(නිමන්ති රණසිංහ)
කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා සන්තකයේ තබාගෙන සිටි නවීන වර්ගයේ ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.
බන්ධනාගාර නිලධාරීන් විසින් වාට්ටු සෝදිසි කිරීමට පැමිණි අවස්ථාවේදී සැකකාර රිෂාඩ් බදියුදීන් මහතා එම ජංගම දුරකථනයෙන් ඇමතුම් ලබා ගනිමින් සිට ඇති බවත්, නිලධාරීන් දුටු සැකකරු එම ජංගම දුරකථනය අසල ජනේලයෙන් ඉවතට විසිකර ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන ) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
ඒ අනුව බන්ධනාගාරයක් තුලදී සැකකරුවකු ජංගම දුරකථනයක් භාවිත කිරීමේ වරදට අදාළව බන්ධනාගාර ආඥා පනත ප්‍රකාරව බන්ධ විනිශ්ච මණ්ඩලයක් හමුවට මෙම සැකකරු ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද ඔහු සඳහන් කළේය .
සැකකාර හිටපු අමාත්‍යවරයා ජනේලයෙන් ඉවතට විසි කරන ලද ජංගම දුරකථනය නිලධාරීන් විසින් අහුලාගනු ලැබීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා බුද්ධි අංශ වෙත ඉදිරිපත් කර ඇති බවද සඳහන් වෙයි.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බදියුදීන්ගේ සිරකුටියෙන් නවීන ජංගම දුරකතනයක්
මහසෙන් Thursday, 02 September 2021 04:36 PM
එයා අතට ඔය දුරකතනය ගිය හැටිත් කීවා නම් වටිනවා
Siri Thursday, 02 September 2021 04:53 PM
එයා විතරද ඔය වැඩේ කළේ..? දුමින්දලා ගාව ජංගම දුරකථන තිබිලා නැද්ද?
Ruhunu Thursday, 02 September 2021 05:17 PM
ඕවා අහන්නත් දේවල්ද? සමහරවිට කන්‍යාවියොත් ඇති...
Asela Thursday, 02 September 2021 07:34 PM
හිර කූඩුවේ ජනේල තියෙනවද. තව ටික දවසකින් කියයි බදුර්දීන් ජනේලය කඩාගෙන පැනල ගිහින් තියෙනවා කියලා
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 02 September 2021 07:42 PM
මොහු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වන නිසාත්, මොහුට ඇති වරප්‍රසාද නිසාත්, මොහු නිතරම ආරක්ෂා වෙනවා. කෝ ආණ්ඩුවේ පම්පෝරි කතා විතරනේ. මොහුට තවමත් හරිහමන් දඬුවමක් දුන්නාද ? තව මොනවා කළත්, ඔච්චර තමයි.
lanka Saturday, 04 September 2021 10:17 AM
බයියන් චූන් කිරීමට තවත් කෙටි නාට්‍යයක්.
fairoos Sunday, 05 September 2021 01:05 PM
හා එහෙමද? එයා එනකොට අරන් ඇවිල්ලා ඇතිනේ... විකාර.. මිනිස්සුන්ට මෙහෙ කන්න නැහැ. රිෂාඩ්ගේ කේස් එක තමයි වැදගත්.