(රංජන් කස්තුරි)
බදුල්ල පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස උසස් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨයේ සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා එම රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කර තිබේ.
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨයට අවශ්‍ය පරිදි බදුල්ල රෝහලේ පහසුකම් සංවර්ධනය කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බදුල්ල රෝහලට උසස් වීමක්
Hafeel Sunday, 14 May 2023 04:07 PM
අනුරාධපුර ශික්ෂණ ළමා සහ තවත් වාට්ටු වසා දමලා, රෝහල්වල හරියාකාර බෙහෙත් වර්ග නැහැ, මහරගම පිළිකා රෝහලේත් ඉතා අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග හිඟයි, සෞඛ්‍ය අමාත්‍යාංශය රජයේ රෝහල්වල බොහෝ ශල්‍යකර්ම නවත්තලා. තත්වය මෙසේ තියෙද්දී, බදුල්ල මහ උසස් කරලාලු...
sujeewarSunday, 14 May 2023 05:20 PM
අඩුපාඩු දුර්වලතා තිබුණා කියලා කිසිවක් නොකර සිටිය යුතු නැහැ. පුළුවන් දේවල් හරි කළ යුතුයි.
jayasekaraMonday, 15 May 2023 09:55 AM
අනෙද කියන්නෙ.. බදු මුදලින් ඉගෙන ගෙන සමහරක් ඉල්ලීම් ඉල්ලගෙන වර්ජන කරනව...
සචිත්Monday, 15 May 2023 06:46 PM
ඔබතුමත් බදු මුදලින් ඉගෙන ගත්තා නම් ඉවරයිනේ...
Janaka Monday, 15 May 2023 08:01 AM
මේවා කළයුතු දේවල්... නමුත් වෙද සිසුන් ඉගෙන ගන්න ඕන රෝහල්වල මහාචාර්ය ඒකකවල... ඒක ජාත්‍යන්තර පිළිගැනීම. එසේම ගුණාත්මක බව ආරක්ෂා කරන්න ඕනෑ. අද තත්ත්වය අනුව මෙය කෙසේ ගලපා ගනීවිද?
Elvin Monday, 15 May 2023 11:22 AM
ඔබතුමාට ඉගෙනගන්න බැරි වුණා කියලා ඉගෙන ගත්තු අය පලිද?