IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


බද්ද ගැන රජය ඇමරිකාව එක්ක සාකච්ඡා කරන්න යයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 

මෙම තීරු බදු පැනවීම හමුවේ රටක් ලෙස ක්‍රියා කළ යුතු ආකාරය සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කමිටුව විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනා මෙහිදී පුළුල්ව සාකච්ඡාවට ලක් කෙරිණි.

එමෙන්ම  ලබාගත හැකි සහන පිළිබඳ ශ්‍රී ලංකා රජය හැකි ඉක්මණින් එක්සත් ජනපද රජය සමඟ සාකච්ඡා පැවැත්වීමටද නියමිතය. 

කමිටුව නියෝජනය කරන ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ,වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ඒ. විමලනෙත්තිරාජා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන පෙරේරා, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ  ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු,  බ්‍රැන්ඩික්ස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී අශ්රොෆ්  ඔමාර්, මාස් හෝල්ඩිංග් සම නිර්මාතෘ ෂෙරාඩ් අමලීන්, හෙලිස් සමූහ ව්‍යාපාරයේ සභාපති මොහාන් පණ්ඩිතගේ, ආනන්ද කල්දේරා යන මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාවට එක්වූහ.

එමෙන්ම මෙම සාකච්ඡාව සඳහා කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහත්වරු ද සහභාගී වූහ.



අදහස් (7)

බද්ද ගැන රජය ඇමරිකාව එක්ක සාකච්ඡා කරන්න යයි

කපුරු හාමි Saturday, 05 April 2025 05:00 PM

පචවංශට, රිලාසිරියාට, ගොම්මන්පිලයාට දැන් නින්ද යයි. කයිවාරු ගැහැව්වේ හරියට තීරුබදු පැනවූයේ අපේ රටට විතරයි කියලා හිතාගෙන .. රටවල් ගණනාවකට තීරු බදු පැනවු බවවත් නොදන්නා මොලේ උඩ ඉන්න අය...

:       50       15

ඉන්දිකSaturday, 05 April 2025 05:59 PM

රටවල් කිහිපයකට බදු ගැහුවට වැඩියෙන්ම අමාරුවෙන්නේ ලංකාවට. ලංකාවේ සමස්ත නිමි ඇඳුම් වලින් 4න් 1ක් යන්නේ ඇමරිකාවට... ලංකාවේ බඩු මිල වැඩිවුණාම වෙන රටවලින් බඩු ගන්නවා. කර්මාන්ත ඇමැතිගෙන් වියාපාර අධ්‍යයනය කළාම කළයුත්ත, නොකළ යුත්ත හිතාගන්න බැරිවෙනවා. මොනවා කරන්නද? අයවැයටත් සොරි තමයි රංජනී...

:       5       48

ගුණරත්න Saturday, 05 April 2025 05:56 PM

රටවල් ගණනාවක් දැනටමත් ඔවුන්ගේ වැඩපිළිවෙල කියලා තියෙනවා, ඇතැමුන් සාකච්ඡා කරලාත් ඉවරයි, ඇතැම් රටවල් මේ ප්‍රශ්නයෙත් ගැලවිලාත් ඉන්නවා, අපේ මෝඩ කම්මැළි යක්කු ටික සාකච්ඡා කරන්න හදනවා කියනවා. මොවුන්ට බලය දීලා අපේ රටට වෙච්චි විපත්තියක්..

:       17       41

Peter KureraMonday, 07 April 2025 03:35 AM

ගුණරත්න මහතා කරුණාකර ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගෙන ජාත්‍යන්තර ප්‍රවෘත්ති වලට සවන් දෙන්න. තීරුබදු සාකච්ඡා කිරීමට තවමත් කිසිදු රටක් සමත් වී නොමැති බව ඔබට වැටහෙනු ඇත.

:       1       0

Nandalal de Silva - France Saturday, 05 April 2025 08:47 PM

AKD රජය හීනෙන් බය වෙලා වගේ අවදි උනාම, ට්‍රම්ප් කාරයා ශ්‍රී ලංකාවට ගහපු බද්ද සීයට 44 ක් බවත්, එය ඇමරිකානු බදු වැඩිකිරීම් අතරින් දෙවැනියට කප් ගහපු රට බවට පත්වී ඇති බවත් දැක තක්බීර් උනා !!( ට්‍රම්ප් මැතිවරණ වෙදිකා වලදී ආනායික භාණ්ඩ සදහා අධික බදු වැඩිකිරීම් කරන බව පුන පුනා කීවත්, ශ්‍රී ලංකා රජයන් එම තර්ජනයන් පිච්චියකට මායිම් කලෙ නැත. බදු වැඩි කිරීමෙ අනතුරු ඉව වැටුණු බොහෝමයක් රටවල් එදා සිටම සාකච්ඡා මගින් එය අවම මට්ටමකට ගෙන ඒමට කටයුතු කලා. හරිනි රජයේ මැති ඇමතිවරු බදු වලට එරෙහිව යුධ ප්‍රකාශ කරන්නට කැහිපට ගහමින් ඉන්නා විට අපට කියන්න තිබෙන්නේ එකම දෙයයි : ITS TOO LATE ! ! !

:       0       2

prasanna Sunday, 06 April 2025 12:21 PM

කයියනායකට කියන්න කෝල් එකක් අරගෙන කෙළින්ම කතා කරන්න කියලා. ටැක්ස් පිළිබඳව. ට්‍රම්ප් සිංහල දන්නවා.

:       0       5

Toni Monday, 07 April 2025 11:13 AM

මතක් කරලා Lamkaliwa යවන්න. තවත් කවුරුහරි ඕනෙ නම් මේවාට කමෙන්ට් දාන්න – චතුරි හරි, කෞෂි හරි, බද්‍රාණිව හරි යවන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපතිගේ ප්‍රකාශය අයුතු බලපෑමක්
2025 අප්‍රේල් මස 18 27 0

පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයෙන් ඡන්ද දායකයාට අනියමින් බලපෑමක් එල්ල වන බව ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍


ඔන්ලයින් පනත විසි කරන නව පනත ගැසට්ටුවට
2025 අප්‍රේල් මස 18 84 0

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.


ජනපතිගේ ප්‍රකාශයට කොමිසමෙන් 21 තීරණයක්
2025 අප්‍රේල් මස 18 275 1

ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් ඇස් පියාගෙන මුදල් වෙන් කරන බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්


සැමියාගේ පොරෝ පහරින් බිරිය මරුට
2025 අප්‍රේල් මස 18 121 0

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් හිගුරක්‌ගොඩ කිරිමැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිදට පොරොවකින් පහරදී ඝාතනය කර ඇතැයි හිගුරක්ගොඩ පොලිසිය කියයි.


අපේක්ෂා රෝහලේ කෝටි 40ක් පුස්කන්න අැරලා
2025 අප්‍රේල් මස 18 153 1

මහරගම අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් තිබූ නමුත් පසුගිය වසර දෙකේදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භ


මාස හතරට සංචාරකයන් ලක්ෂ අටක් පනී
2025 අප්‍රේල් මස 18 260 0

පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 383 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1132 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site