IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


බිම තියෙන ගුවන් යානා තුනක් කෝටි 280ක් කා දමලා

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ භාවිතා නොකෙරුණු ගුවන් යානා තුනක් වෙනුවෙන් බදු කුලී වශයෙන් රුපියල් කෝටි 280ක් ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අවශ්‍යතා තක්සේරුවට අනුව ගුවන් යානා විසි හතක් අවශ්‍ය බහු පැවසේ පැවසේ.

පසුගිය වසරේ අගෝස්තු දොළහ දිනට සමාගම යටතේ භෞතික හා මෙහෙයුම් ගුවන් යානා ඇණි පිළිවෙලින් 22ක් සහ  18 ක් විය.

ඉන් ගුවන් යානා තුනක් 2013 වර්ෂයේ ඔක්තෝබර් 29 දින සිට පසුගිය වසරේ අගෝස්තු මාසය දක්වා වූ කාලයේදී භාවිතයෙන් බැහැරව  ඇත. එම කාලය තුළ බදු කුලී වශයෙන් රුපියල් කෝටි 280ක් ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2023 වසරේ මාර්තු 31 දිනට අලාභය රුපියල් කෝටි 59960ක් බව  එම වාර්තාවේ දැක්වේ



අදහස් (3)

බිම තියෙන ගුවන් යානා තුනක් කෝටි 280ක් කා දමලා

pj Tuesday, 07 January 2025 03:58 AM

මෙම කිව් නොකිව් අලාභවල බර දරන්නේ අහිංසක දුප්පත් ජනතාව ද ඇතුළුව බව දැනදැනත් රජය මෙම ව්‍යාපාරය තවදුරටත් පාඩු ලබමින් පවත්වාගෙන යන්නේ ඇයි ... බලය ලබා ගැණීමට පෙර කිව් වැඩ කිඩ කෝ.....රජය ව්‍යාපාර නොකළ යුතුය..

:       7       15

Rasi Tuesday, 07 January 2025 04:44 AM

ගුවන් සේවයේ විශාලත්වය වෙනුවට, අවශ්‍යතාවය මත සලකා කුඩා කොට පවත්වාගෙන යන්නේ නම්, අලාභය අඩු කර ගත හැකියි. ශ්‍රී ලාංකික මගින් Dubai හෝ Singapore වැනි hub වෙත ගෙන යෑම ප්‍රමාණවත්. විශාල ගුවන් යාන තබාගෙන යුරෝපයේ හෝ ඈත ගමනාන්ත වෙත ගෙන යාම අනවශ්‍ය නාස්තියක් යෑයි හැගේ. විශාල ගුවන් යාන සමගම් රාශියක් ඇති බැවින් ඒවා සමග තරග කිරීම පහසු නොවේ. ඉන්දියාවේ පැවති ගුවන් යාන සමාගම් රාශියක් පහුගිය කාලය තුල බංකොලොත් වී කඩා වැටුණු අතර, මෙහි ඇති බැරාරුම් කම එමගින් පෙනේ. මේ නිසා පාඩුව අවම කර ගැනීම සදහා, ආර්ථික කියවෙන පරිදි, scale down කිරීමක් කිරීම අත්‍යවශය කාරණයක් බව පෙනේ.

:       1       23

Lalla Tuesday, 07 January 2025 11:11 AM

අපට අවශ්‍ය කලාපය ආවරණය සඳහා ජනප්‍රිය ගමනාන්ත වලට සේවය කරන කුඩා ගුවන් සේවයක් බව ඇත්ත නේද? දුර මහාද්වීපික ගමනාන්ත වලට ඕනතරම් ජාත්‍යන්තර ගුවන් සේවා තියනවා. අනික හැමදාම ප්‍රමාද ගුවන් සේවයක ඵලක් නෑ.වැදගත් ගමනක් හෝ අමාරුවෙන් ඉතිරි කර සැලසුම් කරන පවුලේ සංචාරයකට සුදුසු නෑ.ගමන කඩාකප්පල් වුනොත් වන හානිය නිසා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්ධන මිල පහළට
2025 අප්‍රේල් මස 30 56 0

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.


වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 294 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 158 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 245 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 560 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 292 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 243 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 70 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1099 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site