IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


බුදු සරණයි කියා පටන් ගත්තට මැදදී නාලාගිරි පනිනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අයවැය කතාව බුදු සරණයි කියා පටන් පටන් ගත්තත් මැද දී නාලාගිරියාත් අවසානයේ අංගුලිමාලත් මතු වන බව පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

ණය, බදු සහ ආයතන විකිණීම අයවැයේ තුන් සරණ ලෙස පාවිච්චි කර තිබෙන්නේ යැයිද අලහප්පෙරුම මහතා කීය.

අයවැය පිට කවරේ බෞද්ධ දර්ශනය තිබුණාට පොත ඇතුළේ තියෙන්නේ මොනවාදැ යි විමසා බැලිය යුතු බව කී අලහප්පෙරුම මහතා හොර හරක් ලොරියෙත් බුදු සරණයි කියා ගසා ඇතැයිද ඒ පොලිසියෙන් බේරෙන්න ට උපක්‍රමයක් ලෙස බවද කීය.

ණය මත නොදුවන ආර්ථිකයක් ගැන අයවැය කතාවේ තිබෙන බවත් 2015 වසරේදීත් රනිල් වික්‍රමසිංහ මහතා ණය නැති රටක් ගැන කථා කළ බවත් කී ඩලස් අලහප්පෙරුම මහතා ඒ දෙකේ වෙනස ත්‍රෛලෝක විජය පත්‍ර සහ කංසා අතර තියෙන වෙනස වගේ එකක් බවද සඳහන් කළේය.

 



අදහස් (4)

බුදු සරණයි කියා පටන් ගත්තට මැදදී නාලාගිරි පනිනවා

abaran Monday, 20 November 2023 02:25 PM

චන්ද්‍රිකාගේ 1994 රජයේ හිටිය මාතරින් ආපු නියෝජ්‍ය ඇමති කෙනෙක් . මිනිහ සමහර දිනවලදී උදේට මතර බස් නැවතුමේ පෝලිමේ ඉඳල කොළඹ එන බස් එකට නගිනවා . දෙනෝදාහක් සෙනග මෙවෙලවට එතන ඉන්න නිසා අනේ අර බලන්න අර ඇමති තුමා කොච්චර නිහතමානිද . බලන්න අපිත් එක්ක එකට පෝලිමේ ඉඳල බස් එකෙන්නේ කොළඹ යන්නේ කියල බොහොම ප්‍රසාදයෙන් කතාකරනවා . නමුත් මිනිහ මේ බස් එකේ එන්නේ බස් හෝල්ට් කීපයයි . මගදී බස් එකෙන් බැහැල එතන ඉඳන් සේකුරිටි එකත් එක්ක වහන දෙකකින් කොළඹ එනවා. නමුත් අර මාතර බස් ස්ටෑන්ඩ් එකේ හිටපු දෙනෝ දාහක් දෙනා එක දන්නේ නැහැ . ඔන්න ඔහොම කපටි අයියලත් මේ අයවැය ගැන වල බයිලා කියවනවා දැක්කම කොතනින්ද හිනාවෙන්නේ කියල හිතෙනවා .

:       5       18

නන්දන Monday, 20 November 2023 03:05 PM

පසුගිය කාලය පුරාවටම පාර්ලිමේන්තුවට ගෙනා රටට අහිතකර රට බංකොලොත් වීමට හේතුවූ යෝජනා (ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ගන්නා ණය සඳහා රජය ඇපවීම වැනි) අනුමත කළ මේ පිරිස දැන් කතා කරන්නේ කලින් පාර්ලිමේන්තුවේ හිටියේ නෑ වගේ...!

:       2       15

Sampath Monday, 20 November 2023 06:09 PM

විපක්ෂයේ ඉඳන් බයිලා කියවනවා. ජනාධිපති වෙන්න සූට් මහගෙන හිටියා... අරගල කාරයින්ගේ පිහිටෙන් ඒක වැරැදුණාම බයිලා ගහනවා. මෙයා පත්වුණා නම් කොට්ටම්බා විකුණලාද මේවා ගෙවන්නේ..? මිනිස්සු ගොනාට අන්දන්න ආයේ බෑ...

:       4       5

Sampath Monday, 20 November 2023 06:19 PM

සාමාන්‍ය පෙළ එක්සෑම් නොතියා හැමෝටම සහතිකයක් දෙන්න යෝජනා කළා නේද? එහෙව් මිනිස්සුන්ගෙන් මේ වගේ දේවල් මිස වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? මාතර මිනිස්සුන්ගේ ගෙවල්වලට නිල්වලලාගේ කිඹුල්ලු ඉන්න වතුර ගලන ව්‍යාපෘති ගෙනාවේ මෙයාලා ආණ්ඩු කරන කාලේ මාතර මෝඩයින් තව ඉන්නවා නම් ආයේ එවන්න.

:       3       5

ඔබේ අදහස් එවන්න

දියත

දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 324 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 42 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1269 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 2891 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 128 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


විත්තියේ විරෝධතා විසිවේ:ශෂීගේ නඩුව විභාගයට
2024 ඔක්තෝබර් මස 09 2548 0

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39520 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25742 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1185 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site