IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බණ්ඩාරවෙල සිසු නායකයා කොළඹට ගෙන්නා පහරදීලා

(රෝෂන් තුෂාර)

පාසලේදී ලබා දුන් උපදේශයකට උරනව ශිෂ්‍ය නායකයෙකුට කොළඹට ගෙන්වා දැඩි ලෙස පහරදී එම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයට මුදාහළ බණ්ඩාරවෙල ප්‍රධාන පාසලක ශිෂ්‍යයින් තිදෙනෙකුට ඇප නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ළමුන් සම්බන්ධයෙන් පූර්ණ පරිවාස වාර්තාවක් කැඳවන ලෙසට පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට නියෝග කරමින් අද  (29) දන්වා සිටියේය.

"ළමයි ගහ ගැනීම සාමාන්‍යයි. එහෙත් දැඩි ලෙස පහරදී එය වීඩියෝ කර සමාජ මාධ්‍යයට දැමීම විමර්ශනයක් කළ යුතුයි. එම නිසා වහාම පූර්ණ  පරිවාස වාර්තාවක් කැඳවන්න නියෝග කරනවා." යනුවෙන් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

කොළඹ ගුණසිංහපුර, සාංචි ආරච්චි වත්ත සහ සෙබස්තියන්පුර පදිංචි සැකකාර සිසුන් කෙසෙල්වත්ව පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝග නිකුත්  කළේය.

මෙම බලවයස්කාර සිසුන් තිදෙනා බණ්ඩාරවෙල ප්‍රධාන පාසලක  ඉගෙනුම ලබන බවත්,පාසලේ දී යම් සිද්ධියකට උපදෙස් ලබා දුන් පැමිණිලිකාර ශිෂ්‍ය නායකයාට දුරකථනයෙන් කතාකොට කොළඹට ගෙන්වා මිහිඳු මාවත ආසන්නයේදී දැඩි ලෙස පහරදෙමින් එය සමාජ මාධ්‍යයට යොමු කර ඇති බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

මීට දින කීපයකට පෙර පාර කෑමෙන් ගෙල ප්‍රදේශය හා හිස ප්‍රදේශයට සිදු වූ තැලීම්වලට ප්‍රතිකාර ලැබූ ශිෂ්‍යයා අද උදෑසන රෝහලින් පිටවූ බවත්,වෛද්‍ය වාර්තාවක් කැඳවා ඇති බවත් පැවසීය.ශිෂයින් පරිවාස භාරයට පමුණුවන ලෙසද ඉල්ලා සිටියේය.

බාල වයස්කාර ශිෂ්‍යයින්ට ඇප ලබා දෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මේරි ඩික්මන් මහත්මිය ඉල්ලා සිටියාය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්  සැකකරුවන්  බලවයිස්කාරයින් වන හෙයින්  ඇප මත මුදා හැර පූර්ණ පරිවාස වාර්තාවක් කැඳවන ලෙසට නියෝග කළේය.

අදාළ වාර්තාව ඔක්තෝබර් 22 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළේය.



අදහස් (5)

බණ්ඩාරවෙල සිසු නායකයා කොළඹට ගෙන්නා පහරදීලා

NWS KUMARA Thursday, 29 August 2024 05:13 PM

ළමයින් කියන්න පුළුවන්ද?

:       0       1

Prabha Thursday, 29 August 2024 06:08 PM

කොළඹට ගෙනැල්ලා පහර දුන්නානම් ඒක සංවිධානාත්මක අපරාධයක්නේ.. දෙකක් නෑ සල්ලිකාරයින්ගේ පුත්තු වෙන්න ඇති...

:       0       1

රංබොඩ Thursday, 29 August 2024 06:25 PM

ගුණසිංහ පුර, සාන්චි ආරච්චි වත්ත කිව්වාම ඉතිං පොඩි පාතාලයක් තමයි.

:       0       2

C.K.Lankaputhra Thursday, 29 August 2024 09:22 PM

කෙසෙල් වත්තේ අයියලා වෙන්න ඇති.

:       0       2

sam Friday, 30 August 2024 10:35 AM

මේ දෙන්නාට දැඩි දඬුවම් දෙන්න. නැතිනම් හෙට අනිද්දා මේ අය නිරුවත් විඩියෝත් අප්ලෝඩ් කරාවි අනිවාර්යයෙන්ම...

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 212 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


අනුර පත් වූ සතුටට රට්ටු කිරිබත් කති
2024 සැප්තැම්බර් මස 23 12 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) දිවුරුම් දීමෙන් පසු පාක්ෂිකයෝ තැන තැන රතිඤ්ඤා දල්වමින්,කිරිබත් පිසිමින් සිය සතුට


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 126 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 581 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 637 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 5028 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21225 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20554 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 111 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 322 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site