IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


බදු හොරුන්ට උදව් කරන නිලධාරීන් හයසියයක් ගැන පරීක්ෂණ

 

(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ )

කෝටිපති ව්‍යාපාරිකයන්ට සහ  හිතවතුන්ට  බදු දැලෙන් පැන යෑමට උදව් කරන රේගු සහ ආදායම් බදු නිලධාරීන් හය සියයකට වැඩි පිරිසක් සම්බන්ධයෙන්  බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත.

රජයට බාරදී ඇති විශේෂ බුද්ධි අංශ වාර්තාවක් මඟින්  මෙම කරුණු  අනාවරණයවී ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අනුව මෙම වංචනික නිලධාරීන් සම්බන්ධයෙන් තවදුරටත් විස්තර ලබා දෙන ලෙස රජය එම බුද්ධි අංශයට දැනටමත් දැනුම්දී ඇත.

මේ අතර ශ්‍රී ලංකා රේගුවට  සහ දේශීය  ආදායම් දෙපාර්තමේන්තුවට වාර්ෂිකව   අයකර ගත හැකි රුපියල් කෝටි දස  දහසකට වැඩි බදු මුදලක් ඒවායේ විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් අහිමි වන බව විශේෂ අධ්‍යයනයකින් රජයට කරුණු අනාවරණයවී ඇත.

මේ තත්වය වැළැක්වීම සඳහා ආදායම් කළමනාකරණයට විධිමත් ආයතනයක් පිහිටුවීමට  රජයේ ඉහළ පෙළේ අවධානය යොමුවී ඇතැයි  වාර්තා වේ.

අයකර ගත හැකි බදු ආදායම් විශාල වශයෙන්  නිලධාරීන්ගේ වැරදි ක්‍රියා නිසා අහිමි වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද  දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරී ඇත.

මහින්දානන්ද අලුත්ගමගේ සහ රෝහිත අබේගුණවර්ධන යන මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධයෙන් එහිදී  පුළුල්ව කරුණු පැහැදිලි කර තිබිණ.

විවිධ වංචනික ක්‍රියා නිසා අහිමි වන මෙම ආදායම යළි ලබා ගැනීමට කටයුතු කළහොත් රටේ ආර්ථික අර්බුදය සැලකිය යුතු ප්‍රමාණයකින් විසඳිය හැකි බව මන්ත්‍රීවරුන් රැසක් මෙම රැස්වීමේදී  ජනාධිපතිවරයාට කරුණු පෙන්වාදී ඇත.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි  දැනගන්නට ඇත.

මේ අතර  වෛද්‍යවරුන්, නීතිඥයන් ,උපකාර පන්ති ගුරුවරුන් මත්පැන් ශාලා හිමිකරුවන් සහ  ඉන්ධන පිරවුම්හල් හිමියන්  ඇතුළු විශේෂ ආදායම් උපයන පන්දහසකට වැඩි පිරිසක් ආදායම් බදු ගෙවීම මග හැර සිටින බවද  රජයට කරුණු වාර්තාවී ඇත.

මෙම  පුද්ගලයන්ගෙන් බදු මුදල් නිසි ලෙස අයකර ගැනීම සම්බන්ධයෙන්ද රජයේ විශේෂ අවධානය යොමු වී ඇත.



අදහස් (9)

බදු හොරුන්ට උදව් කරන නිලධාරීන් හයසියයක් ගැන පරීක්ෂණ

Dharmatileke Saturday, 03 September 2022 02:59 PM

දැන් ගුවන් ගමන් වැඩිවෙයි.

:       0       13

Bamunuarachchi Saturday, 03 September 2022 06:00 PM

හාඩ්වෙයාර් කාරයෝ බිල්පත් නිකුත් නොකරන්නේ මේ නිලධාරීන්ගේ උදවූ ලැබෙන නිසයි. ඔවුන්ගේ ලක්ෂ ගණන්වල ගනුදෙනු පොත්වල සටහන් වෙන්නේ නැහැ.

:       2       12

ආරියදාස ඉද්දමල්ගොඩ Saturday, 03 September 2022 07:17 PM

රජයේ නිළධාරින් හා සේවකයින් තමන්ගෙ තනතුරේ කටයුතු කිරීමට අමතරව පුද්ගලික අංශයට කරන සේවා වෙනුවෙන් රජයට මුදලක් ගෙවිය යුතුය කියලා රාජ්‍ය සේවයේ නිළධාරින් සදහා පාලනය සිදුකරන ආයතන සංග්‍රහයේ දැක්වෙනවා නමුත් දහස් ගණනක් රජයේ සේවකයින් /නිළධාරින් තමන් රජයේ සේවයට අමතරව කරන කටයුතු වෙනුවෙන් කිසිම ගාස්තුවක් ගෙවන්නෙ නැහැ සමහර ගුරුවරු පාසැල් වේලාව පොත අත්සන් කර බැහැරව ගොස් පංති පවත්වා නැවත 1.30 ට පාසැලට එනවා නමුත් ජෝශප්ලා ඒවා නොදන්නා වුනත් සත්‍ය ඇත්ත එයයි.මේවා සදහා සමීක්ෂණයක් කරලා නියමිත ගාස්තු ආයතන සංග්‍රහයේ රෙගුලාසි අනුව අයකරන්න ඕන.

:       1       16

de silva Saturday, 03 September 2022 07:53 PM

කරුණාකර රජයේ ගුරුවරුන්ට ටියුෂන් දීම තහනම් කරන්න. සමහර ගුරුවරු හවස ටියුෂන් පන්තිවලට සිසුන් අද්දවාගන්න ඕනෑ නිසා ඉස්කෝලෙදී හරියට උගන්වන්නේ නැහැ...

:       1       11

SachinthaSunday, 04 September 2022 06:14 AM

සහතික ඇත්ත මම දන්න ගුරුවරියක් හිටියා එතුුමියටලැබුණු පංතියේ දොස්තරලාගෙ ළමයි රජයේ සේවකයින්ගෙ ළමයි නැහැ කියලා සති කීපයක් පාසැලට ආවෙත් නැහැ. පස්සෙ හිටපු විදුහල්පතිතුමා මොකක්ද කරලා (ඔවුන් දෙදෙනාම එක පක්ෂයක දේශපාලන කරන දෙන්නෙක් ) ආපසු ගෙන්නුවා. මෙම කාන්තාව 1.35 සිට පංති පවත්වනවා උගන්වන්න දක්ෂ නැහැ ඉතින් දරුවො වෙන පංතිවලට ගියොත් එයා බුදුහාමුදුරුවොද කියලා වෙනත් පංතිවලට ගිය දරුවන්ට දසවද දෙනවා. පාසැලේදී කරන්නෙ එම දරුවන්ට හිංසා කිරීම පමණයි. මෙය රත්නපුර දිස්ත්‍රික්කයේ ජනප්‍රිය ප්‍රාථමික විදුහලක සිදුවුණු දෙයක්. එතුමිය දැන් විශ්‍රාම ගිහිල්ලා.

:       1       1

Lal Saturday, 03 September 2022 08:23 PM

බලන්න අවුරුදු 34 දේශීය ආදායම් සේවයේ අත්දැකීම් මත වංචාව අඩුකිරීමේ ක්‍රම...

:       1       5

de silva Saturday, 03 September 2022 10:24 PM

ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉන්න 95%ක්ම හොරු...

:       2       11

Ciril Gamini Sunday, 04 September 2022 10:17 AM

ඇත්ත තමයි .ප්‍රාදේශීය නගරයක ගොඩනැගිලි රාශියක් කුලියට දීමෙන් මාසිකව රුපියල් ලක්ෂ ගණනක් උපයන කෙනෙකුට කෝටි ගණනක් ආදායම් බදු ගෙවීමට නියමව තිබුනා මිනිහා කලේ දිස්ත්‍රික්කයේ ප්‍රබල වයසක දේශපාලුවෙක් සමග එකතුවෙලා ලිපිගොනුව අස්තාන ගත කිරීමයි දැන් ඔහුට කිසිම බදු ප්‍රශ්නයක් නැහැ.

:       0       1

මෝඩයා Sunday, 04 September 2022 10:15 AM

ඒ් කියන්නෙ බුද්ධි අංශ කාර්යක්ශමව මේ ගැන හොයනව සහ වාර්තා කලහැකි අවශ්‍ය නම් හොයල දේශපාලකයො තමා කරුණු හොයල දුන්නට හොරුන්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න ඉඩ දීල නැත්තෙ.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 61 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 30 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 215 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 48 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 136 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2080 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 330 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 614 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site