( නිමන්ති රණසිංහ )
පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමා ඇතුළු තවත් පාර්ශව කිහිපයක් සිදුකර ඇති චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානි සුරේෂ් සලේ මහතා විසින් සිදු කරනු ලැබූ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි නෛතික කටයුතු සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (25) අධිකරණයට කරුණු වාර්තාව කළේය .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් අවසන්ව නොමැති බවත් ඉදිරි කටයුතු සඳහා නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ලබා ගත යුතුව ඇති බවත් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය .
මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විනි.
පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මාධව ගුණවර්ධන මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
මෙම සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමන් අවස්ථා තුනක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබා දුන් බවත්, තවදුරටත් විමර්ශන සිදු වෙමින් පවතින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ ව සිරිල් ගාමිණී පියතුමන් සහ වෙනත් පාර්ශව කිහිපයක් තමා අපකීර්තියට පත් කිරීමේ අරමුණින් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසට රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා මෙම පැමිණිල්ල සිදුකර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර විමර්ශන ප්‍රගතිය සම්බන්ධ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කරමින් නඩුව කල් තැබීය.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්රියව පවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බුද්ධි සේවා ප්‍රධානීගේ පැමිණිල්ලට අනුව නීති උපදෙස් ලබාගන්නවා
Bamunuarachchi Thursday, 25 November 2021 09:47 PM
සිරිල් ගාමිණීට සාක්ෂි කුඩුවට නගින්න වේවි වගේ.
sharm warn Friday, 26 November 2021 10:04 AM
ප්‍රහාරයෙන් සදාකාලික අබාධිත අය ගැනවත් මෙහෙම දුකක් දැනුනද මන්දා.
BamunuarachchiSaturday, 27 November 2021 10:50 AM
දෙවියන් වහන්සේට බේරගන්න බැරිවුනේ මොකද කියලා හිතන්න බැරිද මන්දා...?