IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


බදු ගැන මාන්නප්පෙරුමගෙන් යෝජනාවක්

(සුජිත් හේවාජුලිගේ )

ජනතාවගෙන් අය කරන බදු මුදල්  වියදම් කරන ආකාරය ගැන ජනතාවට මාස් පතා සම්පූර්ණ  වාර්තාවක් ලබාදෙන්නැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා  රජයෙන් ඉල්ලීමක් කරයි.

රජය අය කරන බදු වියදම් කරන ආකාරය ගැන ජනතාව තුළ පැහැදිලි විශ්වාසනීයභාවයක් ගොඩනැගී නැති හෙයින් ඒ සම්බන්ධයෙන්  විනිවිදභාවයක් ඇති කිරීම සඳහා  මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම කාලෝචිත බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා  එවැනි විනිවිදභාවයක් ඇති කරනු ලැබුවහොත් ජනතාව මීට වඩා බදු ගෙවීමේ ක්‍රමවේදයට අනුගත වනු ඇතැයි තමාගේ විශ්වාසය බවද ප්‍රකාශ කළේය.

පුවත්පත් දැන්වීමක් හෝ මුදල් අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් මගින් හෝ බදු මුදල් වියදම් කරන ආකාරය ගැන ජනතාව දැනුවත් කළ හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.



අදහස් (6)

බදු ගැන මාන්නප්පෙරුමගෙන් යෝජනාවක්

sunitha Wednesday, 03 January 2024 01:01 PM

ඒ වගේම ඒ වියදම් වල ඵලදායි බව පැහැදිලි කළ යුතුයි. අධ්‍යාපනයට සෞඛ්‍යයට අච්චර මෙච්චර දැම්මා කියලා ඇඟ බේරා ගැනීමට ඉඩ නොදිය යුතුයි. උගන්නන්න ටියුෂන් යවන්න වෙනවා නම්, බෙහෙත් ගන්න චැනල් කරන්න වෙනවා නම් ඒවාට දාන බදු සල්ලි වලට සාධාරණයක් ඉටු වෙනවාද? ආරක්ෂක වියදම් කියන්නේ තවත් ගසා කෑමක්. වියදම් අසමතුලිතයි. එය ඇති කලේ පහුගිය කාලේ තිබුණු හමුදා උණ...!

:       0       30

මැක්ස් Wednesday, 03 January 2024 02:32 PM

මන්ත්‍රීතුමාගේ අදහස හොඳයි. නමුත් දෙමාපියන්ගේ ටියුෂන් උණ, හෙම්බිරිස්සාවටත් විශේෂඥ දොස්තරලා ළඟට යන එක වගේ මේ සිරි ලංකාවේ මැද පන්තියේ මිනිස්සු ළඟ තියෙන රෝග හොඳකරන එක නම් බොරු සුනීත. ඒ වගේම ඔයාටත් රණවිරු ඇලජික් එක තියෙනවා වගේ. ඕවා ජේපී ගති ලක්ෂණ...

:       5       1

nimalWednesday, 03 January 2024 07:08 PM

ජනතාවගෙන් අය කරන බදු මුදල් වියදම් කරන ආකාරය ගැන ජනතාවට මාස් පතා සම්පූර්ණ වාර්තාවක් අවශ්‍ය නම් ඔබත් රටේ පුරවසියනුත් දන්නා පරිදි ලබාගත් ලබාගන්න බදු මගින් සිදුකරනු ලබන්නේ: දේශීය වසයෙන් සහ ගෝලීය වසයෙන් ලබාගත් නය ගෙවීමට, නොමිලයේ අද්යපනයට ( නිල ඇදුම් පොත්, දිවා ආහාරය, සමස්තයක් වසයෙන් නොමිලයේම ලබෙනාවූ සවුක්ය සේවයට,( රෝගීන් පරික්ෂාව, නොමිලයේ බෙහෙත්, සේවක වැටුප් රෝගීන් සදහා යොදා ගන්න සියලු උපකරණ ) පොලිසිය ත්‍රිවිද හමුදාව,( අහාර පාන නිල ඇදුම් සහ වෙනත් ) අදායම් නොලබන රාජ්‍යයත සේවකයන්ගේ වැටුප් සහ රජය අය කරන බදු වියදම් කරන ආකාරය ගැන ජනතාව තුළ පැහැදිලි විශ්වාසනීයභාවයක් ගොඩනැගීමට පෙර 225ගැන තීන්දුවක් ගතයුතු බව මහජන මතය වේ

:       0       0

Rohana. Wednesday, 03 January 2024 02:07 PM

එහෙම කළොත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ නාස්තිකාර වියදම් අහුවෙනවානේ...!!! 

:       0       14

බණ්ඩාර Wednesday, 03 January 2024 02:12 PM

හොඳ අදහසක්...!

:       0       17

Lalla Wednesday, 03 January 2024 02:51 PM

එතකොට කොහොමද කොමිස් පගා පැහැදිලි කරන්නේ..?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අඹුසැමි යුවලගේ සිරුරු නිවසකින් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 06 153 0

වැලිපැන්න ප්‍රදේශයේ නිවසක සැක කටයුතු අන්දමින් මියගිය අඹුසැමි යුවලකගේ මළසිරුරු දෙකක් අද පස්වරුවේ හමුවූ බව වැලිපැන්න පොලිසිය පවසයි .වැලිපැන්න මුස්ලි


අපේක්ෂක ලැයිස්තු හැදීමේදී පක්ෂ රැසක් අර්බුදයක
2024 ඔක්තෝබර් මස 06 290 0

දූෂණ වංචා චෝදනා එල්ල වූ විශාල පිරිසක් ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීමට ඉදිරිපත් වීම හේතුවෙන් අපේක්ෂක ලැයිස්තුවලට අපේක්ෂකයන් තෝරා ගැනීමේදී දේශපාලන ප


මැතිවරණ
2024 ඔක්තෝබර් මස 06 20 0

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව


ආනයනික අල ලොකු ළූණු තොග මිල ඉහළට
2024 ඔක්තෝබර් මස 06 150 0

අර්තාපල් සහ ලොකු ළූණු ආනයනය කිරීමේදී පැවති විශේෂ ආනයන බද්ද රජය මගින් වැඩි කිරීම හේතුවෙන් පිටකොටුව තොග වෙළෙදපොලේ ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් තොග මිල ව


පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 841 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 615 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39145 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25590 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site