IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


බේරේ වැව සුවඳ කරන්න සමාගමකට පවරයි

(අංජුල මහික වීරරත්න)

කොළඹ බේරේ වැවේ ජලය පිරිසිදු කර එහි දුඟද නැති කිරීමටත් නඩත්තු කටයුතු දිගටම සිදු කිරීම සඳහාත් පෞද්ගලික අංශයට පැවරීමට රජය තීරණය කර තිබේ.

එම කටයුතු Groepo Pte. Ltd සමාගම වෙත සහ එහි දේශීය සමාගම වන Groepo Lanka Bioscience (Pvt) Ltd. වෙත පැවරීමට මෙලෙස තීරණය කර ඇත.

මෙම යෝජනාවට අනුව බේරේ වැවේ දුගද නැති කොට එය පිරිසුදු කිරීමටත් බේරේවැව සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමටත් නියමිත ය.

මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන අදාළ සමාගම අධිතාක්ෂණ උපකරණ හා විද්‍යාත්මක ක්‍රම භාවිතා කරමින් බේරේ වැව පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරයි.

අදාල  යෝජනාව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී ඇති අතර මෙම ව්‍යාපෘතියට සමගාමීව බේරේ වැවට මලාපවහන අපජලය සහ අපද්‍රව්‍ය බැහැර කරන මාර්ග හඳුනාගෙන ඒ සඳහා විකල්ප ක්‍රමවේද හඳුන්වා දීමට ද කටයුතු කරන ලෙස කැබිනට් මණ්ඩලය ඊට අදාළ රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇත.

මෙහි මෙහෙයුම් කටයුතු  සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය,නාගරික සංවර්ධන අධිකාරිය ,මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා දේශගුණික අරමුදල (පුද්ගලික) සමාගම සහ කොළඹ මහ නගර සභාව නියෝජනය කරමින් අධීක්ෂණ කමිටුවක් ද නම් කර ඇත.



අදහස් (10)

බේරේ වැව සුවඳ කරන්න සමාගමකට පවරයි

ravin Saturday, 26 August 2023 07:31 AM

හොඳ අදහසක්... යස අදහසක් කොළඹට නම්. ඒත් රටම ගඳගස්සන අයවත් ඔය ආකාරයටම පිරිසිදු කරන්න බැරිද?

:       0       35

සංඛ Saturday, 26 August 2023 08:33 AM

මේක නම් නියම වැඩක්...

:       1       19

Lankaputha Saturday, 26 August 2023 09:29 AM

මොකක්ද ව්‍යාපෘතිය...?

:       2       5

විජේ Saturday, 26 August 2023 09:34 AM

නම් ගම් භාවිතා නොකර හොරාකන ක්‍රමයක්... මේ වෙලාවේ කරන්න ඕනෙ දේවල්ද මේ?

:       30       9

Perakum Saturday, 26 August 2023 02:47 PM

මෙච්චරකල් හිටිය එකේ තව පොඩ්ඩක් ඉවසන්න බැරි ඇයි? කොහොමද තෝරගත්තේ? ටෙන්ඩර් කැඳෙව්වද? කොමිස් කීයද? කාට කාටද කොමිස් යන්නේ? කෝ ඔය කියන පාර දෘශ්‍යභාවය?

:       4       16

Mangala Saturday, 26 August 2023 03:01 PM

මේ වෙලාවේ ඕවද ඕනෑ..?

:       8       10

Lalla Saturday, 26 August 2023 05:48 PM

ලංකාවේ සියලු ජල මාර්ගවලට එකතුවෙන මලාපවාහිනී පද්ධති නවත්තන්න පියවර ගන්න. ඒක කළොත් රට නිකම්ම ආකර්ෂණය තත්ත්වයට පත්වෙනවා. අනික වැව් සහ ඇල මාර්ගවල නෑමේදී සබන් වර්ග සහ රෙදි සෝදන ද්‍රව්‍ය භාවිතය තහනම්. අත්‍යාවශ්‍ය දේවල්. ජල සම්පත රැක ගැනීමට අවශ්‍ය පියවර...

:       0       15

විජේ Saturday, 26 August 2023 10:47 PM

පුලුවන්නං හැමෝම මේ සමාගම ගැන ටිකක් හොයලා බලන්න. වෙබ් පිටුවනන් මෙලෝ රහක් නෑ. ඒ මදිවට සිංගප්පූරුවේ ලියාපදිංචි කරලා තියෙන්නේ, ඒකත් 2018 අන්තිමට. ඉංග්‍රීසි භාවිතාකරලා තියෙන්නෙත් ඉංග්‍රීසි භාවිතාකරා කියන්න වගේ. ලින්ක් වැඩ නෑ. අඩුමගානේ දාලා තියන ටෙලිෆෝන් නොම්මරේවත් වැඩ නෑ. මේවා හොරාකෑමේ වෙනස් ක්‍රම...

:       0       1

Nishadi Jayakody Sunday, 27 August 2023 07:36 AM

මලාපවාහිනී පද්ධති නවත්තන්න පියවර ගත්තොත් රස කොරලි, තිලාපියාත් කාලා හමාරයි..

:       0       2

උදිත අමිත් Sunday, 27 August 2023 10:45 AM

හොඳ අදහසක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1078 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 1980 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 274 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 885 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 8900 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3200 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 428 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1373 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site