(ලක්මි කුඩලිගම )
කිතුල් ගසක බැද තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීම හේතුවෙන් කුඩුව ඇවිස්සීමෙන් පසු බඹර ප්‍රහාරයට ලක්ව පුද්ගලයන් 18 දෙනෙකු පමණ තුවාල ලබා පිඹුර රෝහලට ඇතුළු කර ඇතැයි කියයි.
ප්‍රහාරයට ලක්වූ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු අට දෙනෙකු අගලවත්ත පිඹුර ප්‍රාදේශීය රෝහලට ඇතුලත්ව ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය . ප්‍රහාරයට ලක්වූ තවත් දස දෙනෙකු පමණ දේශීය වෙදකම් කරමින් සිටින බව ගම්වාසීහූ කියති.
ෙසිද්ධිය සම්බන්ධයෙන් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සෞඛ්‍ය අංශ දැනුවත් කර ඇති බව ගම්වාසීන් වැඩිදුරටත් පැවසීය .
පිඹුර රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළුවූ දෙදෙනකු පිටව ගොස් ඇති බවත්, කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල් ප්‍රකාශකයා සදහන් කල අතර ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවද රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කලේය.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව ඊයේ (26) පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත
උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන ගණනාවක සිදු වී ඇති නායයෑම් හේතුකොටගෙන අද (27) දින ධාවනය වීමට නියමිත කොළඹ කොටුව -බදුල්ල හා බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය ද
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සදහා දැනුම්දීමට පැය 24 ම ක්‍රියාත්මක වන පොලිස් මෙහෙයුම් මැදිරියක
එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් ගත් කාර්යාල කාර්යය සහායිකාවකගේ අත් බෑගය සොරා ගත් ග
නොචියාගම ,රාජාංගනය, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් කලා ඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වලට ඉදිරි පැය 48ක කාලයේදී ගංවතුර තත්
පවතින අධික වැසි හේතුවෙන් වැව් විශාල ප්‍රමාණයක් වාන් දමමින් පවතින අතර ප්‍රධාන ජලාශ බොහෝමයකද වාන් දොරටු හැර තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බඹරු ඇන 18 ක් රෝහලේ