(සුජිත් හේවාජුලිගේ)
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පසුගිය වසරේදී අතිකාල හා නිවාඩු දීමනා ගෙවීමට රුපියල් කෝටි 98 කට වැඩි මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
අතිකාල වෙනුවෙන් මෙපමණ විශාල මුදලක් ගෙවා ඇතැයි පැවසෙන්නේ එම වියදම් දැඩි සේ පාලනය කිරීම අත්‍යවශ්‍ය බව දැනුම්දී තිබූ අවස්ථාවකදීය.
එම මුදල ඊට කලින් වසරට සාපේක්ෂව රුපියල් කෝටි දහයක පමණ වැඩිවීමක් බවද එම වාර්තාවේ දැක්වේ.
මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පසුගිය වසරේදී බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාස පරිශ්‍රයන්හි
අවස්ථා 233කදී සේවයට යොදවා තිබූ බවත් බන්ධනාගාර නියාමක නිලධාරීන්ගේ මිනිස් දින 234ක්ද ඒ වෙනුවෙන් වැය කර තිබූ බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.
බන්ධනාගාර පරිශ්‍රයෙන් පිටත නිලධාරින්ගේ නිවාසවලට යෙදවූ සිරකරුවන් පසුගිය වසරේ අවස්ථා හැට දෙකකදී බන්ධනාගාර වාහන නවයකින් කිලෝමීටර් 372 ක දුරක් ප්‍රවාහනය කර තිබූ බව වාර්තාව සඳහන් කළේය.
මේ අතර බන්ධනාගාර සිර මැදිරි, එළිමහන් සිර කඳවුරු, පුනරුත්ථාපන මධ්‍යස්ථාන හා ගොවිපළවල් වශයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව භාවිතයට ගෙන තිබුණු අක්කර 39 කට වැඩි ඉඩම් ප්‍රමාණයක හිමිකම පවරා ගැනීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කර නොතිබූ බව වාර්තාවේ දැක්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ
පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ
නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බන්ධනාගාරයට කෝටි 98ක ඔ.ටී ගෙවලා
කමල් Wednesday, 14 August 2024 09:40 PM
අනේ මේ නිකම් ඉන්න අප්පා. ඔය ඉන්න අයට මූලික වැටුප කියලා දෙන්නේ සොච්චමක්. ඕටීත් නැතුව අර කුඩ්ඩෝ මිණිමරුවෝ ටික එක්ක හිරවෙලා කරන ඔය රස්සාව කරන්න ඔය විගණන වර්තාව ලියපු අය දාන්න.
T H A Niroshana Thursday, 15 August 2024 08:40 AM
බන්ධනාගාර නිළධාරින් හිග නිසයි වැඩිපුර වැඩකරන නිළධාරින්ට අතිකාල ගෙවන්නෙ.නිළධාරින් 1500ක විතර පුරප්පාඩු තියෙනවා.
Harshani Thursday, 15 August 2024 09:13 AM
පුදුම සතුටක් තියෙන්නේ , මේ වගේ ඉන්න මිනිස් ශ්‍රමය හරියට භාවිත කරන්න බැරිව මොනවද මේ කරන දේවල්