(අංජුල මහික වීරරත්න)
ගම්පහ බියගම ප්‍රදේශයේ ජාතික රෝහලක් සහ ළමා රෝහලක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුවන අධික ජනගහන වර්ධනය සහ කාර්මීකරණයට සමගාමීව දිස්ත්‍රික්කය ප්‍රධාන සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරනු ලබන බවත් ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවා සඳහා වන ඉල්ලුම ඉහල යමින් පවතින අතර එකී ඉල්ලුම සපුරාලීම සඳහා ජාතික රෝහලක් සහ ළමා රෝහලක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනු ලැබ ඇතැයි රජය කියයි.
ඒ අනුව රාජ්‍ය පෞද්ගලික හමුල්කාරීත්ව ක්‍රමවේදය යටතේ ජාතික රෝහලක් සහ ළමා රෝහලක් එම දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇතැයි රජය පවසයි.
ඒ සඳහා බියගම උතුර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි අක්කර හතයි රූඩ් තුනක් වන ඉඩම් කොටස් දෙකක් අත් කරගෙන මූලික යටිතල පහසුකම් සැලසීමෙන් අනතුරුව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බියගමට ජාතික රෝහලක්
Sachith Tuesday, 13 February 2024 01:58 PM
තියන ජාතික රෝහල් දෙකත් බොහොම අමාරුවෙන් දුවන්නේ ,බොරුවට ලෝකෙට පේන්න තව ජාතික රෝහල් හදනවා .ජාතික රෝහලක් කියන්නේ ගොඩ නැගිලිම විතරක් නෙමෙයි කියන එකවත් තේරෙන්නේ නැති මෝඩ පාලකයෝ තමා අපිට ඉන්නේ
Hafeel Tuesday, 13 February 2024 02:00 PM
මේ කතාව දැනට මාස කිහිපයකට කලිනුත් කිව්වා. අනික තියන රෝහල් ටික නඩත්තු කරන්න බැරිව, සමහර බෙහේත් වර්ග රෝහල්වල නැහැ, X-RAY, SCAN යාන්ත්‍රවල් අක්‍රය වෙලා, වෛද්‍යවරු රටින් යනවා, ගිය සතිය ආරංචි වුනා සාගලගේ සහ නිපුණ රණවක නියෝජන කරන දෙනියාය මුලික රෝහලේ සේවය කල නිර්වින්ද වෛද්‍යවරයා ගිය නිසා ශල්‍යකර්මවල් අත්හිටුව ඇති කියලත්. මෙවැනි තත්වය උඩ මේවා ප්‍රායෝගික කරනවයි කියල මොන විශ්වාසය තියන්නේ? හරියට Free WI FI කලාප, වැක්ස් වගන් කාර් කර්මාන්ත ශාලා කතා වගේ තමයි මේකත්.
පිටරටවැසියා Tuesday, 13 February 2024 02:46 PM
මීට ලඟකදී දැක්කා "බියගම කියන්නෙ සංවර්ධිත ප්‍රදේශයක්" කියල රටේ ජනාධිපතිවරයාම කියල තිබුණ නිව්ස් එකක්. එතකොට බියගම සංවර්ධනය වුණේ රෝහලක් - ළමා රෝහලක් එහෙම නැතුවද?
Kokila Tuesday, 13 February 2024 03:10 PM
බියගම රනිල් ගේ ආසනය නිසා ඒක බියගමට දෙන්න
Prabha Tuesday, 13 February 2024 03:20 PM
එකෙක් ඔක්කොම හම්බන්තොට ට අරන් ගියා.තව එකෙක් පොළොන්නරු අරන් ගියා.දැන් බියගම
ලසාන් Tuesday, 13 February 2024 10:55 PM
විහිලු!