( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවයේ නියුතු ව සිටි මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට විරුද්ධව වෙස්ට්මින්ස්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දී තිබු තීන්දුව ඉවතදමා මේජර් ජෙනරාල් ප්‍රනාන්දු එම චෝදනාවෙන් නිදහස් කීරීමට බ්‍රිතාන්‍ය මහාධිකරණය තීන්දු කර ඇතැයි එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.
ඒ අනුව, මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට පවුම් 2400ක දඩ මුදලක් නියම එම මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2019 දෙසැම්බර් 06 වනදා ලබා දුන් තීන්දුව ඉවතදමා දැමීමට ද එරට මහාධිකරණය නියම කරනු ලැබ ඇත.
2018 වසරේ පෙබරවාරි 04 වැනිදා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දක්වමින් උද්ඝෝෂණයේ නිරත පිරිසකට හස්ත සංඥාකරමින් තර්ජනය කළ බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණි.
2019 දෙසැම්බර් 06 වනදා එහි තීන්දුව ලබාදෙමින් අධිකරණය නියෝග කර ඇත්තේ මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට පවුම් 2400ක දඩ මුදලක් නියම කරන ලෙසය.
ඊට එරෙහිව ප්‍රියංක ප්‍රනාන්දු මහතා බ්‍රිතාන්‍යයේ මහාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කර තිබුණි.
එම අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් බ්‍රිතාන්‍ය මහාධිකරණය ප්‍රියංක ප්‍රනාන්දු මහතා සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කර ඇති බව ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.
විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)
බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ දැනට රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන රණවිර ආරච්චිගේ ශානුක මදුෂාන් නොහොත් ඔලුමරා නමැත්තා සිර මැදිවියේ වැසිකිළි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
බ්‍රිතාන්‍ය මහාධිකරණයෙන් මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්
SUNIL MILANO Saturday, 20 March 2021 08:09 AM
දැන් මානව හිමිකම් මොකක්ද දන්නේ නැහැ කරන්නේ? බ්‍රිතාන්‍යයට විරුද්ධව නඩු දමයිද? ... දන්නේ නැහැ.
පිටරැටියා Saturday, 20 March 2021 10:52 AM
සර් සමහර විට ලොකු තානාන්තරයක් දෙයි.
Danthe Saturday, 20 March 2021 11:07 AM
බ්‍රිතාන්‍යයෙන් සාධාරණ තීන්දුවක්. ස්තුතියි.