IMG-LOGO

2024 දෙසැම්බර් මස 02 වන සඳුදා


බන්දුල හෙට සී.අයි.ඩියට

(සුජිත් හේවාජුලිගේ)

සීනි බදු වංචාව සම්බන්ධයෙන්  ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා වෙළෙඳ  වාණිජ  හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල  ගුණවර්ධන මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය  හා වාණිජ අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය අපරාධ විමර්ශන  ඒකකය  හමුවේ හෙට (3) පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.

සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් පනහේ සිට සත විසිපහ දක්වා අඩු කිරීමෙන් රජයට ලැබිය යුතු බදු ආදායම සහ මහජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභය අහිමි වන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් මෙසේ ප්‍රකාශ සටහන් කර ගන්නා බවමූල්‍ය හා  වාණිජ   අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

සීනි බදු සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද මෙසේ රුපියල් පනහේ සිට සත විසිපහ දක්වා අඩු කර ඇතැයි පැවසෙන්නේ ඉකුත් 2020 ඔක්තෝබර් මස 13 වැනිදාය.

එම කාල සීමාවේදී බන්දුල ගුණවර්ධන මහතා  වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ලෙස කටයුතු කර ඇති බැවින් ඊට අදාලව ඔහුට පැවරී තිබූ බලතල හා කර්තව්‍යයන්ට අදාලව  මෙලෙස ප්‍රකාශ සටහන් කර ගන්නා බව එම කාර්යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

එම සිද්ධියට අදාළව යම් ලේඛන  පවතින්නේ නම් ඒවාද රැගෙන එන ලෙස එම කාර්යාංශය ගුණවර්ධන මහතාට දැනුම් දී ඇත.

ගුණවර්ධන මහතාට මෙම දැනුම් දීම කරනු ලැබ ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය අපරාධ  විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා විසිනි.



අදහස් (0)

බන්දුල හෙට සී.අයි.ඩියට

ඔබේ අදහස් එවන්න

දියත

පුංචි ඡන්දය ජනවාරියේ
2024 දෙසැම්බර් මස 02 3 0

ආණ්ඩුව ප්‍රකාශ කළ අාකාරයට පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරියේදී පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැ


බන්දුල හෙට සී.අයි.ඩියට
2024 දෙසැම්බර් මස 02 348 0

සීනි බදු වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට


ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය: විවාදය හෙට අනිද්දා
2024 දෙසැම්බර් මස 02 118 0

දස වෙනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම කතානායක ආචාර්ය සපුමල් රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (3) පෙරවරු 9.30ට රැස්වෙයි.


වතුර හබයකට මුන්දලමේ පුංචි යුද්දයක
2024 දෙසැම්බර් මස 02 465 0

ගංවතුර බැස නොයාම හේතුවෙන් මදුරන්කුලිය කජුවත්ත හා පරිසාරිවත්ත ප්‍රදේශයෙ ජනතාව එක්වි බැකෝ යන්ත්‍ර යොදා කානුවක් සකසමින් සිටියදී වතු හිමිකරුවකුගේ සේවක


සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම හෙළා දකිනවා
2024 දෙසැම්බර් මස 02 533 0

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරයේ හෙළා දකින බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්තඩංගුවට ගැනීම වැර


විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත
2024 දෙසැම්බර් මස 02 437 0

දසවැනි පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත්කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 643 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 827 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site