(යොහාන් භාසුර)
බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සේවය කරන උසස් නිලයක් දරණ වෛද්‍යවරයෙක් සායනවලට පැමිණෙන ගැබිනි මව්වරුන්ට අපහාසාත්මක අන්දමින් බැණ වදින්නේ යැයි ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය බලධාරීන්ට පැමිණිළි කර තිබේ.
අදාල වෛද්‍යවරයා ගැබිනි මව්වරුන්ගේ සායනවලදී මව්වරුන්ට ඉතාමත් පහත් අන්දමින් කතා කරන බවත් ජාතිවාදී ප්‍රතිපත්තියක සිටිමින් මව්වරුන්ට නිගා කරන බවත් මව්වරු කියති. ගැබිනි මව්වරුන්ට පමණක් නොව එන්නත් ලබාගැනීමට දරුවන් රැගෙන එන මව්වරුන්ට ද ඒ ආකාරයෙන්ම අදාල වෛද්‍යවරයා බැණ වදින බව කියන ප්‍රදේශවාසීහූ මෙම තත්වය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට අවස්ථා කීපයකදී පැමිණි කළ බව ද සඳහන් කළහ.
අදාල වෛද්‍යවරයා නිරන්තරයෙන් අසම්මත ආකාරයෙන් හැසිරෙන බවත් එවැනි අවස්ථාවකදී වෛද්‍යවරයාට දොස් කී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් සමඟ ද ඔහු ගැටුමක් ඇතිකරගත් බවත් ජනතාව වැඩි දුරටත් කීහ.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බදුල්ලේ සෞඛ්‍ය නිලධාරියෙක් මව්වරුන් අපහසුතාවට පත්කරයි
අහිංසක Tuesday, 21 March 2023 04:56 AM
ගහේ කටු උල්කරන්නෙ මක්කටෙයි නිකම්ම උල්වෙලාමයි හැදෙන්නේ සංගමේ කියන්නෙ තනිකරම කටු ඉඹුලක් තමයි නුවනැත්තෝ සිතන්න කාලෙකට කීප වතාවක් සංගමේ කට්ටිය යමපල්ලො වගේ රෝගීන් කටුඉඹුලේ යවනවා නේද කියලා
Lalla Tuesday, 21 March 2023 08:30 AM
හරිත අලුත්ගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වෙන්න ඕන. එයා කරන්නේ මිනී මරා හෝ තම ගාන ප්‍රවේසම් කරගැනීම නේද.
Senarath Tuesday, 21 March 2023 08:55 AM
මේකගේ මොලේ බලවන්න ඔනෙ
fairoos Tuesday, 21 March 2023 12:06 PM
එයත් ලෙඩෙක් වගේ