IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


බෲනෝ දිවාකර ලබන 7 තෙක් රිමාන්ඩ්

නිමන්ති රණසිංහ

බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් නිකුත් කළැයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ජයනි නතාශා එදිරිසූරිය යන අයට ආධාර අනුබල දුන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බෲනෝ දිවාකර ලබන 7 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (01) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය මෙම සැකකරු ඊයේ (31) අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

"මෝඩාභිමානය" නමින් සංවිධානය කර තිබූ වැඩසටහනකදී බෞද්ධ දර්ශනයට හානියක්, අපහාසයක්, අගෞරවයක් වන අයුරින් ප්‍රකාශයක් සිදුකර ඇති සැකකාර නතාශා එදිරිසූරිය යන අයගේ එම ප්‍රකාශය අන්තර්ජාලය මගින් බෙදා හැරීමට මෙම සැකකරු කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

 



අදහස් (12)

බෲනෝ දිවාකර ලබන 7 තෙක් රිමාන්ඩ්

sena Thursday, 01 June 2023 11:56 AM

බුද්ධ දර්ශනයට අපහාස කරන්නේ මේ ගෑනු මිනිස්සු නෙමෙයි සිංහල බෞද්ධයෝ වන අපිමයි .මේ ප්‍රශ්න අපි ආමන්ත්‍රනය කරන්න ඕන අර්ථයෙන් සහ ධර්මයෙන් මිසක් හිංසාවෙන් නෙමෙයි .බුදුන් වහන්සේ චිංචි මානවිකාවන්ට ,අම්බපාලිට ,ආලවකට ,බක පණ්ඩිතයාට කොහොමද සැලකුවේ ?අපිට ඒ ආදර්ශය ගන්න බැරි මොකද ?

:       19       29

sujeewarThursday, 01 June 2023 01:01 PM

මෙවැනි අදහස් සමාජගත කිරීමත් එක්තරා ආකාරයකට ධර්මයට අපහාස කිරීමක්ම තමයි. එක් කණ්ඩායමක් කෙලින්ම නහය අල්ලනකොට සේන වගේ අය ඔලුව වටෙන් අතදාලා නහය අල්ලන්න බලනවා. දෙකෙන්ම කරන්න හදන්නෙ නහය ඇල්ලීමම තමයි. ක්‍රමය විතරයි වෙනස්. සිංහල බෙෘද්ධයොද කියන එක අදාල නැහැ. සෘජුවම ධර්මයට අපහාස කරලා තරුණ පරම්පරාව ධර්මයෙන් ඈත් කිරීමේ චේතනාවෙන් දර්ශණයට අපහාස කිරීමක් මෙතන තියෙන්නේ. යටත්විජිතවාදය, ආගමික ව්‍යාප්තිය, බහු ආගමික, බහු ජාතික, පාතාලය, කුඩු, අයිස්, ත්‍රස්තවාදය, NGO, සාමය, සහජීවනය, නූතන සංස්කෘතිය කියන විවිධාකාර නම්වලින් විවිධාකාර ක්‍රමවලින් කරන්න උත්සාහ කලේ මේ රට මූලික හර පද්ධතිය සහ දේශමාමකත්වය නැති කිරීමයි. මේ තරම් පුංචි දූපතක මේ කියපු හැම විනාශයක්ම වෙලා තියෙද්දීත් අදටත් බුද්ධ ධර්මය රැකිලා තියෙන එකම ආශ්චර්යයක්. ඒක නිසා මොකා කරත් ඒකට නීතිමය පියවර ගන්නවා මිසක් රටට ඇහෙන්න කෑගහලා බොරු ප්‍රචාර දීලා වැඩක් නැහැ. කවුරු කලත් වරදට දඩුවම අනිවාර්යය විය යුතුයි. නලවලා වැඩක් නැහැ. බහු ආගමික බහු ජාතික මිත්‍යාවෙන් මිදිලා මේක බෞද්ධ රටක් බව තේරුම් ගෙන ඒ මත පදනම්ව නීති සැකසිය යුතුයි.

:       7       8

sujeewarThursday, 01 June 2023 01:12 PM

අනෙක මේ උදාහරණ එකක් වත් මෙතනට ගැලපෙන්නේ නැහැ. චිංචි මානවිකාව අනුන් හෙයෙවපු මෝඩ කාන්තාවක්, අම්බපාලිය තම පුද්ගලික අරමුණක් වෙනුවෙන් අන්ධ ලෙස කටයුතු කල අයෙක්, බන හා ආලවක තමන් ගැන අධි තක්සේරුවෙන් හිටපු බලවත් චරිත දෙකක්. චිංචි මානවිකාවගේ සිද්ධියට නම් මේ සිද්ධිය ගැලපිය හැකි වුනත් අනෙක් සිද්ධි වලට ගලපන්න කොහොමවත් නැහැ. අපි දන්නා තරමින් කල්ප ගණනක් පෙරුම් දම් පුරපු උත්තමයකුට විරුද්ධව කටයුතු කිරීමේදී වැරදිකරුවකු නිරාවරණය වීම හා සත්‍යය ජයගැනීම ස්වභාව ධර්මයට එහා ගිය විශ්ව ශක්තියක් ක්‍රියාත්මක වීමක්. ඒ ඒ කාලේ හැටි. අපි දැන් ක්‍රියාත්මක විය යුත්තේ වර්තමානයට ගැලපෙන ආකාරයටයි. අද අපිට බුදුරජාණන් වහන්සේ නැහැ. අපේ වගකීම විය යුත්තේ අද පවතින තත්වයට සුදුසු විදිහට කටයුතු කිරීමයි. කෙසේ වෙතත් මෙවැනි තත්වයන් නිර්මාණය කලහොත් බඩුවම අනිවාර්යය බව සමාජයට දැනෙන්නට හැරිය යුතුයි. එවිට මෙය බොහෝ සෙයින් පාලනය කල හැකියි. අන්මත්තකයින් සිටින බැවින් සම්පූර්ණයෙන් සදාකාලිකවම මේ තත්වය නැතිකල නොහැකියි. එහෙත් එම තත්වය වර්ධනය වීමට ඉඩ නොතැබිය යුතුයි.

:       6       7

senaThursday, 01 June 2023 04:12 PM

එක හාමුදුරු නමක් උතුම්වු දලදා වහන්සේ ඌරු දතක් කිව්ව, තව ලොකු දේසපාලුවෙක් බුදුන් වහන්සේට ඉන්දියන් කාරයෙක් කියලා අපහාස කලා, තවත් ටීවී චැනල් අය්තිකාරයෙක් සිද්ධාර්ථ කුමාරයාට තමන්ගෙ ගෑනි වත් බලාගත්තෙ නති මනුස්සයෙක් කිවා. එයාලාට මොනාද ලබිච්ච දඩුවම්? එවට කාගෙවත් හිත රිඩුනෙ නැද්ද? මෙ විහිලුවක් කරලා කියක් හරි හොයාගෙන ජිවත්වෙන ගෑනියෙක් මොකක්ද කිවා කියලා අපි බොරුවට දගලන එක වැරදියි. අනික එ මනුස්සයා එ වෙලාවෙදි කියන්න උත්සාහ කරෙ සිඩ්ඩර්ත කුමාරයා වනි උත්තමයෙක් අද බිහි උනොත් අපෙ අම්මලා කොහොම හැසිරෙයි කියන එකයි, මොකක් උනත් බුදුන් වහන්සෙට කෙලින්ම අපහාස කරපු බලවතුන් නිදැල්ලෙ ඉදිද්දි සාමන්‍ය ගෑනු මිනිස්සුන්ට පමන ඉක්මවා දඩුවම් කිරිම වැරදියි. නිතියනම් කාටත් පොදු විය යුතුයි.

:       2       9

යෝගා Thursday, 01 June 2023 01:54 PM

එහෙම කරන්න බැරි නූතන චිංචි මානවිකාලා අන්තර්ජාලය භාවිතා කරලා එකවර මුලු රටටම ආමන්ත්‍රණය කරන නිසයි. එතකොට ගැටුම් ඇතිවී සාමය කඩවීමක් වෙන්න පුළුවන්. සියලු බෞද්ධයෝ මාර්ගඵල ලබල නැනෙ.

:       5       5

ශ්‍රියාණි මල්ලිකා දොඩන්ගස්ලන්ද Thursday, 01 June 2023 02:41 PM

අනිවාර්යෙන් ම , මේ ගැන පැමිණිල්ල එන්නේ හරියටම මාස දෙකක් ගියාම. එකෙන් ම තේරෙනවා මේවා ආණ්ඩුවෙන් ම ජාතිවාදය විකුණන් කන්න ගහන ගේම් කියල. එක්කෙනක් එක පාරක් ජාතිවාදය විකුණලා බලය අරන් රට නන්නතාර කරා, දැන් එල්ලෙන්න වැලක් නැති ආණ්ඩුව බලන්නේ මේක විකුණලා කොහොම හරි බවුද්ද ජන්ද ගොඩ වැඩි කරන ඊලඟ පාර බලය රැක ගන්න. මේ ඔක්කොක්ම රගන්නේ නතාෂා වගේම කවුරු හරි බල ලෝභී දෙෂ්පලුවෙක් රචනා කරපු තිර පිටපතකට අනුව. අන්තිමට පැරදුනේ ලංකාවේ මේ වගේ දේවල් වලට බොරුවට කලබල වෙලා වැරදි තීරණ ගත්ත මෝඩ ජනතාව යි මේවා ට කඩේ ගියපු කකුල් දෙකේ හරක් රැලයි

:       6       7

Ukussa Thursday, 01 June 2023 12:52 PM

අනේ අපේ සමහර මිනිස්සුන්ට මේක ජවනිකාවක් කියලා තේරුම් ගන්න බැරිකම ගැන හිතෙද්දී ඇඬෙනවා..

:       0       0

මැක්ස් Thursday, 01 June 2023 01:18 PM

දැන් ඉතිං "භාෂණයේ නිදහස" බෝඩ් ලෑල්ල උස්සා ගත් ජවිපාවුන්, ඊළාම්වාදීන්, එන්ජීඕ කප්පිත්තන්, සජබයේ බෝන් අගේන් කල්ලිය ඇතුලු සිංහල බොදුනුවන්ට එරෙහි සියල්ල අපට දැක ගත හැකි වනු ඇත.

:       10       10

sam Thursday, 01 June 2023 01:33 PM

ඔක බ්‍රෘනො නෙමෙයි. ගූනො

:       6       6

fairoos Thursday, 01 June 2023 04:33 PM

පොහොට්ටුවෙ කාලකණ්නින්ට දැන් සැපද එහෙනම් ?

:       5       6

susantha Thursday, 01 June 2023 05:41 PM

රට බේරගන්න අවසාන අවස්ථාවක් අපිට ළඟදීම ලැබෙයි වගේ... අනේ අපේ රටේ පිපෙන්න ඉන්න පොහොට්ටු කුමාරයාට ජයවේවා..! අපේ රටට පොහොට්ටු කුමාරයන්ගේ පිහිටයි. ආරක්ෂාවයි.

:       0       0

ANURA ROME Thursday, 01 June 2023 07:50 PM

කාලකණ්ණි, එලොවටත් නැති, මෙලොවටත් නැති ජෙප්පන්ට ආතල් එකක් ගන්න ප්‍රවෘත්තියක් මැවිලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 88 0

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 63 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 2044 3

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 547 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 896 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 257 3

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 569 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site