IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


බන්ධනාගාරවල තත්වය ඛේදජනක බව මානව හිමිකම් කොමිසම කියයි

 

තදබදය, ඉඩකඩ ප්‍රශ්නය සහ යල් පැනගිය පද්ධති යන ප්‍රධාන කරුණු ඇතුළු හේතු රැසක් නිසා ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ඛේදජනක තත්ත්වයක පවතීන්නේ යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කළ අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

සිරකරුවන්ට සැලකීම සහ ඒවායේ තත්ත්වය සම්බන්ධයෙන් 2018 වසරේ පෙබරවාරි මාසයේ සිට 2020 වසරේ ජනවාරි මාසය දක්වා කාලයේදී මෙම අධ්‍යයනය කර තිබෙන අතර ජාතික මට්ටමින් මෙවැනි අධ්‍යයනයක් කළ පළමු අවස්ථාව ද මෙය වේ. පුද්ගලයන් 33 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම අධ්‍යයනය කර තිබේ.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර 20ම පරීක්ෂා කරමින් තොරතුරු රැස් කිරීමට අමතරව මෙම අධ්‍යයනයේදී අධ්‍යයන කණ්ඩායම සිරකරුවන් 3,000කට සහ බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රශ්නාවලි ඉදිරිපත් කර,  සම්මුඛ සාකච්ඡා පවත්වමින් තොරතුරු ලබාගෙන තිබේ. මෙම අධ්‍යයනයේදී බන්ධනාගාර මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම හිටපු අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍යවරයා මෙන්ම නීතිපතිවරයා සමඟ ද සම්මුඛ සාකච්ඡා පවත්වමින් තොරතුරු රැස් කර තිබේ.

බන්ධනාගාරවල තිබෙන දරුණු ඉඩ ප්‍රශ්නය හේතුවෙන් ඇතැම් සිරකරුවන් නිදාගෙන ඇත්තේ මාරුවෙන් මාරුවට බවත් ඉඩකඩ ප්‍රශ්නය නිසා ඇතැම් පිරිස් වැසිකිළි කාමරවල පවා නිදාගෙන ඇති බවත් මෙම අධ්‍යයනයෙන් සොයාගෙන තිබේ.

ඉඩකඩ ප්‍රශ්නය නිසාත් තදබදය නිසාත් සිරකරුවන්ට සනීපාරක්ෂක පහසුකම් සහ ජල පහසුකම් ප්‍රමාණවත් පරිදි ලැබී නැති බවත් මෙම අධ්‍යයනයෙන් වාර්තා වේ. රාත්‍රී කාලයේදී සිරකරුවන්  ඔවුන්ගේ කුටීරවලට දමා අගුළු දමන බැවින් ඔවුන්ගේ කුටීරවලින් පිටත තිබෙන වැසිකිළිවලට යෑමට නොහැකි බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට සිය ශරීර කෘත්‍ය බැහැර කිරීමට පොලීතින් උර, ප්ලාස්ටික් හෝ වෙනත් බාල්දි හෝ පනිට්ටු භාවිත කිරීමට සිදුව ඇති බවත් අදාළ අධ්‍යයනයේදී සොයාගෙන තිබේ. ඇතැම් විටෙක එකම සිර කුටීරයක සිටින සිරකරුවන් කිහිපදෙනකුට එකම බෑගය/බාල්දිය භාවිත කිරීමට සිදු වූ අවස්ථාව පිළිබඳව මෙම අධ්‍යයනයේදී දැනගන්නට ලැබී තිබේ.

අධ්‍යයනය අතරවාරයේදී කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිරකරුවකු මෙසේ පවසා ඇත.

“අපිට රෑට වැසිකිළියට යන්න විදියක් නැහැ. අපි කරන්නේ පොලිතින් උරයකට ශරීර කෘත්‍ය කරන එක. ඒක ගැටගහලා උදේ ම වැසිකිළියට දානවා. අපිට මුළු රෑම ඒ ගඳ ඉවසගෙන ඉන්න වෙනවා. මුල් දවස්වල මගේ කාමරේ 11 දෙනෙක් හිටියා”.

දුර්වල සහ අයහපත් සනීපාරක්ෂාව හේතුවෙන් මීයන්, මදුරුවන්, කෘමීන් ඇතුළු සතුන් විශාල ප්‍රමාණයක් බන්ධනාගාරවල සිටින බව ද මෙහිදි සොයාගෙන තිබේ.

බන්ධනාගාරවල සිරකරුවන්ට ලබාදෙන ආහාර ද හොඳ තත්ත්වයක නොපවතින බවත් ඇතැම් විට ආහාර නරක් වී ඇති බවත් වාර්තා වේ. වැලිකඩ බන්ධනාගාරය හැර අනෙකුත් කිසිදු බන්ධනාගාරයක දුරකතන පහසුකම් නොමැති වීම නිසා සිරකරුවන්ට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හෝ නීතිඥයන් සමඟ සබඳතා පැවැත්වීමට නොහැකි බව ද මෙම අධ්‍යයනයෙන් අනාවරණය වී තිබේ.

බන්ධනාගාරවල තිබෙන ඉහළ මට්ටමේ මානසික පීඩාකාරී තත්ත්වය නිසා ඇතැම් සිරකරුවන් සියදිවි හානි කරගැනීමට ද ඇතැම් අය ඔවුන්ට හානි කරගැනීමට ද උත්සාහ කර ඇති බව ද මෙම අධ්‍යයනයේදී සොයාගෙන තිබේ.

බන්ධනාගාරයේ වැඩ කිරීම වෙනුවෙන් වැරැදිකරුවන් වූ රැඳවියන්ට දිනකට රුපියලක් ගෙවන අතර දශක ගණනාවකින් එම මුදල සංශෝධනය කර නැතැයි ද මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස කිසිදු ජීවනෝපයක් නොමැති අයකු ලෙස සිරකරුවන් නැවත සමාජයට මුදා හැරෙන අතර සිරගත ව සිටීමේ කැළල හා කම්පාව සමඟ මෙන්ම සමාජයට නැවත සම්බන්ධ වීමට නොහැකි වීම යන කරුණු මත ඔවුහු දැඩි පීඩාවකට පත්වෙති.

මෙම තත්ත්ව හේතුවෙන් දැඩි අවදානම් එල්ල වී ඇත්තේ මරණ දඬුවම නියම වූ සහ ජීවිතාන්තය දක්වා සිරදඬුම් නියම වූ සිරකරුවන්ට ය. ඔවුන්ගේ දඬුවම අවසාන වන දිනයක් නොමැති හෙයින් දින නියමයක් නොමැතිව ඔවුහු බන්ධනාගාරවල රඳවා තැබෙති. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සිරකරුවන් දීර්ඝ කාලයක් රැඳවුම් භාරයේ සිට ඇති බවත් රැඳවුම් නියෝග මත සිටි කාලයේදී ඔවුන් වදහිංසාවලට ලක්වූ බවත් මෙම අධ්‍යයනයේදී සොයාගෙන තිබේ. එමෙන්ම ඔවුන් අත්අඩංගුවට පත්වූ අවස්ථාවලදී ඔවුන්ගෙන් පාපොච්චාරණවලට බලෙන් අත්සන් ලබාගෙන ඇති අතර බොහෝ අවස්ථාවලදී ඒවා ඔවුන්ට විරුද්ධව සාක්ෂි ලබාගෙන ඇත.

මේ අතර මෙරට බන්ධනාගාර පද්ධතිය ප්‍රතිව්‍යුහගත කරන බවත් බන්ධනාගාරවල තදබදය අඩු කිරීම සඳහා රැඳවියන් නිදහස් කරන බවත් මෙම ආණ්ඩුව දැනටමත් නිවේදනය කර ඇත.

ඊස්වරන් රත්නම් (ඩේලිමිරර්)

055



අදහස් (2)

බන්ධනාගාරවල තත්වය ඛේදජනක බව මානව හිමිකම් කොමිසම කියයි

Bamunuarachchi Monday, 14 December 2020 04:59 PM

මොවුන් රටේ කොරන හා කොරපු අපරාධ ඛේදජනක නැද්ද?

:       4       4

Raveendra Tuesday, 15 December 2020 07:11 AM

"30 වන සියවසට" පාතබන නවලෝකයේ පළමු සොයාගැනීම මානව හිමිකම් ටකරං මඩුවේ වැදගත් නිලධාරීන් විසින් අප රට තුලදීම සොයා ගැනීම පිලිබදව අපට දැනෙන්නේ මහත් ආඩම්බරයකි, අභිමානයකි. බලයේ පවතින කිනම් හෝ රජයක් මානව හිමිකම් පිලිබදව කිසිවක් නොදත් මානව හිමිකම් සංවිධානයට ඕනා විදියට කොදුඇටපෙලට අවශ්‍ය ආකාරයට හතරට පහට නැවෙන්නේ නම් එවිට අප රට තුල කිසිදු මානව හිමිකමක් උල්ලන්ගනය නොවෙන බව 200% සහතික කරන්නේද "මෙම ලොන්තයින් බව" වැඩි දෙනෙකුට අමතකය. හිරකරුවන් නිසා විනාශවූ ජිවිත, නන්නත්තාරවූ පවුල් පිලිබදව මානව හිමිකම් නමැති මරණාධාර සමිතියේ කියවීම කුමක්ද යන්න ලාංකිකයන් වන අප දැන ගැනුමට කැමැත්තෙමු . එබැවින් මෙම මරණාධාර සමිතියේ කිසියම් හෝ ලොක්කෙක් යයි කියා ගන්නා මිනිසෙකුට මෙම අදහස් ඇස ගැටෙන්නේ නම් අපගේ පැනයට පිළිතුරු බලාපොරොත්තු වන්නෙමු.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1779 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 364 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 774 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4675 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 611 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3535 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 294 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 595 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1722 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site