IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


බැඳුම්කර වංචාවේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට අවසර

(මනෝප‍්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපතිවරයා, පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපතිවරයා සහ එහි අධ්‍යක්‍ෂවරයා ඇතුළු  විත්තිකරුවන් දසදෙනෙකුට එරෙහිව ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට අගවිනිසුරුවරයා නීතීපතිවරයාට අද  (13) අවසර ලබාදුන්නේය.

රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවු මෙම බැඳුම්කර වංචාවෙන් රටේ ආර්ථිකයට සිදුවූ අහිතකර බලපෑම බැඳුම්කර වංචාවේ බරපතලකම මෙන්ම සංකීර්ණත්වය සැළකිල්ලට ගනිමින් මෙම නඩුව ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පැවරීමට අවසර දෙන්නැයි නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඒ සඳහා අවසර ලබා දී ඇත.

අධිකරණ සංවිධාන පනතේ 124 අ (4) අ වගන්තිය යටතේ නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා මෙම ඉල්ලීම කොට ඇති බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණිය ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 පෙබරවාරී මස 27 වැනිදා සිදුකළ භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී සිදුවු මෙම අපරාධයට අදාළව පොදු දේපළ පනත යටතේ මෙන්ම ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ අධි චෝදනා 23ක් විත්තිකරුවන්ට එරෙහිව නැඟීමට නීතීපතිවරයා තීරණය කර ඇත.

ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති ලක්‍ෂමන් අර්ජුන් මහෙන්ද්‍රන්, මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමල එහි අධ්‍යක්‍ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස්, එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන්  ඕෂධී පළිසේන, එහි සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස්, එම සමාගමේ සේවකයින් වන පුෂ්පමිත‍්‍ර ගුණවර්ධන, චිත‍්‍රා රංජන් හුලුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තන්ට එරෙහිව අධිචෝදනා නැඟීමට නීතීපතිවරයා තීරණය කර ඇත.



අදහස් (11)

බැඳුම්කර වංචාවේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට අවසර

අමිල Thursday, 13 June 2019 12:41 PM

මොකක් ??? කෝටි 68යි !!! අපි නම් දන්නෙ මේ කටිටිය බිලියන වලින් පාඩු කරා කියලා. මේ ඉතින් ලංකාවනෙ නේද....

:       10       517

sirimal Thursday, 13 June 2019 02:15 PM

ඔන්න දැන්නම් බලාගන්න පුළුවන් ක්ෂණික තීන්දු තීරණ අරගෙන වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ආකාරය.

:       0       137

Prabha Thursday, 13 June 2019 06:45 PM

අපේ ඊළඟ පරම්පරාවටත් නඩු තීන්දුව බලාගන්න වාසනාව ලැබේවා කියා ප්‍රර්ථනා කරමි

:       0       197

RaveendraFriday, 14 June 2019 03:30 AM

අපගේ ඊලග පරම්පරාවට තීන්දුව බල ගැනීම කෙසේ වෙතත් 3 වන හෝ 4 වන පරම්පරාවට මෙහි තීන්දුව ලබා ගැනීමට බොහෝදුරට ඉඩ කඩ පවතිනු ඇත ." අදාළ ගැටලුවට අවශ්‍යවූ සියලුම මිනිසත්වයෝ මෙලොව හැරගොස් ඇති බැවින් මෙය කසල ගොඩට විසිකර දමන්නෙමු ."

:       0       30

යෙනුර Thursday, 13 June 2019 10:39 PM

නෑ, මේ තරම් ඉක්මනට නඩුත් පවරනවද?

:       0       14

RASIKA Thursday, 13 June 2019 10:52 PM

මේවා ඔක්කොම දේශපාලන සෙල්ලම්, අගමැති , ජනදිපතිට විරුඋදව පොලිස්පතිගෙන් ප්‍රශ්න කරනවා, පොලිස්පතිත් හරියට දේශපාලකයෙක් වගේ ඒවාට උත්තර දෙනවා, ජනාධිපති මේකෙන් කරන්නේ අගමැති ප්‍රමුක unp එකේ හොරකම් එලියට අදිනවා වගේ පෙන්වනවා එතකොට ජනදිපතිට විරුද්දව මොකුත් නොකරන්න. ඔක්කොම හොරවැඩ කරලා ජනතාවට සෙල්ලම් පෙන්වනවා. සැබෑ උවමනාවක් තියෙනවනම් මේ නඩු ඔක්කොම මස හයෙන් අහල ඉවර කරන්න පුළුවන්. දැන් අන්තිමට බෝම්බ ගහපු එකේ වරද පල්ලියට ගිය මිනුස්සුන්ගේ පිට තම වැටෙන්නේ. අසත් සාලි කියනවා නෝම්බි කලේ මුස්ලිම් තරුණයන්ව අත්අඩංගුවට ගන්න එක පාපයක්ලු.. හැබැයි පාස්කු දවසේ ක්‍රිස්තියානි අයව මරපු එක පාපයක් කියල කිව්වේ නැහැ.. වහාම ඡන්දයක් තියල ස්තාවර ආණ්ඩුවක් හදන්න. නැත්නම් මේවගේ ආණ්ඩුවකින් ප්‍රයෝජන ගන්නේ ඉන්දියාව, චීනේ, ඇමෙරිකාව වගේ රටවල් අපිට අවැසි වෙන ගිවිසුම් ගහන්න මේක අවස්ථාවක් කරගන්නවා. මේ රටේ ඉන්න නූගත් ජනය එක එක දේශපාලකයට කඩේ යනවා විතරයි.

:       1       467

ROHANA Thursday, 13 June 2019 11:19 PM

කෝටි 68 වෙන්න බැහැ. සහෝදර සමාගම ගහපු ගැහිල්ලේ හැටියට ඕක ලුණු බිකක් වගෙයි .

:       75       314

sisira Friday, 14 June 2019 12:51 AM

දැන්ද බොලේ නඩු දාන්නේ. අශ්වයාට පනින්න ඉඩදීලා ඉස්තාලය වහනවා කියන්නේ මෙන්න මේවට තමා.

:       0       132

Rohana Friday, 14 June 2019 02:55 AM

කෝටි 68 යම් සංඛ්‍යාවකින් වැඩිකලවිට එන සංඛ්‍යාව නේද නිවැරදි සංඛ්‍යාව ?

:       0       13

Rasi Friday, 14 June 2019 06:22 AM

රසික කියලා තියෙන අදහස් එක්ක මමත් එකඟ වෙනවා. දෙන්නම බොරුව කරන්නේ... පහුගිය අවුරුද්දක වගේ කාලය තුළ කිසිඳු ජාතික වැදගත් කමකින් යුතු තීරණයක් හෝ රටට වැදගත් යමක් කලේ නැහැ... මේක විකාරයක්... රට ඉස්සරහට යන්නෙත් නැහැ, නිකන් එකතැන පල්වෙවී ඉන්නවා. ජනතාව ඔහේ එදා වේල ටුවර්ස් එකට වැටිලා තමන්ටත්, තමදරුවන්ටත් වෙන දේ ගැන දන්නේ නැතුව කල් ගත කරනවා. හාමුදුරුවරු පිස්සු කෙළිනවා.. රටේ ජනතාව ඡන්දයක් තිබ්බත් ගතයුතු තීරණය නොදැන ෆේස්බුක් වල කමෙන්ට්ස් දදා, මේ සෙට් එක වගේම තමන්ගේ ළඟ එවුන් එක්ක රට හදන දේශපාලනයට වඩා පුද්ගලයන් වෙනුවෙන් පෙනීසිටිමින් ගහ මරා ගනිමින් ඉන්නවා. ඉතින් රටට හරියයිද?

:       0       0

nali Monday, 17 June 2019 06:08 PM

කෝටි 68 කට වැඩිය පාඩුවක් ලංකාරජයට වෙලාලු. නඩු විභාගේ ඉවර වෙනකොට කෝටි අටක් වෙයි. ඒක පටස් ගාල ගෙවල දැම්මහම වැඩේ අහවරයි .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දු පාකිස්තාන දේශසීමා වසයි
2025 අප්‍රේල් මස 24 339 0

ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්


හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 1541 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
2025 අප්‍රේල් මස 23 27 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 1225 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වැඩි මිලට ජල බෝතල් විකුණන්නට රතු එළියක්
2025 අප්‍රේල් මස 23 16 0

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 646 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 676 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 485 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site