IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍යය අගමැති දැඩි සත්කාර ඒකකයට

කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගත කළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ (6) රාත්‍රියම දැඩි සත්කාර ඒකකයේ ගත කළ බව රෝහල් බලධාරීහු අද (7) ප්‍රකාශ කළහ.

දින 10කට පසුත් නව කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ පෙන්වීමත් දැඩි කැස්ස හා උණ ගතිය නිසා ඉරිදා පස්වරුවේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කළේය. වෛද්‍ය පරීක්ෂණ සඳහා ඉරිදා පස්වරුවේ රෝහල් ගත කළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳුඳා පස්වරුවේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළේය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් 55 වන වියේ පසු වේ. කොරෝනා වයිරසය ආසාදනය වූ ලොව ඉහළ හා ප්‍රමුඛ පෙළේ ලෝක නායකයා වන්නේ ද ඔහු ය. රට තුළ ජාතික හදිසි තත්ත්වයක් ඇතිව තිබියදී අග්‍රාමාත්‍යවරයකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ පළමු අවස්ථාව මෙය යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් , ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් ඇතුළු ලෝක නායකයා ඇතුළු විශාල පිරිසක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කළහ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වූයේ මාර්තු මස 27 වැනිදාය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ස්වසන සංවාතන යන්ත්‍රයකට (වෙන්ටිලේටර) සවි කර නොමැති නමුත් ඔහුට ඔක්සිජන් සහාය දෙන බව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිතාන්‍යයේ ‘කැබිනට් කාර්යාල’ අමාත්‍ය මයිකල් ගෝ පැවැසීය.

මේ අතර අග්‍රාමාත්‍ය ධුරයේ වගකීම් දැරීමේ සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ බලය බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් (අමාත්‍ය) ඩොමිනික් රාබ් ට පවරා ඇත.

ඒ.එෆ්.පී./රොයිටර්ස්

055



අදහස් (21)

බ්‍රිතාන්‍යය අගමැති දැඩි සත්කාර ඒකකයට

Prem Tuesday, 07 April 2020 03:37 AM

අන්න එහෙ ඉන්න ලංකාවේ උන්ව ගණන් ගන්නේ නැතිලු කොරෝනා කියල කෝල් කලත්, මහලොකු ප්‍රජාතන්ත්‍රවාදී රටලු

:       51       134

Puran Tuesday, 07 April 2020 03:41 AM

සින්හල ජාතියට කල විනාශයේ වන්දිය .....

:       3       132

පැතුම් Tuesday, 07 April 2020 04:32 AM

මේ මනුස්සයා සිංහල ජාතියට හොඳක් කරන්න හිතන් හිටපු කෙනෙක් නෙමෙයි. ඒ නිසා කඳුළු හෙලා පලක් නැහැ. සිංහලය රකින දෙවිවරු මෙහු ගැන බලා ගනිත්වා...

:       8329       11230

නුවන් Tuesday, 07 April 2020 05:45 AM

මෙතුමාට ඉක්මන් සුවය ලබේවා...!

:       53       123

RathnayakeTuesday, 07 April 2020 06:07 AM

ඔහු අපිට හොඳක් කරන්න හිතාගෙන නොසිටි බව අපි දන්නවා. ඒත් බෞද්ධ අපි කාටවත් කරදරයක් වුනාම සතු‍ටු වෙන්නේ නෑ. අපිට මිතුරන් වගේම සතුරන් පවා සුවපත් වෙවා කියන එකයි අපේ ප්‍රාර්ථනය.

:       2       296

RaveendraTuesday, 07 April 2020 08:23 AM

ඔබගේ අදහස් අප හදවතින්ම අගය කරන්නෙමු.

:       0       40

නන්දසේන Tuesday, 07 April 2020 06:30 AM

අපේ නායකයෝ හොද අයද? දේශපාලුවෝ මිසක්....

:       109       416

jasonTuesday, 07 April 2020 09:00 AM

මෙන්න නියම සිංහල බෞද්ධයෝ. අද බක් පුර පසළොස්වක පොහොය දිනයේ මෛත්‍රීය වපුරනවා. ලැජ්ජයි මහත්තයෝ. දේවදත්ත මානසිකත්වය ගැන.

:       19       1059

IndunilTuesday, 07 April 2020 09:40 AM

සිංහල ජාතියට හොඳක් කරන්න සිංහල ජාතිය දැනගන්න ඕනෑ.කාගෙන්වත් බලාපොරොත්තු වෙලා වැඩක් නෑ. වෙන්නේ ඒකේ අනිත් පැත්ත.

:       20       27

SL Tuesday, 07 April 2020 04:36 AM

අපේ හෙළ ඔසුව යවන්න බැරිද !

:       109       79

himali Tuesday, 07 April 2020 05:42 AM

බොරු ෂෝ ඉවරයි.අපෙන් අරන්ගිය නැව් තුනක වෙද පුස්කොල පොත්ටික අපිට දෙන්න. අවුරුදු සියයකට වඩා අපිව හුරන් කාපු අය.

:       315       110

Raveendra Tuesday, 07 April 2020 05:51 AM

අපේ " සත්ගුණවත් පින්වත් තක්කඩි රෑන " වැසිකිළි යන්න බැරිවුනත් නැට්ට ගිනිගත්තා වගේ දුවගෙන ගියේ සිංගප්පුරු රෝහල්වලට. එක අතකින් මේ යෝදයා හොදයි. තමන්ගේම රටේ රෝහලකම ඉන්න එක.. විශේෂයෙන් හිටපු ලෝකෝත්තර දත් කොන්දොස්තරට මෙය කියවීමට හැකි වේවා !!

:       32       288

චතුෂ කුමාර Tuesday, 07 April 2020 06:24 AM

මෙතුමා රට ජාතිය ආගම වෙනුවෙන් සටන් කරපු අයෙක්. තෙරුවන් සරණයි ! සියලු දෙවි පිහිටයි !

:       103       14

බද්රානි Tuesday, 07 April 2020 07:16 AM

විදේශ අමාත්‍ය ඩොමිනික් රාබ් අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බලන්න සිදුවේ දැයි කියන ගැටලුව තමයි මට නම් තියෙන්නේ. තම අසල්වැසි රටවල දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතින භයානක උවදුර දැක දැකම කයිවාරු ගසමින් නිසි කලට ගතයුතු ක්‍රියා මාර්ගයක් නොගත් අගමැතිවරයෙකු ලෙස තමයි මම නම් මොහුව දකින්නේ. මේ වනවිට බ්‍රිතාන්‍යයේ පවතින කොරෝනා මරණ සංඛ්‍යාව ඉදිරියේදී වඩාත් වැඩිවනු ඇති බව තමයි විචාරකයින්ගේ අදහස වන්නේ.

:       0       97

isurandi Tuesday, 07 April 2020 07:47 AM

අද උතුම් වූ බක් පෝය දිනයේ මෙතුමාට ඉක්මන් සුවය පතමි බෞද්ධයෙක් වශයෙන්....

:       0       116

RaveendraTuesday, 07 April 2020 09:21 AM

ඇත්තෙන්ම අප මොහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු !

:       58       7

Prabha Tuesday, 07 April 2020 09:01 AM

එංගලන්තයේ ඇමෙරිකාවේ ඕස්ට්‍රේලියාවේ ඉන්න අය කොරෝනාවෙන් මිය යද්දි ශ්‍රී ලංකාවට ලෙඩ ගෙනාවා කියලා බැනුම් අහන ඉතාලියේ ඉන්න ලංකාවේ අය යහතින් ඉන්නවා.

:       4       245

banda Tuesday, 07 April 2020 09:27 AM

ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා !

:       10       14

රොෂාන් Tuesday, 07 April 2020 10:29 AM

එහෙ එහෙම උනාට මෙහෙ නිකන් නඩු වැටුනම දැඩි සත්කාර ඒකකයට මාරු වෙන අය ඉන්නේ. මොනවා උනත් මෙතුමාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු !

:       0       2

Nihal Tuesday, 07 April 2020 10:37 AM

මෙයත් ගෙදර ඉදන් පැරසිටමෝල් අරගෙන ආදර්ශමත් වෙන්න තිබුනේ... කලු හම වන ආසියානු දෙවෙනි පන්තියේ පුරවැසියන්ට සැලකිල්ල මේ කාලේ විනිවිද පේනවා .සෑම මිනිස් ජීවිතයක්ම මෙයාලට සමාන සමුළු වල විතරමයි...

:       0       199

බද්රානි Tuesday, 07 April 2020 10:54 AM

ලංකාවේ කොරෝනා රෝගීන්ට පන්න පන්න බැන්නට, සුද්දන්ට තියන සත්ව කරුණාව නම් යස අගෙයි. ඉතාලියේ ජීවත් වෙන ලාංකිකයින්ගේ මරණ සංඛ්‍යාව ගණන් කරන්න බලා ගෙන හිටියට ඒ වැඩේ, හරිගියෙත් නැහැ, කරුමෙට? ඒ මිනිස්සුන්ට බැන ගන්න විදිහකුත් නැහැ. කරන්න දෙයක් නැතිකමට දැන් ඉතින් එංගලන්තේ බොරිස් ජොන්සන් මහත්තයට වත් සුබපතලා හිත හදා ගන්නවා. එම රටවල ජීවත් වෙන ලාංකිකයින්ට වඩා එරට අගමැති තුමාව අපට මහා මෙරක් තරමට වටිනවා. මොනවා නැතත් ඒ මනුස්සයා ලන්ඩන් හීත්රෝ එයාර් පොර්ට් එක වහන්නේ නැතිව අපේ ප්‍රභූන් ටිකට හා එවැනි පවුල් වල ළමයි ටිකට ලංකාවට එන්න අවස්තාවක් ලබා දීල තියනවනේ. ඉතින් ඒකම මදිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පළාත් කීපයකට අදත් වැසි
2025 අප්‍රේල් මස 26 84 0

අන්තර් නිවර්තන අභිසාර කලාපය හෙවත් උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං එකතුවීම හේතුවෙන් දිවයිනේ කාලගුණයට බලපැම් ඇති කරමින් පවතින බව


සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 1590 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 173 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 515 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 2468 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 661 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 826 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 384 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 538 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site