IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


බඹර පහරින් සිසුන් 27ක් රෝහලට

(චමින්ද වැවතැන්න සහ බණ්ඩාර ජයරත්න)

මාවනැල්ල නගර මධ්‍යයේ අමතර පංතියක බොක්සිං ක්‍රීඩාව ඉගනුම ලබමින් සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 27 දෙනෙක් ඇතුළු 30 දෙනෙකුට අද (16) වැනිදා සවස බඹර ප්‍රහාරයකට ලක්ව මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි මාවනැල්ල රෝහලේ උසස් නිලධාරියෙක් පැවසීය.

මාවනැල්ල නගර මධ්‍යයේ අතහැර දමා ඇති දස මහල් ගොඩනැගිල්ලක බඹර කූඩු කිහිපයක් ඇති අතර අවස්ථා කිහිපයක දී මෙම බඹර කූඩුවල සිටින බඹරු මාවනැල්ල නගරයට පැමිණි ජනයාට ප්‍රහාර එල්ල කර තිබේ. මේ සම්බන්ධයෙන් ජනයා අදාල බලධාරින් කීප අවස්ථාවක දීම දැනුවත් කර ඇති බවත් මෙතෙක් කිසිම බලධාරියෙක් ඒ සම්බන්ධයෙන් පියවරක් ගෙන නොමැති බවත් ජනයා පැවසීය.

බඹරු කූඩ බැද ඇති ගොඩනැගිල්ල ආසන්නයේ  බොක්සිං ක්‍රීඩාව සම්බන්ධයෙන් අමතර පංතියක් අද (16) වැනිදා  පවත්වාගෙන ගොස් ඇති අතර එකවර බඹරු විශාල පිරිසක් පැමිණිමෙන් දරුවන් 27 දෙනෙකුට හා දරුවන් සමග පැමිණ සිටි මව්පියන් තිදෙනෙක් සමග 30 දෙනෙකුට බඹර ප්‍රහාරය එල්ල කර තිබේ.

පසුව දරුවන් හා මව්පියන් තිදෙනා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් දැනට මාවනැල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. දරුවන් සියලු දෙනා වයස අවුරුදු 15 ට අඩු බව වාර්තා වෙයි.  



අදහස් (1)

බඹර පහරින් සිසුන් 27ක් රෝහලට

විජිත් Friday, 16 February 2024 06:46 PM

බඹරු ගැන කියද්දී , මට මහා කාලකන්නි අදහසක් ආවා.ලොකු බඹර වදයක් , " දියවන්නාවේ මුසල සත්තුවත්තට " අරගෙන ගිහිල්ලා ,සත්තු 225 යි උන්ගේ ලොකු සතායි ඔක්කොමව ඇතුලට දාලා දොරවල් ලොක් කරලා ...බඹරුන්ව අවුස්සනවා...හොඳට තියෙයි නේද ? නිව්ස් එක රූපවාහිනියෙන් පෙන්නුවාම ...ජිවිත කාලයක්ම රැවටිලා...දුක් විඳින දුප්පත් අහිංසකයින්ගේ මුවට ,මොහොතකටවත් සතුටු සිනහවක් ආවොත් ..මට ඒ ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 240 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 03 11 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 930 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1439 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 347 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1004 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38793 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site