(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හිටපු අමාත්‍ය හා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු සමස්ථ ලංකා මුස්ලීම් කොන්ග්‍රස් පක්ෂයෙ නායක මන්ත්‍රී රිෂාඩ් බදුර්දින් මහතා ගමන් ගනිමන් තිබු සුඛෝපභෝගි ජීප් රථය කරුවලගස්වැවදී අද (13) දහවල් අනතුරකට ලක්ව ඇති බව කරුවලගස්වැව පොලිසිය පවසයි.
රිෂාඩ් බදුර්දින් මන්ත්‍රිවරයා ඔහුගේ ආරක්ෂකයින් සමග මන්නාරම සිට පුත්තලම බලා එමින් සිටියදී කරුවලගස්වැව ඉන්ධන හල ඉදිරීපිටදී යතුරු පැදියක් මාර්ගය හරහා දැමිමට යාමේදි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
අනතුරීන් වාහනයෙ මන්ත්‍රිවරයාට හෝ එම වාහනයෙ ගමන් ගත් කිසිවකුටත් අනතුරක් සිදුව නැති බවත් යතුරු පැදි කරුට සුළු තුවාල සිදුව ඇති බවත් පොලිසිය කියයි.
කෙසේ නමුත් රිෂාඩ් බදුර්දින් මන්ත්‍රිවරයා ගමන් ගත් වාහනය රියදුරුට පාලනය කර ගැනිමට නොහැකි වි මාර්ගයෙන් ඉවතට පැන අසල කානුවක ගැටි නැවති ඇති බව පොලිසිය කියයි.
අනතුර හේතුවෙන් තුවාල ලැබු යතුරුපැදිකරු පුත්තලම මුලික රෝහලට යැවිමට කරුවලගස්වැව පොලිසිය කටයුතු කර තිබුනී.
කරුවලගස්වැව පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සුජීව අලවත්ත මහතා ඇතුළු රථවාහන අංශ නිළධාරීන් අනතුර සම්බන්ධව පරික්ෂණ ආරම්භ කර ඇති බව කියයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බදුර්දින් කරුවලගස්වැවදී අනතුරක
Prabha Saturday, 13 July 2024 02:58 PM
මගේ බලාපොරොත්තුව සඵල වෙලා නෑ.
fairoos Saturday, 13 July 2024 03:56 PM
නඩුවක් තමයි එහෙනම්...!
ජයනාත් Saturday, 13 July 2024 05:07 PM
යාපනෙ ඉඳලා පුත්තලම ට ආපු හැටි මතක් වෙනවා .
Ruwan De Silva Saturday, 13 July 2024 05:08 PM
ඒ අස්සේ ඩිලාන් පෙරේරාත් හැප්පිලා ලු, මම හිතන්නේ රටේ අනාගතය සුභයි
Hafiz Saturday, 13 July 2024 05:31 PM
අධිකරණ නියෝගෙට ගස් වවලා යන ගමන් මහන්සියට නින්ද ගිහින් වෙන්න ඕනෑ...
පිටිගල මිලානෝ Saturday, 13 July 2024 05:55 PM
ඕං නමෝ… කන්ටේනර් දෙයියා වඩින්න..