ජනාධිපති ජෝ බයිඩන්ට වඩා, කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, ඇය පරාජය කිරීම තමන්ට පහසුවක් වනු ඇති බව ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
‘බයිඩන් වගේ නොවෙයි. කමලා හැරිස් පරාජය කිරීම අමාරු වෙන්නේ නැහැ‘ යැයි ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ සී.එන්.එන්. පුවත් සේවය සමඟ සම්බන්ධ වෙමිනි.
ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වී, උප ජනාධිපතිනී කමලා හැරිස්, ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කිරීමට ජනාධිපති ජෝ පියවර ගැනීමත් සමඟ කමලා හැරිස් අවධාරණය කළේ තමන් කෙසේ හෝ ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කරන බවය. ට්‍රම්ප් ප්‍රතිචාර දැක්වීමක් කළේ කමලා හැරිස්ගේ මෙම ප්‍රකාශයටය.
මේ වනවිට ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ උප ජනාධිපතිනී කමලා හැරිස් විවේචනය කිරීම ආරම්භ කර ඇතැයි ද ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙයි. 2020 වසරේ පැවැති ජනාධිපතිවරණයේ දී, ජෝ බයිඩන්, කමලා හැරිස්, උප ජනාපධිති ධුරයට නම් කරද්දී ද ට්‍රම්ප් දිගින් දිගටම කමලා හැරිස් විවේචනය කළේය.
බයිඩන් විසින් ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කළ කමලා හැරිස්ට, ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නම්, ඩිමොක්‍රටික් පක්ෂයේ අනුමැතිය හිමිවිය යුතුය. ඉදිරි දින කීපයේ ඒ සඳහා කටයුතු යෙදෙනු ඇතැයි ද පැවැසෙයි.
59 හැවිරිදි කමලා හැරිස්ට, නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාපධිතිවරණයෙන් ජය ගැනීමට හැකිවුවහොත්, ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව ඇය වනු ඇත.
(ඒ.එෆ්.පී.)
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බයිඩන්ට වඩා කමලා හැරිස් පරාජය කිරීම පහසුයි - ට්‍රම්ප්
රංබොඩ Monday, 22 July 2024 09:31 AM
ඉන්දීය සම්භවයකින් යුක්ත කළු හමක් ඇති කමලා හැරිස්ට ඇමෙරිකානුවන් ඡන්ද නොදෙනු ඇත. ට්‍රම් නිතරගයෙන් ම ජනාධිපති වෙයි
NANDALAL DE SILVA - France Tuesday, 23 July 2024 02:37 PM
විදේශීය සම්බවයක් සහ කලඅ හමක් ඇති බැරැක් ඔබාමා දෙවරක්ම රටේ ජනපති හැටිවට විශාල ඡන්ද පමාණයකින් තෝරා පත් කර ගත් බවත් බවයි