඩගින්නට කන ආහාර වලටත් වැට් එක ගහනවා. ඖෂධ වලට හා සෞඛ්‍ය පරීක්ෂණ වලට වැට් එක ගහනවා.පාසල් දරුවන්ගේ අධ්‍යාපන උපකරණ වලට වැට් එක ගහනවා. අපේ ආණ්ඩුවක් යටතේ ඒ සිල්ලම වැට් බද්දෙන් නිදහස් කරනවා.  එතකොට කොහෙන්ද සල්ලි හොයන්නේ. බිලියන ගණන් බදු නොගෙවපු අරක්කු මුදලාලිලා කිහිප දෙනෙක් ඉන්නවා. අර්ජන ඇලෝෂියස් ,ජෝන්ස්ටන් ප්‍රනාන්දු ලට අරක්කු ෆැක්ටරි තිබෙනවා. ඔවුන් නොගෙවන ලද බදු මුදල් රජයට නැවත අය කර ගන්නවා.

මෙච්චර කල් වුණේ ජනතාවගේ ඡන්දෙන් ඇවිත් පාලකයෝ හැදෙන එක. රට දුප්පත් වෙනවා. ජනතාව දුප්පත වෙනවා.පාලකයෝ පොහොසත් වෙනවා. ඉතිහාසයේ පලමු වතාවට වංචාව දූෂණය නාස්තිය තුරන් කරලා ජනතාව පොහොසත් කරන ආණ්ඩුවක් අපි නිර්මාණය කරනවා.මේ ජනතාවගේ ඇණ්ඩුවක් පලමු වතාවට අපි ගොඩ නගනවා.

 



අදහස් (7)

‘‘බඩගින්නට කන බත් පතටත් වැට් ගහලා‘‘

Gamini Saturday, 17 August 2024 10:54 PM

අම්මෝ මාතර ඉන්න ගාන දැක්කාම ලංකාවට කිරිපිටි ආනයනය ගැන පුදුමයි...!

:       0       0

සෞදි-සිංහ Saturday, 17 August 2024 11:15 PM

මේ මාතර අවට මිනිස්සු විතරයි හොඳේ...

:       0       0

sunimal Sunday, 18 August 2024 03:53 AM

VAT කියන්නේ එකතුකළ අගය මත අයකරන බද්දක්. තරු පන්තියේ හෝටලයකින් කෑවත් ඔය බද්ද අයකරනවා. ලෝකේ කොහෙත් තත්වය ඕකයි. ලෝකේ වටේ ඇවිදින ඔහේ මේ බදු ක්‍රමය ගැන නොදන්නවා නෙවෙයිනේ. බත් පැකට් එක විතරක් නෙවෙයි.. කීල්ස් එකෙන් ගන්න කරවල කෑල්ල ගන්නෙත් බඩගින්නට කන්න මිසක් ප්‍රදර්ශනයට තියන්න නෙවෙයිනේ. ඔහෙලා කරන්නේ ගැලරි දේශපාලනයක් මගින් මිනිස්සු රැවටීම. ඒකනේ ඔහේ branded කමිස ඇඳලා නලින් හේවගේගේ කුස්සියේ ඉටිකොළ ගහලා තියෙනවා මිනිස්සුන්ට පෙන්වන්නේ...

:       0       0

Nishan Sunday, 18 August 2024 04:50 AM

ඔබලාට නම් කෑම බීම විතරක් නෙවෙයි ඇඳුම්, ආයිත්තම්, ගුවන් ටිකට්පත් ඔක්කෝම පිනට ලැබෙනවනේ. කිසි වියදමක් නෑ. අපි තමයි බදු ගෙවලා රටේ ආර්ථිකේට දායක වෙන්නේ. අපි පිනට කන්න ආස නෑ. ඒ ගැන අපි ආඩම්බරයි.

:       0       0

Lalla Sunday, 18 August 2024 09:59 AM

බදු නොගෙන රට පවත්වාගෙන යන ක්‍රම පැහැදිලි කරන්න පුලුවන්ද?.

:       0       0

Nishan Sunday, 18 August 2024 02:38 PM

මුළු දිස්ත්‍රික්කෙම බස් දාලා ගෙනල්ලත් මෙච්චර නම් මෙතන 15000 ක් නෑ. සෙනග පෙන්වීමේ රෝගය තවම සනීප වෙලා නෑ වගේ.

:       0       0

Kumar Sunday, 18 August 2024 07:48 PM

එක්සත් ජනපදයේ සහ කැලිෆෝනියාවේ ආහාර සඳහා මිල පාලනයක් නැත, ආහාර මත වැට් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 2 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 458 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 462 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 3833 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 944 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 2320 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21125 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20394 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 319 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 167 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site