IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


බොරු සහතික දී ඩී.ජී වෙලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජාතික භාෂා  අධ්‍යාපන හා පුහුණු ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර  වසර දොළහකට වැඩි කාලයක්  එම ආයතනයේ  සේවය කර ඇතැයි  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව)  තොරතුරු අනාවරණය විය.

මෙම නිලධාරියා විවිධ චෝදනා සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී වැඩ තහනමට ලක්ව ඇති  බවත් මෙසේ වැඩ තහනමට ලක්ව සිටි  කාල සීමාවලදීද ඔහු  වැටුප් සහ දීමනා ලබා ගෙන ඇති බවත් තොරතුරු හෙළිවී යැයි  කෝප් කමිටුව පවසයි.

එම නිලධාරියා  මෙම ආයතනයට පත්වී ඇත්තේ අමාත්‍යාංශ අනුමැතියකින් තොරව බව  ආයතනයේ නිලධාරීහු කමිටුවට පැවසූහ.

මොහුගේ අධ්‍යාපන සහතික මෙන්ම උප්පැන්න සහතිකයේද ගැටලු පවතින බව  පැවසූ ඒ  නිලධාරීහු මේ තැනැත්තා  කිසිදු අනුමැතියක් ලබා නොගෙන පසුගිය වසරේදී කැනඩාවට ගොස් ඇතැයිද  සඳහන් කළහ.

මෙම ආයතනයේ නිලධාරීන් සිටින්නේ තිහකට අඩු සංඛ්‍යාවක් නමුත්  ආයතනය  මාසිකව ලක්ෂ 12 ක් ගෙවා කුලී ගොඩනැගිල්ලක පවත්වාගෙන යන බවද    මෙහිදී තොරතුරු අනාවරණය විය.

එය වැරදි ක්‍රියාවක් බව කෝප් කමිටුව සඳහන් කළේය.

මේ තොරතුරු අනාවරණය වූයේ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ   ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පසුගියදා කැඳවූ අවස්ථාවේදීය.



අදහස් (10)

බොරු සහතික දී ඩී.ජී වෙලා

Perakum Friday, 25 August 2023 10:22 PM

මේ වගේ කමිටු වලින් කොයිතරම් කරුණු එළිකලත් මෙතෙක් කල් ඒවායින් වැඩක් වී ඇත්දැයි නොදනිමු. කමිටු සාමාජිකයින් දීමනා ගන්නවා අපි බදු ගෙවනවා එච්චරයි…!

:       0       30

සුජාතා රත්නායක Saturday, 26 August 2023 06:52 AM

සාමාන්‍යයෙන් සේවය සඳහා බඳවා ගැනීමෙන් පස්සේ සුදුසුකම් සනාථ කරන සහතිකවල සත්‍ය අසත්‍ය බව සොයන්න ඕනෑ. එම කටයුතු මුල් අවුරුදු තුන ඇතුළතදී අවසන් කරන්න ඕනෑ වුණත් දැන් කාලයේ බොහෝමයක් ආයතන ඒවා කරන්නේ විශ්‍රාම ගැනීමට ආසන්න වෙලා කියලා දකින්නට ලැබෙනවා.. මම එහෙම එකක් කියන්නම් එක් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් ඉගෙනුම ලබා තිබුනේ ඇගේ පියා විදුහල්පති ලෙසට හිටපු පාසැලේමයි ඉතින් සාමාන්‍ය පෙළ අසමත් වුණා. අන්තිමේ දෙවරක්ම ලබාගත් ප්‍රතිඵල එක් සහතිකයක් ලෙසට හදා (ඒකාලයේ පාසලෙන් දෙන සහතික පිළිගන්නවා ) ඉදිරිපත් කර සේවයට ගියා දෙපාර්තමේන්තු ගත නිලධාරීන් කටයුතු නිසා මේ වැඩ හසුවෙන්නේ නැහැ වරින්වර මාරු කරන නිළධාරීන් ඉන්නවා නම් මෙහෙම වෙන්නේ නැහැ. ඉතින් අවුරුදු 55 පසුවෙන තුරු සහතික පරීක්ෂා කර නැහැ. අන්තිමේ අලුතින් පැමිණි කෙනෙකුට සේවයේ දීර්ඝ කිරීමට සොයද්දී මේක හසුවුණා. සහතික බොරු කියලා පැහැදිලි වුණා. සේවයෙන් පහකළා. නමුත් ඇයට සහායට වංචාව සැඟවූ නිලධාරීන්ට කිසිම දඬුවමක් නැහැ.. කමිටුවේ අයගේ උපදෙස් අදාල අමාත්‍යාංශ වෙතට යොමුකෙරේවා...!

:       0       4

Nimal Saturday, 26 August 2023 07:13 AM

දූෂණය, වංචාව, අකාර්යක්ෂමතාවය, අද රටම වෙලාගත් පිළිල වෙලා. COPE කමිටුවේදී හෙළිවන මේ දූෂණ ගැන ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නේ ඇයි...?

:       0       8

Perakum Saturday, 26 August 2023 02:37 PM

එහෙම කොහොමද? එතකොට ලොක්කගේ ඉඳන් පහළට ඔක්කොම මාට්ටු. මේ කෝප්ද මොකක්ද කමිටු ගැන අනවශ්‍ය බලාපොරොත්තු තියාගන්න එපා....

:       0       3

චන්දන Saturday, 26 August 2023 07:54 AM

අපි ඕක හිතුවා. පුහුණු වැඩ සටහන් වලදී අභ්‍යාසලාභීන් විවිධ අපහසුතාවලට ලක් කරනවා. පුද්ගලයින්ට විවිධ අපහාස කරනවා. කිසිම චාරයක් නැහැ. මම දැකලා තියෙනවා විශේෂයෙන්ම ගුරුවරුන්ට ප්‍රබලව අපහාස කරනවා. අඩු සුදුසුකම් තියෙන අයගේ ලක්ෂණ මේ මිනිහා අඩු නැතිව පෙන්වනවා.

:       0       8

Perakum Saturday, 26 August 2023 11:08 AM

ඕකට අපේ කාලෙ කිව්වේ “අඩු කලේ දිය සැලේ” කියලා...

:       0       7

විජේ Saturday, 26 August 2023 07:59 AM

නම කියන්න බැරිනං වැඩක් නෑනේ ලොක්කා...

:       0       13

Anil Saturday, 26 August 2023 11:19 AM

ලස්සන වැඩේ කියන්නේ උන්දෑ ඔක්කොම වරප්‍රසාද අරගෙන මාරුවෙලා රටේ ඉන්නේ නැතුව පැනලා ගියාට පස්සේ තමයි හොයන්නේ... කොයි හොරකම හොයන්නෙත් ඔහොම තමා. ඒකයි ඕන හොරෙක් බය නැතුව ඕන හොරකමක් කරන්නේ...!

:       1       14

සරත් Saturday, 26 August 2023 06:25 PM

හොර රාජපක්ෂ කල්ලියේ සගයෙක් වෙන්න ඇති. නැතිව ඔහොම ගේම් ගහනවා බොරු...

:       2       2

ගමේ එකාලා Saturday, 26 August 2023 07:53 PM

හොරට ලියලා විභාග පාස් වෙච්චි හොර පෙරකදෝරුවෝත් රටේ නායකයෝ වෙච්චි රටේ ඕවා මොනවාද?

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1084 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 1981 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 274 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 888 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 8910 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3205 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 428 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site