(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්පැන් කර අශෝබන අන්දමින් හැසිරුන බාලවස්කාර ගැහැනු ළමුන් දෙදෙනකු ඇතුළු හය දෙනකු පානදුර ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයක් අසල දී අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.
අත්අඩංගුවට පත්වූවන් අතර බාල වයස්කාර ගැහැනු ළමුන් දෙදෙනකු, පිරිමි ළමයකු, තරුණියක සහ තරුණයන් දෙදෙනකු වන බව පොලිසිය කීය.
සංචාරක හෝටලයක් අසල මත්පැන් පානය කළ තරුණ දරුවන් පිරිසක් අශෝභන ලෙස ගැවසෙන බවට ප්‍රදේශවාසින්ගෙන් ලද දුරකතන ඇමතුමක් මත ක්ෂණිකව ක්‍රියාත්මක වූ පානදුර අපරාධ විමර්ශණ අංශ ස්ථානාධිපති වරයා ඇතුළු නිළධාරීන් ස්ථානයට ළගාවීමේදී මෝටර් රථයක නැගී පිටව යාමට සූදානම්වූ බව පොලිසිය කීය.
ඔවුන් සියලු දෙනා මත්පැන් පානය කර සිටී බවට සැලවීම නිසා රියදුරු තරුණයා ඇතුළුව හයදෙනාම පොලිසියට රැගෙන ආ බව උසස් පොලිස් නිළධාරියෙක් කීය.
ගැහැනු ළමුන් තිදෙනා ශීලාචාර සම්පන්න බවක් නොමැති ඇදුම් ඇද සිටී බවත්, ඔවුන් සිය අනන්‍යතාවය තහවුරු කිරීමට මැලි කමක් දක්වන බවද සදහන් වේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කොට්ඨාස අපරාධ විමර්ශණ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් වැටලීම සිදුකර ඇත.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බීමත් ගැහැනු දරුවෝ දෙකක් සමග හයක් මාට්ටු
Gappi Saturday, 20 May 2023 10:19 PM
ශීලාචාර ඇඳුමක් ලෙස සමාජය පිළිගන්නේ දිග කලිසමක් ඇන්දොත් විතරයි. තරුණ ගැහැණු ළමයෙක් කොට කලිසමක් හෝ කොටගවුමක් ඇන්දොත් ගොඩක් මේ රටේ අය මදකිපිලා වනචර විදිහට බලන් ඉඳලා තව අශීලාචාර ඇඳුනුත් ඇඳන් හිටියාලු...
Nihal Saturday, 20 May 2023 10:27 PM
යූරෝපයේ වීදිවල පච්චා කොටලා පරණම රැකියාවට හිටගෙන ඉන්න ගැහැණු වගේ සමහරක් ඇඳුම් අඳින්නේ ලිංගික අවයව උද්දීපනය වෙන ආකාරයට නිරුවතින් ඉන්නවා වගේ වැඩි වෙනසක් නෑ. අධික කාමයෙන් පෙලෙන කොටසක් ඔහොම අඳිනවා. දරුවෙක් පාරක, බසයක එක්ක යන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ. මේවාට වැදගත් තරුණයන්, පොලිසිය දැඩිව ක්‍රියාමාර්ග ගත යුතුයි.
Lalla Sunday, 21 May 2023 01:16 AM
සමහර අම්මලාට දූවරු බාගෙට හෙළුවෙන් ඇඳීම නම්බුවක් කරගෙන. ප්‍රශ්නේ මුල් එතන. කෙල්ලෝ මත්පැනට ඇබ්බැහිවීම අනිත් ප්‍රශ්නය...උගත් සහ රැකියාවල නිරත කෙල්ලෝ භයානක ලෙස මත්පැනට යොමුවෙලා...බොහෝ සමාගම්වල පාටිවල වැටෙන්න බොන කෙල්ලෝ සාමාන්‍ය දර්ශනයක්...
fairoos Sunday, 21 May 2023 01:02 PM
මඩු වලිගගෙන් තලන්න ඕන මෙයාලාගේ දෙමවුපියෝ
Bunny Preena Monday, 22 May 2023 10:24 AM
ලොකු ලොකු වැදගත් ප්‍රභූ පවුල්වල ළමයි ඔහොම තමයි.