IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


බැතිමතුන් නොමැති කතරගම සත්තුත් අසරණ වෙති

කේ ඩි දේවපි‍්‍රය

මේ දිනවල ලෝකය පුරාත් අප රටේත් පැතිර යන කොරෝනා වයිරසය මුල් කරගෙන  මිනිසුන් හා ජීවත් වූ සතුන් ද පීඩාවකට පත්ව ඇත.

ගිනි අතර  බඩගින්න තරම් ඉවසීමට නොහැකි ගින්නක් තවත් නැති බව බුද්ධ දේශනයේ පවා කියවේ.

රටේ පවතින කොරෝනා වයිරසය මුල් කර ගෙන කා අතරත් නිතර කියවෙන ආහාර ගැටලූවට පිළියම් මිනිසා විසින්  උපක‍්‍රම ලෙස විස දා ගනු ලැබුවත්  මිනිසුන් හමුවේ ජිවත් වෙන සතුන් ද මේ වනවිට උග‍්‍ර ආහාර හිගයකින් මේ වනවිට පෙලෙමින් පවති.

කතරගමට පැමිණෙන බැතිමතුන් රැගෙන එනු ලබන පළතුරු පුජාවේ ඉතිරී වන පළතුරු කැබිළි කා දිවී ගෙවු වදුරන් රිළවුන්, ගවයින්,සුනඛයින් හා බුත්තල කතරගම මාර්ගයේ සිටින මේ වනවිට වන්දනා බැතිමතුන් නොපැමිණිම මත දැඩි පීඩනයකින් පසුවේ.

වෙන දා කිරිවෙහෙර ඇතුලූ පුජා භුමියේ බුද්ධ පුජාවෙන් පසුව ඉවතලන දන් කෑමට හුරු වු සුනඛයින්ද ඉතා අසරණව සිටින අතර බැතිමතුන්  කසළ බදුන් වෙත මුදා හරිනු ලැබු පළතුරු කැබිළි කා දැමු අසරණ ගවයින්ද හුදාකළා වී පුජා භුමියේ සිටිති.

මෙයට අමතරව වන්දනා කරුවන්ගේ පුජා වට්ටියට පැන පළතුරු පැහැර ගෙන හා බැතිමතුන් ලබා දෙනු ලබන පළතුරු කා ජිවත් වු වදුරන් මේ වනවිට ගස් වලින් බිමට  බැස කුසගින්නේ පසුවේ.

කිසිදු වන්දනා බැතිමතකු නෙපැමිණිම මත මිනිසතුන් ද සතුන් සිපාවුන් ද මාසයකට ආසන්න කාලයක් තුල ආහාර හිගයකින් පසුවේ වන්දනා බැතිමතුන්ගේ නොපැමිණිම මත කතරගම ජනයා ද දැඩි ආහාර හිගයකින් පසු වෙන මේ අවස්ථාවේ දි කිසිදු පිහිටක් මිනිසුන් සමග ජිවත් වන සතුන්ට ද අහිමි වී පිඩනයකින් පසුවේ.



අදහස් (27)

බැතිමතුන් නොමැති කතරගම සත්තුත් අසරණ වෙති

PUJA Thursday, 09 April 2020 10:17 AM

සල්ලි පොට්ටනි ගහගෙන ඉන්න ධනවත් මිනිසුනේ , මෙන්න කරනවානම් කරන්න තියෙන හොඳම පුණ්‍ය කර්මයක්.. දුප්පතාට බඩගින්න අමුතු දෙයක් නොවෙයි..එහි ඉවසීමේ සීමාව ඉක්මවා ගියාම මේ අසරණයෝ කුමක් කරන්නද.? පන තියෙන සියලුම සත්වයන්ට "බඩගින්න " කියන හැගීම තියෙනවා..කතාකරන්න බැරි තිරිසන් සතුන් , අසරණ විදිහට බලා ඉන්නවා හැරෙන්නට වෙන කුමක් කරන්නද.? මොනතරම් සල්ලි මිටි පොට්ටනි ගහගෙන හිටියත් ,ඔව්වා මැරෙන කොට අරන් යන්නේ නැහැ. බඩගින්නේ ඉන්න කෙනෙකුට ආහාර ටිකක් දීමෙන් අත්වෙන අති මහත් පුණ්‍ය කර්මය ගැන අමුතුවෙන් ලියන්න දෙයක් නැහැ. .පුළු පුළුවන් අය මෙවන් අසරණ මිනිසුන්ට, අසරණ සතුන්ට පිහිටක් වෙන්න..

:       2       140

විජිත් Thursday, 09 April 2020 08:42 PM

ලස්සනයි පුජා,ඔයා පේළි 6 කින් කියලා තියෙන සංසිද්ධීන් එකින් එක දිග හැරියොත් පිටු දාහකටත් වැඩි වෙන්න පුළුවනි. දෙවෙනි ෆොටෝ එකේ ඉන්න අහිංසක " බව්වා " එයාගේ ඇස් වලින් දහසක් දේවල් පවසනවා. ඒ ඇස් වලින් කියන දේවල් තේරුම් ගන්න හැකි උතුම් මිනිසුන් අපේ රටේ නැත්තේම නැහැ. එදා වගේම අදත් ඉන්නවා. ඒ උතුම් මිනිසත්බවට කරන ආරාධනයයි මේ....

:       1       59

KumaFriday, 10 April 2020 03:58 AM

කතරගම දෙයියනේ ... මෙච්චර කල් එකතු වුණු පඬුරු වලින් ඔබලාටත් පිනක් කරගන්න අවස්තාවක් ඇවිල්ල ... තමන්ගේ භෝග පලතුරු විකුණගන්න බැරිව ඉන්න මිනිසුන්ගෙන් ඒවා මිලදීගෙන මේ සතුන්ට දෙන්න පුළුවන්... දෙයියන්ගේ නුවණැස පඬුරු යටිමඩි ගහන කපුවන් වෙත යොමු කොට මේ පින කරගන්න දෙයියන්ටත් සිත් පහල වේවා...!!! අපේ ගෙවල් අහල පහල ඉන්න සතුන්ට පුළුවන් විදිහට කෑම ටික අපි දෙනවා..

:       0       90

Champa Thursday, 09 April 2020 10:30 AM

කතරගම විතරක් නෙමෙයි, අනිකුත් දේවාල පන්සල් පල්ලි පාසල් උද්‍යාන හෝටල් තැබෑරුම් ඔක්කොම පාළුවෙලා යන තැනට ස්වභාව ධර්මයත් ලෝක පාලන දෙවියනුත් අපට කියා දුන් අරුම පුදුම පාඩම COVID-19. ලෝකෙම වැහෙන තැනට මෙහෙම වෙන්න ලංකාවේ ඉරණම බලපෑවද කියන එක ගැඹුරු මාතෘකාවක්. මේ වෙලාවේ පොහොසත් දේවාල සහ පන්සල් වලට කරන්න දේ තියෙනවා. ඉස්සෙල්ල ඒ ගැන ලියපු එකක් වැටිලා තිබුනේ නැහැ. ඒ හින්ද මේක පරිස්සමින් ලියනවා. දේවාල වැහිලා යන්නේ දෙවියෝ දේවාලවල නැති නිසා. දෙයියෝ නැති තැන යක්කු ඩෙඟා නටනවා කිව්වට මෙදා පාර වටේ හිටපු යක්කුත් කරබාගෙන. කනගාටුදායකම දේ අපේ රටේ බොහෝ මිනිස්සුන්ටත් සත්තුන්ටත් බඩගින්නේ ඉන්න සිද්ධ වීම. මෙතුවක් කල් ලංකාවේ සියලු දේවාල නඩත්තු කලේ බැතිමතුන්. ඉහලම පොහොසතත්, අන්තිම දුප්පතත් පිළිසරණක් හොයන ආව කතරගම දේවාලය, දැන් අසරණ වෙලා ඉන්න බැතිමතුන් සහ සතුන් වෙනුවෙන් යමක් කල යුතුයි. කතරගම සුරිඳු නමිනුත් දේවාලේ ආරක්ෂා කරපු කඩවර යකාත් නිසා ලැබුණු අතිවිශාල ධනස්කන්ධයෙන් සොච්චමක් වියදම් කරල, ඇඳිරි නීතිය නැති වෙලාවේ සතුන්ට පලතුරු ටිකක් දුප්පත් මිනිස්සුන්ට හාල් පොල් ටිකක් දෙන්න පටන් ගත්ත නම් හොඳයි නේද?

:       0       159

Sumeda Thursday, 09 April 2020 10:50 AM

බලනකොට කතරගම මිනිස්සුන්ටයි, සතුන්ටයි වත් දෙවියන්ගෙ පිහිට තිබිල නැහැනේ...

:       1       241

විජිත් Thursday, 09 April 2020 10:53 AM

".....වචන වලින් කියාගන්න බැරි තරම් වේදනාවක් ..හදවතේ කොහේදෝ තැනක හිරවී තිබෙන නිසා ..මේ අපෙන් ජීවිතය ඉල්ලන..අහිංසකයින්ගේ මුහුණු නැවත නැවතත් බලා ආවර්ජනය කිරීමට තරම් ශක්තියක් මට නොමැත. ඒ නිසා දෑස් තදින් පියාගෙන...දෙසවන් අගුලුලාගෙන ...

:       0       175

රංග තේනුවර Thursday, 09 April 2020 11:38 AM

සත්තු කෙසේවෙතත් ඔතන ඉන්නා හොර කපුවෝ ටික නං මිනිස්සුන්ගේ සල්ලි නැතිව අමාරුවෙන් ඇත්තේ. ඔතන වෙන හොර මැරකම් හැටියට දෙවියෝ හිටියොත් පුදුමයක්....

:       2       312

KumarThursday, 09 April 2020 03:56 PM

ඔය කෝටිපති කපුවො කෙසේවෙතත් පැමිණෙන බැතිමතුන්ගේ යැපෙන සුළු වෙළෙන්දන්ට අතමිට හිඟ ඇති.

:       0       54

jayath Thursday, 09 April 2020 01:37 PM

ඔව් සුමේධ, කතරගම දෙවිකෙනෙක් ඉන්නවනම් මින්ස්සුන්ට කොහොම වෙතත් අඩු ගන්නේ මේ සත්තුන්ට හරි පිහිට වෙන්න ඕන. අසරණකම අතින් නම් මේ වෙලාවේ අපි උන්ට වඩා අන්තයි. උන්ට තියෙන්නේ බඩගින්න විතරයි. අපට දසතම මරුවා විලිස්සාගෙන. මොනම දෙවියෙක්වත් බූතයෙක්වත්, නක්ෂත්‍රකරුවෙක්වත්, පේන කරුවෙක්වත්, යාඥා බලෙන් ලෙඩ හොඳ කරන කෙනෙක් වත් මේ වෙලාවේ හොයා ගන්න නැහැ.

:       0       16

තුශා Thursday, 09 April 2020 01:55 PM

සංවේදී සිත් ඇත්තන්ට , මෙවැනි දසුනක් බැලීමට අමාරුයි . මේ දසුන් දැකපු අය මෙයාලාට පිහිටක් වෙයි කියලා සිතනවා. ලංකාදීපයට ස්තුතියි .

:       1       28

rana Thursday, 09 April 2020 02:06 PM

සමලිංගික විවාහ වලට අනුබල දීම, ගබ්සාව නීති ගත කිරීම, මුහුද දූෂණය කිරීම, වාතය දූෂණය කිරීම, දරුණු ආයුධ නිපදවීම, විවිධ මත් පෙති නිපදවීම, ලිස්ට් එක දිගයි... අපිට මේ කියා දුන් පාඩම හදුනා ගනිමු.

:       3       24

chithranandaThursday, 09 April 2020 11:46 PM

සමලිංගික විවාහ යනු අතිශය ස්වභාවික දෙයක්. හෝමෝන ආශ්‍රිතව සිදුවන සම ලිංගික ආකර්ෂණය පවක් වෙන්න විදිහක් නැහැ. මිනිසා විසින් යනු ලැබූ අති ධාවනකාරී ජීවන රටාව මෙයට හේතුවිය හැකියි.

:       0       4

කටුවා Friday, 10 April 2020 10:22 AM

ආ.....ඔය බලලා පැන්නේ මල්ලෙන්. හරි හරි චිත්‍රානන්ද නංගි. අපි නැහැ ඕවට.

:       2       42

Walter WhiteFriday, 10 April 2020 07:38 AM

ගබ්සාව කියන්නේ අමානුෂික දෙයක් කියල හිතන්නේ ආගමික පිස්සෝ, හිතන්න දූෂණයකට ලක්වු ගැහැණු කෙනෙක්, හෝ දැරියක් ගැබ් ගත්තොත් ඒ දරුවා හදාගන්න කියලා බල කිරීම සාධාරණයි ද? තමන් දූෂණය කරපු මිනිහාගේ දරුවා හදාගන්න? ඒක මුළු ජීවිතකාලයටම බලපාන තීන්දුවක්, මේ පිස්සු සමාජේ සංස්කෘතිය නිසා එහෙම කරදරයක් වුනහම මුළු ජීවිතයටම ආපසු සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බෑ,තව ටිකක් හිතන්න.

:       68       109

vidya Thursday, 09 April 2020 06:30 PM

කතරගම නායක හාමුදුරුවනේ බැංකුවට ගිහින් මුදල් අරගෙන සත්තුන්ට කන්න දෙන්න... කපු මහත්තුරුනේ දේවාලේ පින් පෙට්ටිය කඩල සත්තුන්ට කන්න දෙන්න... දැන්වත් දෙවිවරු නැති බව පිළිගන්න මොහිදෙන් බෙග් මහත්මයනේ කීවේ " මිනිසාමයි ලොව දෙවියන් වන්නේ " එම පිවිතුරු කටහඬ අද තාමත් ඇසෙන්නේ සත්‍යයේ කතාවයි .

:       2       116

නායක සාදු Friday, 10 April 2020 10:24 AM

බැංකු වසා ඇත. සල්ලි නැහැ.

:       0       32

Clarence Thursday, 09 April 2020 08:31 PM

වනාන්තර එළි කරලා සතුන් නෙරපා දැම්මේ අපි. වන සතුන්ට අපේ ආහාර පුරුදු කළෙත් අපි. දැන් අපි ඔවුන්ගේ කුස ගිනි නිවමු.

:       0       14

Pradeep Friday, 10 April 2020 02:47 AM

මුදල් නෝට්ටු ගෝනි ගණන් ගොඩගසනා කතරගම කපු මහතුනි, මෙය තනිකරම ඔබලාගේ වගකීමයි.

:       0       17

sunil perera Friday, 10 April 2020 05:13 AM

චිනා බල්ලෝ, පුසෝ, නයි, වවුල්ලු ආදී අසාමාන්‍ය ආහාර පරිභෝජනය කිරීම මුළු ලොවම විනාශයට ගෙන ගොස් ඇත. අපේ උතුම් ලක්දෙරණට මේ අයගේ පැමිණීම අනාගතයේ නොවේවා කියා මම ප්‍රාර්ථනා කරමි.

:       0       15

චුට්ටා Friday, 10 April 2020 10:18 AM

මේ ෆොටෝ ටික ලංකාවේ ඉන්න චීනෙක් දැක්කොත් මේ සත්තුන්ට දෙයියන්ගේම පිහිටයි !

:       2       21

Walter White Friday, 10 April 2020 07:16 AM

සුනඛයන් ඇරෙන්න අනෙත් සත්තුන්ට කන්න දෙන්න ඕනේ නෑ. උන්ට තමන්ගේ කෑම සපයාගන්න පුළුවන්. මිනිස්සු නැති වුනහම මේ සත්තු ආපසු පුරුදු වනාන්තරේටම යාවි. ඉතින් වෙලාවකට කොරෝනා ආපු එකත් හොඳක් වෙලා තියෙනවා. මිනිස්සු නිසා ලෝකයේ ඇති වුනු විකෘති සුව වෙනවා.

:       59       11

ChampaFriday, 10 April 2020 12:53 PM

කැලේ හිටපු සත්තු ගමට ආවේ කැලේ කෑම නැති හින්දයි.

:       22       19

නරියා Friday, 10 April 2020 06:45 PM

එතකොට අපිට කන්න දෙන්නේ කවුද....?

:       6       25

de silva Friday, 10 April 2020 08:47 AM

රිලවු වදුරන්ට අවේනික වුන ආහාර වනාන්තරයේ තිබෙනවා. ඔවුන් ඒවා ආහාරයට ගන්න ඕනේ... මිනිස්සු දමන ඉඳුල් කන්න පුරුදු වුනහම මේ සතුනත් මිනිසාගෙන් විවිධ ලෙඩරෝග බෝ වෙලා එම වෛරස් ඔවුන්ගේ ශරීර තුලදී විරූපී වෙලා නැවත මිනිසාට බෝ වුනහම ඒවා කොරෝන නිසා වෙන විනාශය විශාල වෙන්න පුළුවන් , මිනිසා විසින් ඉවතලන අපද්‍රව්‍ය කන අලි කි දෙනෙක් මිය යනවද ?

:       0       5

Senaka Friday, 10 April 2020 09:01 PM

ශුනඛයා හැරෙන්න අනෙක් හැම සතාම ආදි කාලෙදි මිනිසුන් සමග සහභෝජනයෙන් ජීවත් වුන සතුන් නෙවෙයි. මිනිසා විසින් වනන්තර කැපීම හේතු කොටගෙන ඔවුන්ගෙ අහාර සොයා ගැනීමේ මාර්ග නැතිවෙලා ගියා. ඒ නිසා ඔහුන් මිනිසුන් සිටින ප්‍රදේශ වලට කෑම සොයාගෙන එන්න පුරුදු උනා. මිනිසුන් විසින් හිතාමතාම ඔවුනට ආහාර දීම හෝ මිනිසුන් විසින් අහක දමන කෑම හෝ කෑමට ඔවුන් පුරුදු වුනා. ඒ හේතුවෙන් ඔවුන් ස්වාභාවිකව භුක්ති විඳි ආහාර වලින් ටික ටික මිදුන. බලන්න අලි ගැන. වැඩි ඈත ගැන හිතන්න ඕනි නැහැ 60-70 දශක වල උනත් වල් අලි ගැන මිනිසුන්ට තිබුනෙ පුදුම භියක්. වල් අලි ගෙවල් කිට්ටුවලට ආවෙත් නැහැ. නමුත් මිනිසුන් ඔවුන්ට කෑම දීමට පටන් ගැනීමෙන් පසුව ඔවුන් මිනිසුන්ට ටික ටික ලං වුනා. දැන් උඩවලව-තනමල්විල පාර කතරගම -බුත්තල පාර අයින කොච්චරනම් වල් අලි එනවද? මේ තත්වය තව ටික කලක් මෙහෙම වුනොත් ශූනඛයන් හැර අනෙක් හැම සතෙක්ම තනියම කෑම සොයා ගැනීම පිනිස නැවතත් වනයට යන්න පුරුදු වෙනව. (කැලයක් ඉතිරිවෙලා තියෙනව නම්). ඉන්පස්සෙ හරක් පොලිතින් කවර කෑම නවත්වල කැලෙන් තනකොල කයි. වල් අලිනුත් එහෙම වෙයි. වඳුරො බත් පාන් කෑම නවත්වල නැවතත් අත්තෙන් අත්තට පැන පැන කොල කයි.

:       0       1

sam Saturday, 11 April 2020 04:50 AM

අතපය හොදට තියෙන්නේ. ඔය කැළේකට ගිහින් ගහකින් වැළකින් ගෙඩියක් කොළයක් වවාගෙන කන්න පුරුදු වෙන්නකෝ. අපිත් අපේ ගෙවල්වල දැන් කන්න බොන්න ඕනෑ කරන දේවල්ටික හදාගන්නවා ඔය කොරෝනාවට පින් සිද්ධවෙන්න.....

:       0       48

Bamunuarachchi Sunday, 12 April 2020 05:55 AM

අනුන් දෙන දේම කාලා ඉන්න පුරුදු වුනොත් කාටත් ඔය වැඩේම වෙනවා. අපි වගේ තමයි වදුරොත් ගෙවල් හදන්න කතාවෙන්නේ වහින වෙලාවටනේ අපිත් වවන්න කතාවෙන්නේ කෑම හිඟවුණාම.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

ඡාවාරමුන්ගේ ගැටුමෙන් තරුණයෙක් මරුට 4ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 256 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර


‘නයින් ආච්‘අසල පස් කඳු වැටී උඩරට දුම්රිය නවතියි
2024 නොවැම්බර් මස 26 334 0

පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ


කොළඹ- බදුල්ල පාර අවහිර වෙයි
2024 නොවැම්බර් මස 26 222 0

පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව


උතුර- උතුරු මැද-නැගෙනහිර-මධ්‍යම-ඌව-දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 26 207 0

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 5512 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 1449 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 535 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 744 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site