(නිමන්ති රණසිංහ)
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සීමා තාප්පයට පිටතින් බන්ධනාගාරයට විසිකරන ලද පාර්සල් 14 තිබී හෙරොයින් යැයි සැක කළ හැකි පැකට් 04ක්, සිගරැට් 10ක් සහ ජංගම දුරකතන 06ක් ඇතුළු තහනම් ද්‍රව්‍ය රාශියක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලක) සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.
වැලිකඩ කාන්තා අංශයේ එක් පැත්තක ඇති බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ සීමා තාප්පයට ඉහළින් මෙම ද්‍රව්‍ය සහිත පාර්සල් විසි කර ඇති අතර ඒවා බන්ධනාගාරයට ඉහලින් සවිකර ඇති දැල් ආවරණය මතට වැටී තිබියදී බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.
හෙරොයින් යැයි සැක කළ හැකි පැකට් 04 ක්, ලයිටර් 04ක්, සිගරැට් පැකැට්ටුවක දමා තිබූ සිගරැට් 10ක්, බෙහෙත් කරල් 10ක්, , නොකියා වර්ගයේ කළු පැහැති ජංගම දුරකතන 06ක්, චාජර් 5ක්, දුරකතන බැටරි 08ක්, ජංගම දුරකතන සිම්කාඞ් පත් 04ක් සහ හෑන්ඞ්ෆී්ර 01ක් මෙම පාර්සල් 14 තුළ තිබී අත්අඩංගුවට ගෙන ඇතැයි ඔහු හෙතෙම පැවසීය.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බන්ධනාගාර තාප්පයට උඩින් ආ පාර්සල් 14ක තහනම් භාණ්ඩ ගොඩක්