IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්

(ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත නානායක්කාර)

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8) පස්වරුවේ පතිත වූ  ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක්  අවහිර වී බදුලු ඔයේ ජල මට්ටමද ඉතා සීග්‍රයෙන් ඉහළ ගොස් සුමනතිස්සගම කයිලගොඩ ,බදුලුපිටිය හංවැල්ල දෙයියන්නේවෙල ප්‍රදේශවල  නිවාස රැසක්  ජලයෙන් යටවූ බව ආපදා  කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

එක්වරම අද (8) පස්වරු 3.00 ට පමණ පතිත වූ මෙම ධාරානිපාත වර්ෂාවත් සමඟ හාලිඇල කැටවල මාර්ගය විශාල ගසක් කඩා වැටී අවහිර වී ඇති අතර, බදුල්ල ස්ප්‍රීංවැලි මාර්ගයේ කෝට්ටගොඩ ප්‍රදේශයේ නාය යාමක් නිසාවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි.

බදුල්ල වැලිමඩ ප්‍රධාන මාර්ගයේ ඇටම්පිටිය 100 කිලෝමීටර් කනුව අසල නාය යාම සක්‍රීය වෙමින් මාර්ගය ට පස්කදු ගල්පර්වත කඩා වැටීම නිසාවෙන් වැලිමඩ  බදුල්ල මාර්ගයේ එම ස්ථානයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කළ බවද හෙතෙම කීය.

වැලිමඩ උඩුපුස්සැල්ලාව මාර්ගයේ කෝට්ටගොඩ පාලම අසල නාය යාම නිසාවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන හිට ඇති බවත්, බදුලු ඔයේ ජල මට්ටම ඉතා සීග්‍රයෙන් ඉහළ යාම නිසාවෙන් උඩුවර 5 කණුව පාලම ජලයෙන් යට වී ගමනා ගමනයට බාධා සිදුව ඇතැයි උදයකුමාර මහතා පැවසීය .

මේ අතර බදුලු ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් බදුල්ල සුමනතිස්සගම, හංවැල්ල කයිලගොඩ බදුලුපිටිය දෙයියන්නේවෙල ප්‍රදේශවල නිවාස අඩි 3ක් පමණ  ජලයෙන් යටවී ඇති හෙයින් එම බදුලු ඔය ආසන්නයේ නිවාස හිමියන් කල්වේලා ඇතිව නිවාස වල බඩුබාහිරාදිය ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගියහ.

වර්ෂාව තව දුරටත් පවතින හෙයින්  බදුලු ඔය දෙපස  පදිංචිව සිටින   ජනතාවට දැඩි විමසිල්ලෙන් අවධානයෙන් කල්පනාකාරීව ආරක්ෂිතව සිටින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා දැනුම් දී සිටී.

පස්සර ලුණුගල මාර්ගයේ අමුනුවත්ත සිට පීස්සගම හංදිය දක්වා මාර්ගයේ ස්ථාන විස්සක පමණ සුලු නාය යාම් සිදු වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පවසයි. එම මාර්ගයේ රථ වාහන ධාවනය ඉතා පරිස්සමෙන් ආරක්ෂිත ව පදවන ලෙසට රියදුරන් ට උපදෙස් දෙයි .

වර්ෂාවත් සමඟ හාලිඇල නගරයේ තැපැල් හල පාර සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ගමනා ගමනය ට බාධා සිදුව තිබූ අතර , නගරයේ වෙළෙඳ සැල් රැසක් ජලයෙන් යටවී දේපළ රැසකට අලාභහානි විය.

මේ වනවිටත් වර්ෂාව බදුල්ල ප්‍රදේශ යට පතිත වෙමින් පවතින අතර මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් පතිත වී ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (0)

බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්

ඔබේ අදහස් එවන්න

දියත

තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති
2024 නොවැම්බර් මස 23 714 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ


සැපරියෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට
2024 නොවැම්බර් මස 23 1612 0

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් සැප රියක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.


මන්ත්‍රී වරප්‍රසාද කැපේ
2024 නොවැම්බර් මස 23 2446 0

මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


ගම්පහ නාඩු පාලන මිල පැනලා
2024 නොවැම්බර් මස 23 852 0

ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.


බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 23 490 0

උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉකුත් පාලනය රටවිරු වාහනයටත් විදලා
2024 නොවැම්බර් මස 22 3122 0

විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 490 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 709 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1990 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site