IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


බදියුදීන් යළි රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 15 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ අද (01) නියෝග කළේය.

එම සිද්ධියට අදාළ අනෙක් සැකකරුවන් වන නිතීඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇතුළු තවත් සැකකරුවන් හය දෙනක ද එදින තෙක් තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමට ද අධිකරණ නියෝග නිකුත් විණී.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයට අද (01) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් හත් දෙනා ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට පෙනී සිටියහ.

මෙම සිද්ධියේ හත්වැනි සැකකාර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් වන කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍යව ඇති බැවින් ඒ සදහා දිනයක් ලබා දෙන ලෙසට සැකකරු වෙනුවෙන් පෙනී සිටි නිතීඥ එන්. එම්. සහීඩ් මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් වන සැලකිරිම් ඉදිරිපත් කිරිම සදහා ලබන 15 වැනිදා අධිකරණය හමුවේ යළි නඩුව කැදවීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කරමින් සැකකරුවන් එදින තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

 



අදහස් (3)

බදියුදීන් යළි රිමාන්ඩ්

Shan Wednesday, 01 September 2021 05:51 PM

ඒල්ලුම්ගහ නම් ෂුවර් ඒයාට

:       1       3

කිරිපුතා Wednesday, 01 September 2021 06:22 PM

මේකත් දැන් ඉඩම් නඩුවක් වගේ.

:       0       1

Bamunuarachchi Thursday, 02 September 2021 10:45 AM

අර දොස්තරට තග දැම්ම එකට නැවත රිමාන්ඩ් කරන්න වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් දෙන්න තාබුගලට නියෝග
2024 නොවැම්බර් මස 08 8 0

මුදල් විසුද්ධීකරණය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට සහය ලබා දී,නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවුරා ල


අකුරණ ජලයෙන් යට වෙයි
2024 නොවැම්බර් මස 08 213 0

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද 08 වනදා පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ් 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යට ව තිබිණ.


මහ ඡන්දෙට දින දෙකක් පාසල් වහයි
2024 නොවැම්බර් මස 08 147 0

මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.


දිස්ත්‍රික්ක 6කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 08 97 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 611 0

කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 22 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසාවිනිසුරු දිනිදු සමරසිංහ මහතා අද නියෝග ක


ජපුර විද්‍යාර්ථීන්ට මැතිසබෙන් පාඩමක්
2024 නොවැම්බර් මස 08 493 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 85 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 461 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1437 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site