IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය ගැන පර්යේෂණයක්

(අංජුල මහික වීරරත්න)

බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු මෙම වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කළද කෘත්‍රීම බුද්ධිය පාලනයට අවශ්‍ය නීති මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැවින් එම කටයුතු ලබන වසරට කල් තැබීමට සිදු වූ බවද සඳහන් කළ ජනාධිපතිවරයා නව නීති සම්මත කර ගැනීමෙන් අනතුරුව ඉදිරි පියවර ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (11) පස්වරුවේ මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේ දී පැවති මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ සිය වන සංවත්සර සැමරුමට එක්වෙමිනි.

1924 වර්ෂයේ මැයි මස 11 වන දින ආතර් වී දියෙස් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතිය යටතේ ඉදි කරන ලද මොරටුව බෞද්ධ මන්දිර ශාලාව සඳහා 1925 දී මුල් ගල තබන ලදී. එම ගොඩනැගිල්ල 1929 ජූනි මස 24 වන දින මොරටුව බෞද්ධයන්ගේ බෞද්ධ මුලස්ථානය ලෙස එවකට ලංකා ආණ්ඩුකාර හර්බට් ජේ. ස්ටැන්ලි මහතා අතින් විවෘත කෙරිණ. මොරටු මහා විද්‍යාලයට මුල් ගල තැබීමද එදින සිදු විය.

වසර සියයක් සපුරන මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේ අලුත්වැඩියා කටයුතු රජයේ වියදමින් සිදු කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

 



අදහස් (17)

බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය ගැන පර්යේෂණයක්

Lakmal Saturday, 11 May 2024 11:52 PM

අනේ රනිල් මහත්තයෝ.. මිනිස්සුන්ව ඔහොම අන්දන්න එපා...

:       4       45

සෙනෙවිරත්න Sunday, 12 May 2024 12:48 AM

දැන්නම් දවසක් වත් තියාගන්න සුදුසු නැහැ වගේ ඒ තරමට මොළේ අ⁣මාරුව උග්‍රයි වගේ.

:       8       49

රනේ Sunday, 12 May 2024 06:26 AM

හොඳටම පිස්සු..

:       3       22

Chanika Sunday, 12 May 2024 07:27 AM

සමහර මිනිසුන්ට සල්ලි වැඩි උන්හමත් ඔය වගේ පිස්සු හැදෙනවා

:       4       28

නිරෝෂන් Sunday, 12 May 2024 07:49 AM

මොනවද මේ කියවන්නේ. දහමට අනුව මිනිස්සුන්ට ජීවත්වෙන්න යොමුකෙරුවානම් මීට වඩා රටටත් ලෝකෙටත් යහපතක් නේද. දැන් ඔබතුමා මේවා අත්හැරලා ඡන්දෙන් පස්සේ ගෙදර ගිහින්වත් බුදුදහමට අනුව ජීවත් වෙන්න. මෙච්චර කාලයක් ඔය දේශපාලනය කියලා කෙරුවා. රටවත්, ඔබතුමාටවත්, ලෝකෙටවත් කිසිම වැඩක් ඇති දෙයක් කරන්න බැරි උනානේ නේද. කපටිකම්, මගඩි වැඩ කරලා හරි කොහොමහරි බලයේ ඉන්න තමයි බැලුවේ.

:       4       37

Perera Sunday, 12 May 2024 08:37 AM

ඒ පාර කොල්ලුපිටියේ රනිල් වෙන්න හදනවාද?

:       4       16

Dasa Sunday, 12 May 2024 08:58 AM

බුද්ධත්වයට පත් බුදුපියාණන් වහන්සේ වසර 45ක් පුරා දේශනවලදී කළ සද්ධර්මය ගැන ජනාධිපතිවරයා පැවසූ දෙයින් පෙනී යන්නේ ජනාධිපතිවරයාට සද්ධර්මය ගැන අවබෝධයක් නැති බවයි. බුදුන් වහන්සේ බුද්ධගයාවේදී සෞපදිසේස පරිනිර්වාණයට පත් වූ අතර ඉන්පසු වසර 45 ක් බෝධිසත්ව සිද්ධාර්ථගේ ඇස, කන, නාසය, දිව සහ ශරීරය තබාගෙන කුසිනාරාවේදී අනුපාදිසේස පරිනිර්වාණයට පත් විය. ශාස්තෘන්වහන්සේ නමක් නොමැතිව බුද්ධත්වයට පත් වූ අතර භාවනාවෙන් හා විදර්ශනාවෙන් අනුභූතික ප්‍රඥාව අවබෝධ කරගත් සේක. කෘත්‍රිම බුද්ධිය කෘත්‍රිම වන අතර බුද්ධ දේශනාව කිසිම ආකාරයකින් පැහැදිලි කළ නොහැක.

:       1       21

CRISHAN Sunday, 12 May 2024 09:09 AM

එච්චරයි අඩු.

:       1       12

Mahinda Panapitiya Sunday, 12 May 2024 10:28 AM

මගේ අදහස නම් බෞද්ධ රටක් ලෙස මේ මුදල් ආයෝජනය කළ යුත්තේ “සති පාසල” වගේ සංකල්ප ගෝලීය මට්ටමට හඳුන්වා දීමටයි. එවිට මිනිසුන්ට තම විෂයට අදාළ AI පර්යේෂකයන්ගේ භූමිකාව, මානව බුද්ධිය එහි සැබෑ ආකෘතියෙන් භාවිතා කර ඉටු කළ හැක.

:       0       8

Rata Perata Sunday, 12 May 2024 10:31 AM

මේ මනුස්සයාගේ බුද්ධි පරික්ෂණයක් කරන්න ඔක්කොටම ඉස්සෙල්ලා

:       2       19

විජිත් Sunday, 12 May 2024 04:06 PM

Rata Perata, පිස්සන්ගේ බුද්ධි පරීක්ෂණයක් කරන්න හරි අමාරුයි..මොකද පිස්සා හිතාගෙන ඉන්නේ එයා තමයි දොස්තර ' කියලා.

:       0       7

පිටරටවැසියා Sunday, 12 May 2024 12:27 PM

මට නම් ආඩම්බරේ බැරුවා!!! ලංකාව මේ දියුණු වේගෙන යන විදිහට ලබන ජනපතිවරණෙට කලින් ලංකාවෙන් රොකට්ටුවක් හඳටත් ඇරලා, ඇමෙරිකාවත් පාස්කරලා ලොව බලවත්ම රට බවට පත්වෙනවා සිකුරුයි.

:       0       11

ලක්වාසීන් Sunday, 12 May 2024 02:14 PM

තමුන් ඉතින් පිටරට වැසියෙක් නිසා ලංකාව ගැන දන්නේ නැතුව ඇති... ඒත් මහින්ද මහත්තයා ජනාධිපති වෙලා චිචී චික් චිචී චික් හඬක් නගමින් අයවැය හරහා ජනතා මුදල් වියදම් කර රොකට්ටුවක් යැව්වා... ඒක දැන් අකනිටා බඹලොවිනුත් එහාට ගිහිල්ලා මහ බඹා හමුවෙලාත් ඇති...

:       3       9

නිහාල් Sunday, 12 May 2024 03:52 PM

බයි ජාත්‍යාල උපක්‍රම ටොයි ක්‍රමයට.

:       1       11

විජිත් Sunday, 12 May 2024 04:03 PM

බටලන්දේ වධකාගාරයේදී කොල්ලෝ කෙල්ලෝ මරද්දී තමුසෙගෙ ඔය සිල්වත්බව කොහෙද තිබුනේ ? කාලකන්නි මිනීමරු හොරා .

:       1       12

ගමේ එකාලා Sunday, 12 May 2024 06:19 PM

මහ බැන්කුව හොරාකන්න ඉඩ දීලා බලාගෙන හිටපු, රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ අයව රකින පින් ජනපතියා ගැන මොන කතාද?

:       0       7

kotiya Sunday, 12 May 2024 07:38 PM

පර්යේෂණය - බුද්ධ ධර්මය සහ කෘතිම බුද්ධිය අතර ඇති සම්භන්ධතාවය සෙවීම. නිරීක්ෂනය - බුද්ධ දේශනා වලින් කෘතිම බුද්ධිය පිළිබඳව සදහන් වී හෝ කෘතිම බුද්ධිය පිළිබඳ විවරනය වී නැත. නිගමනය - බුද්ධ ධර්මය හා කෘතිම බුද්ධිය අතර සබඳතාවයක් නොමැත. ඔන්න ඔය රුපියල් බිලියනේ මගේ බෑන්ක් එකවුන්ට් එකට දාපන් මයේ අම්මා....

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 4 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 239 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 545 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 401 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 312 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 212 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site