(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකුට එංගලන්තය ඊයේ (24) රාත්‍රී සම්බාදක පැනවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ස්ථාවර වහාම ජාත්‍යන්තරයට දැනුම්දිය යුතු බවත් රටට සාමය ගෙනඒමට කැපවූ වීරෝදරා රණවිරුවන් වෙනුවෙන් ජාතියක් සහ රටක් ලෙස පෙනී සිටින්නේ යැයි ජාත්‍යන්තරය දැනුවත් කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (25) පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සාගර කාරියවසම් මහතා එසේ කීය.
මෙම ගැටලුවේදී රජයේ සහයෝගය කුමන පාර්ශවයකට ද යන්න රජයේ ස්ථාවරය පැහැදිළිව එංගලන්තයට දැනුම්දිය යුතු බව ද ඒ මහතා පැවසීය.
මෙම සම්බාදක පැනවීම පිළිබඳව රජය මැදිහත්ව හැකිඉක්මණින් කරුණු පැහැදිළි කළ යුතු බව කී කාරියවසම් මහතා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට පසුගිය කාලයේ අපහාස සහ චෝදනා කිරීම් ඉහළ ගොස් තිබූ බව ද සඳහන් කළේය.
පාතාල ක්‍රියාකාරකම් ගෙනහැර දක්වමින් යුද්ධය වෙනුවෙන් කැපවූ රණවිරුවන් අපහසාත්මක තත්වයකට තල්ලු කරමින් ඇති බවත් පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන්ම පොලිසියට අපහාස සහ චෝදනා කරමින් සිටින බවත් ඒ මහතා කීය.
හිටපු යුද හමුදාපතිවරු වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ජෙනරාල් ජගත් ජයසූරිය, හිටපු නාවික හමුදාපතිවරයකු වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජික සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් යන මහත්වරුන්ට බි්‍රතාන්‍ය මෙලෙස සම්බාධක පනවා ඇත.
කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අ
භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සි
හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පසුගිය රජය සියඹලාණ්ඩුවේ මෙගාවොට් 100 සූර්ය බල ව්‍යාපෘතිය වැඩි මිල ඉදිරිපත් කළ විදුලි බල මණ්ඩලයේම ඥාති සමාගමකට නිතියට පටහැනිව පැවරීමෙන් රුපියල් කෝටි
2025 වර්ෂය සඳහා වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය ශල්‍ය ගෝස් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් තනතුරකට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
‘‘බ්‍රිතාන්‍ය සම්බාධක ගැන ජනපති මොකද කියන්නේ‘‘
මැක්ස් Tuesday, 25 March 2025 05:14 PM
ජූලී චන්ග් නෝනා ප්‍රමුඛ බටහිර බලවේගවල සුවච කීකරු කුක්කකු වන ජනපතිත්, එතුමන්ගේ එහෙයි අහිනකගෙන් සමන්විත මාලිමා ආණ්ඩුවත් මෙම ප්‍රශ්නයේදී බකංනිලා සිටීම හැර වෙන මොනවා කරන්නද?
පුරවැසියා Tuesday, 25 March 2025 07:04 PM
නරකද "මැක්ස්" වෙනුවට බල්ලා මිය ගිය මැක්කා ලෙස නම වෙනස් කලා නම්.
පිටිගල මිලානෝ Tuesday, 25 March 2025 05:44 PM
ශවේන්ද්‍රගේ දියවන්නාවේ ගෙදර අනීතික ඔප්පුවකින් රිසවේෂන් ඉඩමක තියෙන්නේ කියන කතාවක් තියෙනවා. අදාල බලධාරින් මේ ගැන පරීක්ෂණයක් පවත්වා මොහුගේ නම නිරවුල් කර දෙන්න. නැත්නම් නඩු දමන්න.
යෝගා Tuesday, 25 March 2025 06:05 PM
අන්දරේගේ කටේ කොටි ඩයස්‌පෝරා ඩොලර් ඔබලා තියෙන හැටියට, හ්ම් කියාගන්නත් අමාරු වෙයි වගේ...
අකිල Tuesday, 25 March 2025 06:16 PM
ජනාධිපති මුකුත් කියන්න ඕනේ නැහැ. ඒ හතර දෙනාට එංගලන්තේ යන්න නැතිව ඉන්න කියන්න... ප්‍රශ්නේ ඉවරයිනේ...
Lalla Tuesday, 25 March 2025 09:17 PM
හරියට හරි. ඒ අයට එංගලන්තේ දේපල තියෙනවා නම් ඒවා උපයපු විදිය හෙලිකරන්න කියන්න.
Nihal Wednesday, 26 March 2025 09:53 AM
ඒක ඇත්ත , අනික වර්ණ භේදය ඉහවහ ගිය රටක්, යන්න තව රටවල් 194 ක්ම තියෙනවා
Nandana Tuesday, 25 March 2025 06:47 PM
මේ ගැන අහන්න මූ මොන හීරලුවෙක්ද ?
Willows Drive Tuesday, 25 March 2025 07:22 PM
පිට රටක රජයක තීරණ අපට වෙනස් කරන්න පුළුවන්ද?
ගුණරත්න Tuesday, 25 March 2025 07:59 PM
පාණ්ඩු හැත්ත මොනවා කියන්නද? විරිත්තලා කට වගගෙන ඉඳීවි. මොකද මේ ආණ්ඩුවේ අයත් හිටපු ත්‍රස්තවාදීන්නේ...!
Neel Tuesday, 25 March 2025 08:11 PM
මෙයා හැමදාම හැසිරෙන්නේ කිසිදෙයක් දන්නේ නැහැ වගේ. බබා වෙන්න හදන්න එපා. කරලා තියෙන අපරාධ වලට තමයි ඔය සම්බාධක දාලා තියෙන්නේ... මම මේ කියන්නේ අවුරුදු 30 ක යුද්ධය ගැන නෙමේ...
Tharindu Tuesday, 25 March 2025 10:57 PM
Neel පිටරට ඉඳගෙන නිකන් උඩු බුරන්න එපා..ඔයාගෙ පවුලේ කෙනෙක් ඉහත නම් සදහන් අයවලුන් විසින් යුද්ධයෙන් පිට සිදුකර ඇති අපරාධවලට හෝ ඔබ සදහන් කරන්නාවූ අපරාධවලට ලක්වී තිබේද?
විපරමා Tuesday, 25 March 2025 08:29 PM
කරුණා අම්මාන්ට හොරට පාස්පෝට් එකක් හදලා දීලා බ්‍රිතාන්‍යයට එව්වේත් මහින්ද තමයි.
නන්දන පනා-මිලානෝ Tuesday, 25 March 2025 08:42 PM
කප්පම් ගැනීම සඳහා ළමයි පැහැරගෙන ගොස් මරා දැමීමේ කේස් එකේ අළුත්ම තත්වේ මොකක්ද? කරන්නාගොඩ ඇතුළු පිරිසට ඇතුළට යන්න වේවිද ළඟදීම…?
Ran Tha Tuesday, 25 March 2025 09:52 PM
පොරට වැඩිපුරම රිදිල තියෙන්නෙ කරුනට සම්බාධක දාපු එකට. කරුනා කරපු එක වීරෝදාර රණවිරු ක්‍රියාවක් තමයි නැගෙනහිරදි නිරායුධ පොලිස් නිලදරුවන් 1000ක් පමන වෙසි තබ ඝාතනය කොට කැලේ පිලිස්සුවෙ
Dinesh Tuesday, 25 March 2025 10:36 PM
මේ මැක්ස්, යෝගා කියන දෙන්න සාපයක්.
දම්මික Tuesday, 25 March 2025 10:41 PM
හතර දෙනා ගැනම කියන්න ඕනැද, කරුණා අම්මාන් ගැන විතරක් කිව්වොත් මදිද? අනික මේ කියන විදිහට කරුණා රණවිරුවෙක්.
Bandara Tuesday, 25 March 2025 10:51 PM
මොනවා කියන්නද? අප්පුවා කසාය දීලා කතාකරගෙන බහ . නැතුව කුහක කමකට නෙවේ
upali Wednesday, 26 March 2025 09:14 AM
ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකාවත් තහනම් කළා ජෝ බයිඩන්. ඔයා එතකොට බිරුවෙ නැත්තේ ඇයි...?
de silva Wednesday, 26 March 2025 09:41 AM
අපරාද ගැන මම කියන්න දන්නේ නැහැ , ශ්‍රී ලංකික හමුදාව විනයගරුක හමුදාවක් , නමුත් ශවේන්ද්‍ර සිල්වා කොරෝන නිරෝධන හෝටල් මගදියේදී විදේශ ශ්‍රමිකයන්ගෙන් දිලිත් ජයවීර ඇතුළු ගජමිතුරු කල්ලිය සමග හොඳට ගසා කපු බව නම් මම දන්නවා , යටත් වුන පොලිස් නිලධාරීන් 600 සමුලගතනය කරපු කරුණාව සම්මභාදක නොවේ එල්ලුම් ගස් යවන්න ඕනේ , නමුත් අපේ අප්පචි කලේ මොහු ලිස්තුවෙන් ගෙනත් පාර්ලිමේන්තු තියල , ශ්‍රී ල නි පෙ උපසභාපති තනතුරක් දීපු එක මේ සම්බන්ධයෙන් අනුර ජනාධිපති තුමා කිසිම ප්‍රකාශයක් කරන්න අවශ්‍ය නැහැ , මොකද ඔහු හෝ ඔහුගේ සමීපතමයෝ යුද්දෙට ගියේ නැති නිසා ඔහු දන්නේ නැහැ මොකද උනේ කියල , ඕකට පිළිතුරු දෙන්න ඕනේ එවකට ආරක්ෂක ලේකම් , ගෝටාභය රාජපක්ෂ
prasanna Wednesday, 26 March 2025 11:00 AM
ත්‍රස්තවාදී කල්ලි සියල්ලම යාලුවෝ මල්ලී...ඕක තේරුම් ගන්න හරිම ලේසියි
Jamal Wednesday, 26 March 2025 12:06 PM
දිනෙෂ්, ai මැක්ස්, යෝගා ඔයාගේ පදේට නටනේ නැති හින්දාද ? නිකන් වහලෙක් වෙන්න එපා. කුහක ජෙප්පෝ.
අරවින්ද මොණරවිල Wednesday, 26 March 2025 02:00 PM
ආණ්ඩුවේ ස්ථාවරයට කලින් මහින්දට තමන්ගේ ස්ථාවරය කියලා ඉන්න කියනවා. මොකද ඔය කට්ටිය යුද්ධය කරන ගමන් මහින්ද එක්ක එකතු වෙලා ආර්ථික, දේශපාලන සහ වාර්ගික සුද්ධයත් හොදටම කෙරුව බව ලෝකයම දන්නා නිසා...
visnu Wednesday, 26 March 2025 03:09 PM
ජනාධිපති මේකට සම්බන්ධ වෙන්න ඕන නෑ. ඔයා ගෝඨා එක්ක තරහයි.