IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


බය අපේක්ෂකයන්ට ලොකු ආරක්ෂාවක්

(සුජිත් හේවාජුලිගේ)

ජීවිත තර්ජන පවතින ජනාධිපති අපේක්ෂකයන්ට විශේෂ ප්‍රභූ ආරක්ෂාව ලබාදීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති අපේක්ෂකයන්ට ඇති තර්ජන සම්බන්ධයෙන් මේ දිනවල තක්සේරුවක් කරගෙන යන අතර එම තක්සේරුවෙන් අනතුරුව ලැබෙන වාර්තාව පදනම් කරගෙන ජීවිත තර්ජන ඇති අපේක්ෂකයන්ට මෙසේ විශේෂ ආරක්ෂාව ලබාදෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ජනාධිපතිවරණ කාල සීමාවේදී අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත විශේෂ කමිටුවක් පසුගියදා පත් කරනු ලැබීය. එම කමිටුවේ සභාපති ධූරය දරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාය.

කමිටුව ගන්නා තීරණ අනුව අපේක්ෂකයන්ගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගන්නා බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

තර්ජන පවතින අපේක්ෂකයන්ගේ නිවාසවලට මෙන්ම ඔවුන් එහා මෙහා ගමන් කරන අවස්ථාවන්හිදීද ඔවුනට විශේෂ ආරක්ෂාව සැපයීම මේ අනුව සිදුකෙරෙනු ඇත.

එසේම ජනාධිපති අපේක්ෂකයන් සහභාගී වන සියලුම රැස්වීම් සඳහා විශේෂ ආරක්ෂාව සැපයීමටද රජය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් දිවයින පුරා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ජනාධිපතිවරණයට මෙවර අපේක්ෂකයෝ 39 දෙනෙක් ඉදිරිපත් වෙති.

 



අදහස් (10)

බය අපේක්ෂකයන්ට ලොකු ආරක්ෂාවක්

සෙනෙවිරත්න Saturday, 17 August 2024 11:35 AM

මොකෙකුටවත් විශේෂ ආරක්ෂා එපා, ඔය හදන්නේ වෙන ලයින් එකකට එන්න.

:       73       42

රට පෙරට නාස්තිය අහසට Saturday, 17 August 2024 12:08 PM

නාමයෝජනා දෙන අපේක්ෂකයෙක් වෙනුවෙන් මිලියන 200 ක් මැතිවරණ කොමිසමේ වියදම් යෙදෙනවා. දැන් ආරක්ෂාව දුන්නොත් තවත් මිලියන තිහක් විතර අලාභයක් වෙනවා. ඔය අතරේ පරිසරයට කෙරෙන හානි සඳහා මිලියන 100ක් විතර වියදම් කරන්න ඕනෑ... සාමාන්‍යයෙන් එකෙකුට මිලියන 400 ක් නම් අනවශ්‍ය නාමයෝජනා නිසා මිලියන 400×33 කියන්නේ පොල්ලෙලි නොවෙයි ජනතා මුදල් තමයි...!

:       14       65

samSunday, 18 August 2024 12:10 PM

ඇප මුදල වැඩි කරන්න

:       0       1

පිටිගල මිලානෝ Saturday, 17 August 2024 01:56 PM

පාරෙ යන්න බය නමුත් හොරකම් කරන්න බය නැහැ. තව ටික දවසකින් ඔය බය ගොඩක් අයට ජේලර් මහත්තුරුන්ගේ ආරක්ෂාව පැය විසිහතරේදීම ලැබෙයි...

:       70       48

Prabha Saturday, 17 August 2024 02:10 PM

ආරක්ෂාව ඕනෑ නම් මුදල් ගෙවලා ගන්න කියන්න...!

:       14       62

අරවින්ද මොනරවිල Saturday, 17 August 2024 04:35 PM

සමහරු නාමයෝජනා බාර දෙන්න ඇත්තේම රුපියල් හැත්තෑපන් දාහකට දවස් තිස් හයකට ලැබෙන මේ ප්‍රභු ආරක්ෂාව ගන්න වෙන්න ඇති.

:       18       45

ගමේ එකාලා Saturday, 17 August 2024 05:01 PM

දේශපාලුවන්ට මොකටද ආරක්ෂාවක්. ඔය තරම් බය නම් තමන්ගේ ආරක්ෂාව ගැන තමුන්ටම සපයා ගන්ඩ බැරියෑ?

:       39       20

chandima Sunday, 18 August 2024 07:44 AM

පණ බයේ මොන මගුලකට නහිනවද මන්දා රටට සේවය කරන්න? සමහරු පණ බයේ විතරක් නෙවෙයි, මරණ බයේ ගිලන් රථ පස්සෙන් අරන් යනවා. සමහර වෙලාවට වෙන රස්සාවක් කරන්න දන්නේ නැති නිසා වෙන්න ඇති...

:       0       0

ලුම්බිණි Sunday, 18 August 2024 10:38 AM

අනවශ්‍ය දෙයක් .

:       0       1

manjula Sunday, 18 August 2024 03:06 PM

බය නම් මොකටද චන්දෙ ඉල්ලන්නේ .ඔය තරම් බයනම් කොහොමද රටේ මිනිස්සු ආරක්ෂා කරන්නේ . ඔයා පස්සේ රටින් පනින්න ප්ලෑන් එක හදා ගන්නවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම්
2025 අප්‍රේල් මස 21 11 0

සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින


යුද හමුදා බසය ලොරියක ගැටී 22ක් රෝහලට
2025 අප්‍රේල් මස 21 162 0

යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල



මාලිමාවට ගොඩක් තැන්වල බහුතරයක් ලැබෙන්නේ නෑ
2025 අප්‍රේල් මස 21 1226 5

මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ


සමහරුන්ට නියම වන දඬුවම් මේ ආත්මෙ ගෙවන්න බැරිවෙයි
2025 අප්‍රේල් මස 21 748 3

ලක්ෂ 26ක් වංචා කළ වරදට අවුරුදු 16ක සිර දඬුවමක් ලැබුණා නම් සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම් මේ ආත්මයේ ගෙවා නිම කරන්නට බැරි වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර ද


පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙති
2025 අප්‍රේල් මස 21 1441 2

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු සඳුදා අද(21) ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.කැසා සැන්ටා මාර්ටාහි පාප්වහන්සේගේ නිවහනේදී ෆ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 452 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 274 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 430 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site