(යොහාන් භාසුර)
ඝාතන සිදුවීමකට අදාලව අධිකරණ නියෝග මත මාකොළ ළමා නිවාසයේ රදවා සිටින සැකකාර දරුවන් තිදෙනෙක්ට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අසළදී දරුවන්ගේ ඥාතීන් යැයි කියන පිරිසක් බන්ධනාගාර වෑන් රථයට භාණ්ඩ තොගයක් පැටවූ බවට එල්ල වී ඇති චෝදනාව මත බන්ධනාගාර නිලධාරීන් තිදෙනකුගේ වැඩතහනම් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.
එම අවස්ථාවේදී අදාල ආරක්ෂණය සිදු කළ නිලධාරීන් තිදෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීමේන් පසුව විනය පරීක්ෂනයට යටත්ව වැඩතහනම් කළ බවත් ඉදිරියේදී විමර්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු එම නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒකනායක මහතා සඳහන් කරයි.
මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙම මස 18 වැනිදා අදාල දරුවන් ඉදිරිපත් කර නඩු කටයුතු අවසන් වීමේන් පසු නැවත මාකොල ළමා නිවාසය වෙත ගෙන යෑමට බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙක් භාරයේ සිටි බවත් දරුවන් ආරක්ෂණය කළ බන්ධනාගාර වෑන් රථය අධිකරණය අසළ මාර්ගයක නවතා භාණ්ඩ රථයට පටවන ආකාරය සමාජ මාධ්‍ය සහ ප්‍රසිද්ධ මාධ්‍යන්වල ප්‍රචාරය වී තිබූ බවත් ඒකනායක මහතා කීය.
එම සිද්ධියට අදාල විඩියෝවක් බන්ධනාගාර බුද්ධි අංශ වෙත ලැබී ඇති බව කී ඒකනායක මහතා ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පුළුල් විමර්ෂණක් ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
‘සිරි දළදා වන්දනා -2025’ ප්‍රදර්ශනයේදී බැතිමතුන් පෝලිම් තුනකින් මහමළුව වෙත ඇතුල් කරන බවත් පෝලිම් දෙකක් ක්වීන්ස් හෝටලය ඉදිරියෙන් ද, තවත් පෝලිමක වතුර මල ආ
වැලිකඩ පොලිසිය බාරයේදි සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් යන තරුණයාගේ මෘත දේහය බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී ලබන 23 දින ගොඩගෙන විශේෂ ත
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
බන්ධනාගාර නිලධාරීන් තිදෙනකුගේ වැඩතහනම්