IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


බිඳුණු අලියා එකතුවන ලකුණු

 

(සුජිත් හේවාජුලිගේ)

නව ගමනක් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගිවික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එකතු වන ලෙසට එම පක්ෂවල ක්‍රියාකාරීන් දේශපාලන හිතවතුන් ඇතුළු විවිධ පාර්ශ්ව එම නායකයන්ගෙන් දැඩිව ඉල්ලීම් කර ඇත.

පසුගිය සතියේදී සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමේදී එහි මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකුගෙන් 14 දෙනකුම මෙම මතයේ සිට කරුණු දක්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර සමග ජන බලවේගයේ නායකයන් පිරිසක් මල්වතු නා හිමියන් පසුගිය දා රැස්වූ අවස්ථාවේදී මෙම පක්ෂ දෙක එකඟතාවයකට පැමිණිය යුතු බවට සඳහන් කර ඇතැයි දැනගන්නට ඇත.

මේ ආකාරයට බෙදී වෙන් වී කටයුතු කළහොත් කිසිම පාර්ශවයකට ජයග්‍රහණය කරා යා නොහැකි බවට මන්ත්‍රීවරුන් රැසක් එම කළමනාකරණ කමිටු රැස්වීමේදී පෙන්වාදී ඇත.

පසුගිය මහ මැතිවරණ සහ ජනාධිපතිවරණ සමයේදීද මෙම පක්ෂ දෙක එකතුවිය යුතු බවට මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීහු රැසක් පෙන්වා දුන්හ.

තලතා අතු කෝරළ මහත්මිය පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් ප්‍රකාශයක්කර සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉවත් වූයේද මෙම අවශ්‍යතාව ගැන දැඩිව සඳහන් කරමිනි.

" අපි දෙගොල්ලා මේ වෙලාවේ එකතු නොවුණොත් සිද්ධවන්නේ ලොකුම ලොකු විනාශයක් " අතු කෝරළ මහත්මිය එහිදී කියා සිටියේය.

 



අදහස් (17)

බිඳුණු අලියා එකතුවන ලකුණු

Asela Sunday, 12 January 2025 12:25 AM

දැන් විනාශය වෙලා තියෙන්නේ බොලාට. ඔබලා ආවොතින් විනාශය වෙන්නේ ජනතාවට. අපොයි අපිට ආදරේට ඔහෙලා බලයට එන්න පොරකන්නේ. තව අවුරුදු 20 කට බොලාට එන්න දන්නේ නෑ. පුළුවන් නම් ගන්න...

:       3       5

Shan Sunday, 12 January 2025 05:05 AM

තිබ්බ ටිකත් නැති වෙන්නයි යන්නේ. නාමල්ගේ ගොඩ වැඩිවෙයි වගේ...

:       3       4

චතුරි Sunday, 12 January 2025 05:23 AM

මොවුන් මොන විදියට. එකතු වුණත් වැඩක් නැහැ. ජනතාවගේ අතේ හැන්ද තියෙන්නේ පපුවක් නැති ඔලුවක් නැති අයට ජනතාවගේ දුක දන්නේ නැහැ. මොවුන් සේරම එකතුවෙලා මොවුන් වරපසාද වැඩි කරගෙන. මොවුන්ගේ පවුල් වලට හිතවතුන්ට සලකන්න තමයි ලෑස්ති වෙන්නේ... දැන් තමයි රටේ නීතිය දකින්න ලැබෙන්නේ... ඒවාට අකැමැති නිසා. පුළුවන් ඉක්මණින් රට පෙරලලා, නැවත් යහමින් හොරාකමින් ජනතා මුදලින් සැප ගන්න ආරක්ෂකයින් පුරවා ගන්න. මොවුන්ට නම් නැවත රට බාරදෙන්න ඉඩ තියන්න එපා. මේ පොඩි රට පාලනය කරන්න බැරි හැතිකරයක්. මොවුන්ට නැවත රැවටෙන්නත් එපා...

:       4       5

Piyal weerasinghe Sunday, 12 January 2025 06:22 AM

ඔය ගොල්ලන් එකතුවෙන්නෙ රට ගන හිතලා නෙමෙයි.බලය රැක ගැනීම සදහා ව්තරයි.මතකනෙ පහුගිය ජජනාධිපතිවරණය කලෙ සමගි වික්‍රමසිංහ කිවෙ සජිත්ට ඡන්දෙ දෙන්න එපා කියලා.ඉතිං කොහොමද සමගි වෙන්නෙ.

:       5       24

Saththaya Sunday, 12 January 2025 07:48 AM

ඕක බිදපු සල්ලාලයා නැතුව එකතු වුනොත් හොද ගමනක් තියෙයි . නැතිනම් ඉතින් පුස් . බිදගෙන ගිය මෝඩ උගතුන්ට දැන්වත් තේරෙනවනම් ලොකු දෙයක් .

:       19       5

බකල ජයා Sunday, 12 January 2025 08:24 AM

නැවත නැවතත් රට විනාශ කිරීමට අපි එකතුවෙනවා. අලුත් ලකුණ දුඹුරු පාට ගූගල් ඉමෝජි එකක්.

:       19       34

රන්ජන් Sunday, 12 January 2025 11:46 AM

දූඹුරු පාටට වැඩිය කළුපාට තමයි හොඳ..!

:       2       5

බකල ජයාSunday, 12 January 2025 05:11 PM

මම කියන ඉමෝජි එක කලු පාටින් නැහැ. දුඹුරු විතරයි තියෙන්නේ...

:       2       2

පම්පෝරි ජනක Sunday, 12 January 2025 08:37 AM

ඔය දෙගොල්ලොන්ම එකට එකතුවෙලා හිටපු කාලේ කරපු යහපාලන නාඩගම මේ රටේ මිනිසුන්ට හොඳට මතකයි ,මහබැංකුවට එහෙම වැඩේ දෙනකොට ඩොලර් එක 130 ඉඳල 180 දක්වා රුපියල කඩාවැටෙනකොට ඔය හර්ෂල එහෙම කොහෙද දන්නේ නැහැ හිටියේ

:       19       40

janahitha Sunday, 12 January 2025 10:01 AM

එකතු වුනොත් වෙන්නේ මහ විනාශයක්

:       18       42

Perera Sunday, 12 January 2025 11:00 AM

මොවුන් දෙගොල්ලන් ඇතුළු මොවුන්ගේ බත්බැලයින් ඉන්නකන් එජාපය ගොඩයන්නේ නැත...

:       2       3

පිටරටවැසියා Sunday, 12 January 2025 12:06 PM

මීට කලින් එකතුවෙලා හිටපු කාලෙත් මැතිවරණයක් දිනාගන්න බැරුව පිටින් එක්කෙනෙක් හයර් එකට ගෙනත් තමයි, යහපාලන ආණ්ඩුව අටෝගත්තේ.. ඔය ජෝඩුවටම බෑ. බෑමයි.

:       3       9

ගුණරත්න Sunday, 12 January 2025 01:15 PM

එකතු වුනොත් මහා විනාශයක් වෙන්නේ පච වපුරා බලයට ආ අයට

:       23       5

sugath Sunday, 12 January 2025 04:00 PM

අර හාල් මුදලාලිගෙන් ගත්තු සල්ලි ආපහු දුන්නාද?

:       1       6

Kamal Koyrala Sunday, 12 January 2025 06:28 PM

නොකෙරෙන වෙදකමට කෝඳුරු හත් පට්ටයක් සමග එළ දෙනෙකුත්...

:       2       2

Inoka Sunday, 12 January 2025 07:19 PM

එදා එකතු වුණා නම්, සමහර විට ජනාධිපතිවරණය දිනාගන්න තිබ්බා. ඒ සල්ලි බලය, දූෂණය සහ මැර බලයත් එක්ක. අනුර මේ රට පිරිසිදු කරනවා නියතයි. ඒ නිසා දැන් එකතු වුණාට, ඒ ගේම් ගහන්න ආයෙත් බැරිවෙයි. රටේ ජනතාව දැන් ඉන්නේ මාලිමාවත් එක්ක. ඒ ආදරය දිනෙන් දින වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නෑ. දැන් ටූ ලේට්... සොරි...!

:       3       2

සේනානායක Sunday, 12 January 2025 10:18 PM

එකතු උනොත් සජිත්ට අබ සරණයි. ටික දවසකින් ගරා වැටුන වලව් ටික එකතු වෙලා නැගිටින්නට බැරි වෙන්න පහර දෙනවා ..එ ජ ප යට ඕනේ කැඩීගිය චන්ද බලය නැවත ගන්ඩ විතරයී

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

එප්පාවල පොස්පේට් සමාගම කෝටි 2700 පාඩු කරලා
2025 අප්‍රේල් මස 29 548 0

එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්


විදුලි යන්ත්‍ර හදන්න වියට්නාමය එක්ක තිබුන යාලුකම අලුත් වෙයි
2025 අප්‍රේල් මස 29 790 0

ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ


කර්මාන්ත-ව්‍යවසාය පනත් හතක් සංශෝධනයට
2025 අප්‍රේල් මස 29 245 0

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති


වාණිජ පනතක් වැඩිදියුණු කරන්න ඇමති කමිටුවක්
2025 අප්‍රේල් මස 29 135 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සැකකරුවකු අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි
2025 අප්‍රේල් මස 29 1476 2

රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි


සබරගමු පළාත් සභා කෝටි හතේ වංචාවට තවත් දෙකක් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 29 2517 6

රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 120 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 30 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1069 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site