IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


බදු නොගෙවුවාට හිරේ ගිය අධ්‍යක්ෂකවරු මුදාහරියි

(රෝෂන් තුෂාර)

රුපියල් ලක්ෂ 661  බදු නොගෙවීමේ චෝදනාවට  සිරගතව සිටි  තිදෙනකු ඇතුළු කොල්ලුපිටියේ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරු  හය දෙනෙකු දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ වැට් නඩුවෙන් මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද(05) නියෝග කළාය.

කොල්ලුපිටියේ නෝර්ත් සී  සමාගමේ අධ්‍යක්ෂකවරු විසින් මෙසේ මෝෂන් පත්‍රයෙක් මාර්ගයෙන් බදු මුදල් ගෙවීම හේතුවෙන් වැඩ කටයුතු අවසන් කෙරිණි.

2010 සිට 2013 වසර දක්වා රුපියල් 66105672.00 මුදලක් බදු ලෙස රජයට ගෙවීම පැහැර ඇතැයි චෝදනා කරමින් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා 2018 වසරේ පැවරූ  නඩුවක් සලකා බැලීමෙන් පසුව 2022 නොවැම්බර් මස පළවෙනි දින තීන්දුවක් නිකුත් කර ඇති අතිරේක මහේස්ත්‍රාත්වරයා අදාළ බදු මුදල් ගෙවන ලෙසට අධ්‍යක්ෂකවරුන්ට නියෝග කර ඇත.

එම බදු මුදල් නොගොවන්නේ නම් මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවම් හිමි විය යුතු බවද නියෝග කර ඇත.

බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් අත්අඩංගුවට පත් අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සෙසු අධ්‍යක්ෂකවරුන් තිදෙනාට වරෙන්තු නිකුත් කර ඇත.

වරෙන්තු ලද අධ්‍යක්ෂකවරුන්   ඊයේ දින අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් අදාළ ගෙවීම් කිරීමෙන් අනතුරුව නඩු කටයුතු අවසන් කළ මහේස්ත්‍රාත්වරිය වැට් නඩුව විභාග කරන ස්ථිර මහේස්ත්‍රාත් අධිකරණයට ලබන විසි හය වෙන දින කරුණු ඉදිරිපත් කරන ලෙසද දන්වා සිටියාය.

අදාළ බදු මුදල් අධිකරණයේ තැන්පත් කර ඇති බව දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි දිනේෂ් පෙරේරා මහතා කරුණු ඉදිරිපත් කළේය.



අදහස් (2)

බදු නොගෙවුවාට හිරේ ගිය අධ්‍යක්ෂකවරු මුදාහරියි

Prabha Friday, 05 April 2024 05:18 PM

ලක්ෂ 661ට හිර දඬුවම් මාස 06... ඉතින් හිරේගිහින් ආවත් සැපයිනේ...!

:       1       28

MO77 Saturday, 06 April 2024 11:15 AM

දේශපාලනය විතරක් නෙමෙයි, හැම ක්ෂේත්‍රයක්ම දැන් ලංකාවේ කුණු වෙලා තියෙන්නේ. රජයේ ඉහළම නිලධාරීන්ගේ උපදේශනය හා අවුල් වීමෙන් තමයි රජයේ ඔක්කෝම දූෂණ වෙන්නේ.... දේශපාලනඥයින් කරපු දූෂණය අපල මුළු වටිනාකමට වඩා රජයේ ඉහළම නිලධාරින් කරලා තියෙන වටිනාකමක් වංචාවල වැඩියි... අද බහුතරයක් රජයේ ඉහළම තනතුරු දරන්නේ විදේශ පුරවැසියෝ, නමට සිටින ද්විත්ව පුරවැසියන්. හා විදේශවල ස්ථිර පදිංචිකරුවන්...

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 2 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 12 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 27 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 45 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 91 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 112 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site