IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


බෞද්ධ හා පාලි සරසවි සිසුහු පොලිසිය සමග ගැටෙති

(කේ බුද්ධික කුමාරසිරි)

⁣හෝමාලම පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය මගින් හෝමාගම පිටිපන නගරයේ සංවිධානය කළ විරෝධතාවයකට පොලිසිය ඊට විරෝධය පල කිරීම නිසාවෙන් ඇති වූ ගැටුමකින් පසු එම විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු ත්‍රී රෝද රථයක් සහ ශබ්ද විකාශන යන්ත්‍රයක්  අත් අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.

සාපරාධී බිය ගැන්වීම පොලිසියේ රාජකාරියට බාධා කිරීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ මෙම සිසුන් අත් අඩංගුවට ගෙන ඇත.

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අසලින් විරෝධතා පාඨ කියමින් විරෝධතා පුවරු බැනර් ප්‍රදර්ශනය කරමින් පා ගමනින් විශ්ව විද්‍යාල පරිපාලන ගොඩනැල්ල දක්වා පැමිණි විරෝධතාකරුවන් හෝමාගම මොරගහහේන මාර්ගය අසලදී මෙම ⁣විරෝධතාවය පල කර පසුව පිටිපන නගරය දක්වා ගමන් කිරීමට සැරසීමේදී පොලිසිය එයට විරෝධය පල කිරීම නිසාවෙන් හෝමාගම මොරගහහේන මාර්ගය හරස් කර විරෝධතාවය පල කළ අතර පසුව එම ස්ථානයෙන් වෙනත් අතුරු මාර්ගයක් හරහා හයිලෙවල් මාර්ගය දක්වා පැමිණියහ.

එම අවස්ථාවේදී පොලිසිය හා ශිෂ්‍ය භික්ෂූන් අකර උණුසුම් වදන හුවමාරුවක් සිදු වූ අතර පසුව තනි තනිව පිටිපන නගරය දක්වා පැමිණ විරෝධය පල කිරීමට යාමේදී කිහිපවරක් පොලිසිය සමග උණුසුම් වචන හුවමාරු සිදු වූ අතර පසුව සිසුන් විසින් පොලිසියට පහරදීමේ සිද්ධියක් මත සිසුන් අත් අඩංගු වට ගැනීමටත් පිරිස විසිුරුවාහැරීමටක් පොලිසිය කටයුතු කළේය. 



අදහස් (28)

බෞද්ධ හා පාලි සරසවි සිසුහු පොලිසිය සමග ගැටෙති

Sunil Tuesday, 13 December 2022 03:58 PM

මෙ දුර්දාන්ත රජයට එරෙහිව අඛන්ඩව හඩ නගමු.

:       88       29

NimalTuesday, 13 December 2022 06:11 PM

බුදුදහමට මුවාවී බුදුදහම තුලසිට බුදු දහම විනාශකිරීමට මතුවන චීවරධාරීන්, රටේ නිතිය පළමුතැන ලා සැලකිය යුතුබව දේශනාකරතිබේ.

:       2       21

sujeewarWednesday, 14 December 2022 12:01 PM

අතීතයේදී ශාසනය ආරක්ෂා කරගැනීම සඳහා සිල්වත් භික්ෂූන් වහන්සේලාගේද උපදෙස් පරිදි බොරු චීවරධාරින්ගේ සිවුරු ගලවා නලලේ පච්චයක්ද කොටා පලවා හැරි බව අසා තිබේ. එහෙත් එවැනි උපදෙස් දීමට සිල්වත් භික්ෂූන් වහන්සේලා සොයාගැනීම ඉතා දුෂ්කර වන අතර සැබෑ සිල්වත් භික්ෂූන් වහන්සේලා මෙවැනි විකාර වලින් ඈත්ව ආරණ්‍යවාසීව සැබෑ බුදුමගෙහි ගමන් කරමින් සිටියි.

:       0       13

සුභ පතමු...!Thursday, 15 December 2022 01:18 AM

එදා බොද්ධ රටක් වූ ඉන්දුනීසියාව අද බුර්කාව අඳින මුස්ලිම් රටකි. නුදුරු අනාගතයේදීම ලංකාවටත් එසේම වේවා කියලා සුබ පතමු..!

:       3       3

JagathSFriday, 16 December 2022 08:22 AM

මීට ටික දිනකට ඉහත මේ විශ්ව විද්‍යාලය ගැන ලංකාදීපයේම පල කල ප්‍රවෘතිය බලන්න .මේ චීවර ධාරීන් මොක්කුන්ද කියලා අවබෝධ වෙයි

:       0       0

Ajaasattha Tuesday, 13 December 2022 04:23 PM

ඔය චීවරදරියො කොන්ඩෙ වවාගෙන ඉන්නෙ උපාධියත් සමග, සමග ගෑනුපරානයකුත් කුදලාගෙන අලුත් ජීවිතේකට පියමන් කරන්න

:       19       86

senaTuesday, 13 December 2022 06:47 PM

ඉතින් මොකක්ද ඇති වැරැද්ද.?

:       13       0

AjasatthaWednesday, 14 December 2022 11:34 AM

සේන, ඔබට පිළිතුරු මෙහි ඇති අදහස්වලම ගැබ්වී ඇත.

:       0       7

sujeewarWednesday, 14 December 2022 12:45 PM

සේනගේ වැරැද්දක් නැහැ. සේන පිළිඅරගෙන තියෙනවා ඒ අය චීවරධාරීන් බව... ඉතින් චීවරධාරියෙක් වූ පමණින් භික්ෂුවත් නොවන නිසා කොණ්ඩයයි රැවුලයි වවාගෙන පිස්සු කළාට මොකද වෙන්නේ...? එහෙම අයට පොලිසිය ගැහුවාට වැරැද්දකුත් නැහැ. සාමාන්‍ය බෞද්ධයින්ට වගේම සේනටත් ඒක තේරෙන නිසා තමයි. ඉතින් මොකද කියලා අහන්නේ..? ඔබ හරි සේනක... ඔය වගේ අයට පොලිසිය විතරක් නෙවෙයි, සියළු බෞද්ධයින් එකතුවෙලා ගහන්න ඕනේ... හා නැද්ද?

:       0       12

Lal Tuesday, 13 December 2022 04:51 PM

බට්ටො නේද මේ?

:       0       8

Kamal Tuesday, 13 December 2022 05:02 PM

පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාල සඳහා වියදම් කිරීම මහනායක හිමිවරුන්ට භාර දෙන්න. රජය ඊට වියදම් කිරීමෙන් ඉවත් වන්න.

:       0       16

thusitha Tuesday, 13 December 2022 05:11 PM

ජෙප්පෝ කන රට, අයියෝ සාමි....

:       0       13

Lal Tuesday, 13 December 2022 06:30 PM

අපි මේ නාඩගම් දිහා උපේක්ෂාවෙන් බලා සිටුමු.

:       0       7

dhamneth Tuesday, 13 December 2022 07:51 PM

අපේ හාමදුරුවරුන්ගේ යුතුකමක් තමන් මහනකරගන්න ගෝල හැමදුරුවරු බොදු මග යවන එක, ශාසනයට අගෞරව සිදු නොවන ලෙස රැක බලා ගැනීම.

:       0       9

දහමට සංඝ ත්‍රස්තවාදයක් .... Tuesday, 13 December 2022 10:42 PM

කොණ්ඩය වවාගෙන චීවරය ඇඳගෙන පෙළපාලි ගොස් අශීලාචාරීව හැසිරී ආවේගශීලීව කෑගසා දහමට සංඝ ත්‍රස්තවාදයක් කරවපු නිගරුවටම මොවුනට හොඳ දඬුවමක් ලැබෙන්න ඕනි. පන්සල් නිසා එදා සසුනට පුදපු මේ අයම නේද නිර්මල චිවර ගුණය අද ඉරලා දාන්නේ රටටම පේන්න. ඒවගේම ගුණදම් රකින පින්වත් සඝ රුවණක් වෙයි කියල බලාපොරොත්තුවෙන් නේද මේ දරුවන්ගෙ අම්මලා එදා හිතන්න ඇත්තේ. ඒ වුනාට මේ අයගෙ මේ හැසිරීම දැක්කහම කාටවත් හිතෙයිද අපේ පන්සලට යන්න ඕනි පිනක් කරලා සංඝයාට දානයක් දීලා වැඳලා එන්න..! හැබැයි ධර්මචක්‍රය ලාංඡනය ගැන කියමින් ඇඟිලි දික්කරලා පොළීසියට කතා කරපු රැවුල කොණ්ඩය වවාගත් හිමිනමට දැලිපිහියෙන් ඒවා බූගාගන්නට අමතකවීම මේකෙ වීඩියෝව දැකපු විදේශික අපිට මෙය සැබෑවක්ද යන්න සිතාගත නොහැකිවම තුෂ්නිම්භූත වීම පුදුමයක් නොවේ...!!

:       0       12

sujeewarWednesday, 14 December 2022 12:52 PM

ඇත්තටම සංඝයා වහන්සේලා ඉන්නේ ධර්මය කියාදෙන්න හා ධර්මයේ හැසිරෙන්න නම් ඒ අය ඉගෙන ගන්න ඕනේ ධර්මයනේ... ඒකට විශ්ව විද්‍යාල හෝ උපාධි හෝ අවශ්‍ය නැහැනේ.. ඒ නිසා භික්ෂුවට විශ්ව විද්‍යාල තහනම් කර පිරිවෙන් වලට ඇතුළත් කරන්න. ඊට පස්සේ බුද්ධ ධර්ම දැනුමෙනුයි, ප්‍රතිපදාවෙනුයි පරිණත වුණාම නැවත උපසම්පදා කරලා ගන්න. ඔය ඕනෑතරම් නීති තියෙන්නේ... භික්ෂුවකට නීති විද්‍යාලයට යන්න බැහැනේ.. ඒක හොඳ නීතියක්.. ඒ වගේ නීති හැමතැනටම පනවන්න.

:       0       8

Jayalath Wednesday, 14 December 2022 06:33 AM

මේවාගෙන් මහජනතාවට පුදුම කරදරයක් තියෙන්නේ හැමදාම උද්ඝෝෂණ.

:       1       15

Senarath Wednesday, 14 December 2022 09:14 AM

මේ වගේ උද්ඝෝෂණවලට සහභාගිවන බහුතරයක් හාමදුරුවරු ඇත්තටම හැමදුරුවරු නෙමෙයි.

:       0       16

JAYASEKARAWednesday, 14 December 2022 10:33 AM

ඇත්ත, මමනම් කියන්නේ ලගදි සම්මත කරගත් භික්ෂු කතිකාවතට අනුව, අදාල නිකායික විනය පරීක්ෂණයක් කරලා ශාසනයෙන් නෙරපන්න තියන්නේ.

:       0       10

සත්‍ය ගවේෂී. Wednesday, 14 December 2022 11:09 AM

මේ හිමිවරුන් නිවැරදියි කියා කියන්නට බැහැ.මේ රටේ බුද්ධ චීවරය දරන සැම හිමිනමකට ම කුමන පැත්තකින් හෝ දේශපාලනය කිරීමට ඉඩ නොතැබිය යුතුයි.ගලගොඩ, මාගල්, ඉත්තෑ තිස්ස,අභයාරා,මුරුත්තෙ ඇතුළු බොහෝ දේශපාලනයට කහින අය ගැනද සඳහන් කළ යුතුයි.

:       0       9

Lalith M Wednesday, 14 December 2022 11:34 AM

ඉස්සර ප්‍රේමදාස ජනපති කාලයේ ඔහුට ආශීර්වාද කිරීමට චීවරධාරීන් පන්දහසක පාගමනින් වැඩියා. ඒකෙත් වැඩිපුරම හිටියේ ඔයවගේ සිවුර යට හැංගුන මැරයෝ කියල ආරංචියක් තිබුණ.

:       0       4

P.d goonawardena Wednesday, 14 December 2022 11:38 AM

අභිධර්මය මතක් වෙන්න නෙලන්න.....

:       0       7

sujeewarWednesday, 14 December 2022 12:57 PM

අභිධර්මය නෙවෙයි මිත්‍රයා ඉස්සෙල්ලාම වටහා ගන්න ඕනේ දුක... දුක තේරුම්ගන්න නම් හොඳට දැනෙන්න නෙලන්න ඕනේ... එතකොට කල්පනා කරයි දුක නැති කිරීම හා දුක නැතිකිරීමේ මාර්ගය... අන්න එතකොට අලුතින් මහණ කරලා අරගෙන අභිධර්මය කියලා දෙන්න ඕනේ....

:       0       9

උපාසක Thursday, 15 December 2022 08:44 AM

බොහෝ අමාරුවෙන් දානේ දෙන දායකයන්ට මේවා දැක්කම මොනවා හිතෙනවා ඇද්ද. ස්වාමීන් වහන්සේලා මැරයෝ වගේ හැසිරෙන එක කොහොමත් ගැලපෙන්නේ නෑ. මහා නායක හිමිවරුත් මේවා දකිනවා ඇති. නොදැක්කා වගේ ඉන්නවා. උන්නාන්සේලා ඇයි නිහඬව ඉන්නේ මේවාට පිලියමක් යොදන්නේ නැතිව. කව්ද මේ සාසනය පිරිසිදු කරන්නේ.....

:       0       7

රන්මුතුගලබොඩ Thursday, 15 December 2022 09:53 AM

සබ්බ දුක්ඛ නිස්සරණ සච්ඡි කරනත්ථාය... කියලයි පැවිද්ද ඉල්ලන්නේ. පවිදිවෙලා ගිහියොත් නොකරන වැඩ,... බුද්ධ සාසනය කෙලෙසන්නේ භික්ෂුන් වෙස් ගත් චීවර ධාරීන්.... අවසරයි මහනායක හිමිවරුනි. ඔබවහන්සේලාට මේවා නොපෙනේද. වහාම පියවරක්‌ ගන්නා සේක්වා.

:       0       6

ලියනාරච්චි Thursday, 15 December 2022 01:17 PM

මේ ස්වාමීන් වහන්සේලා හැසිරෙන විදිය භික්ෂුන් වහන්සේලාට කොහෙත්ම ගැලපෙන්නේ නෑ. අරගල,උද්ගෝෂණ නොකර ඉන්නම අමාරුයි නම් මේ ස්වාමින්වහන්සේලට සංවරව,සමකාමීව කරන්න පුළුවන්නේ. තරුණ වයස උනාට ආවේගශීලි විදියට හැසිරීම කොහෙත්ම අනුමත කරන්න බෑ භික්ෂුන් වහන්සේලා විදිහට. පසුගිය දිනවල ත්‍රිකුණාමලයේ ආනන්ද නායක ස්වාමින්වහන්සේ මේ පිලිබඳව අවධානය යොමුකරලා තිබුන. රටේ වැඩ ඉන්න ගෞරවනීය සංඝරත්නය අපහසුවට පත් වෙනවා මෙවැනි හැසිරීම් නිසා. මේවට ඉතා ඉක්මනින් පියවරක් ගන්නා මෙන් අපි මහනායක ස්වාමින්වහන්සේලාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

:       0       5

kamal Friday, 16 December 2022 10:13 AM

මෙතන සංඝ කියන්නේ අඩුම සෝතාපන්න පලයට පත්වෙච්ච උත්තමයෙකුට .සිවුරක් ඇදපු ඕනෑම කෙනෙක් පැවිද්දෙක් .සංඝ වෙන්නේ නැ .පැවිද්දන්ගෙන් අපි ගිහියන්ට වඩා ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න යන එකයි වැරැද්ද.සංඝ කියන අය ගිහි සමාජෙත් ඉන්න පුළුවන්.අනික බුදුන් දවස උනේ සද්ධර්මය අහල තේරුම් අරගෙන මගක් වඩල අඩුම සෝතාපන්න උනාම ඒ බව බුදුන් වහන්සේට පවසන්නේ ස්වාමිනි අදුරට පහනක් දැල්වූ වු සේ යටිකුරු වු දෙයක් උඩුකුරු කලා සේ යනුවෙනි .එවිට අරණ්‍ය ගතව හෝ රුක්ඛ මුල ගතව ජීවිතය ගතකරන්නට උපදෙස් ලැබෙන්නේ එවන් යතිවරයන් අදුනගන්නට නොහැකි පෘතක්ජනයා අප්‍රමාන පවු සිද්ද කරගැනීමට ඇති අවකාශය නැති කිරීම පිණිසය .එවන් මහා සංඝරත්න දැනටත් මේ පුණ්‍ය භුමියේ වැඩවාසය කරන අතර ඒවා ගැන හෝ ශ්‍රී සද්ධර්මය ගැන මෙලෝ හසරක් නොදත් මිනිසුන් හා පැවිද්දන් මේ මිනිස් ජීවිතයේ වටිනාකම ගැන නොදැන අප්‍රමාන පව් කොට දුගති ගත වන්නේය

:       0       0

ඇබිත්තියා Tuesday, 20 December 2022 07:06 PM

පැරණි ග්‍රන්ථ වලට අනුව මෙි පිරිස හැදින්වෙන්නේ "ශ්‍රමණ ප්‍රතිරෑපක" යන නමිනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 369 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 87 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 226 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 282 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 352 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 642 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 404 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 914 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site