IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


බොරලැස්ගමුවේ ඝාතනයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පුද්ගලයකු සිය මස්සිනාට පහරදීම සඳහා කැඳවූ මිතුරන් දෙදෙනෙකුට වේරහැර,බෝධිරාජපුර වත්ත  ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින්  තියුණු ආයුධවලින් පහර දීම හේතුවෙන් එක් අයෙකු ඝාතනයට ලක්ව ඇති බව බොරලැස්ගමුව පොලීසිය කියයි 

පහර කෑමට ලක් වීමෙන් මියගොස් ඇත්තේ (46) මහරගම, දුම්රියපල  පටුමග ප්‍රදේශයේ පදිංචිකරුවකු වන දර්ශන කුමාර නැමැති පුද්ගලයෙක් බවද බවද පොලිසිය පැවැසීය.

ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ඥාතීන් පිරිසක් අතර පැවැති ආරවුලක් සම්බන්ධයෙන් තම මස්සිනා සමග ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් මෙම  මස්සිනාට පහරදීම සඳහා පිරිසක් ගෙන්වා සැලසුම ක්‍රියාත්මක කර ඇත.

ඔහු මේ සඳහා මහරගම,සහ පිළියන්දල ප්‍රදේශයන් හී පදිංචි සිය මිතුරන් දෙදෙනෙකුට දුරකථන ඇමතුම් මගින් කතා කර  බෝධිරාජපුර ක්‍රීඩාංගණයේදී මස්සිනාට පහර දීම සඳහා තමන්ට සහාය ලබාදෙන මෙන් කළ ඉල්ලීමක් මත පැමිණි මිතුරන් දෙදෙනා සමග මත්පැන් සාදයක් පවත්වා එය අවසානයේදී අදාළ පුද්ගලයා ක්‍රීඩාංගනය තුළට රැගෙන විත් පහරදීම සඳහා සූදානම් වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

මෝදරගේ සුසිත් කුමාර නොහොත් (කට්ටා) නැමැති පුද්ගලයා  තම ප්‍රදේශයේ පදිංචිකරුවකුට පහරදීම සඳහා කිහිපදෙනෙකු සූදානම්  කරමින් සිටින බවට ලද ආරංචියක් මත ප්‍රදේශවාසීන් පිරිසක් ඔවුන් තිදෙනා සිටි ක්‍රීඩාංගනය තුළට ගොස් මේ පිළිබඳ විමසීමේදී ඇතිවූ බහින්බස් වීමක් මත ගම්වාසීන් තියුණු ආයුධවලින් වටකර පහර දීමේදී පිලියන්දල ප්‍රදේශයෙන් පැමිණි පුද්ගලයා සමග කට්ටා නැමැති අය පැන ගොස් ඇති බවත් සිද්ධියේදී ගම්වාසීන් අතරට කොටු වූ මහරගම ප්‍රදේශයෙන් පැමිණි පුද්ගලයා පහරකෑමෙන් ඝාතනයට ලක්ව ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණයවූ  බවද පොලිසිය පවසයි.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ මහරගම පුද්ගලයා ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරන විටත් මිය ගොස් සිටි බව කළුබෝවිල රෝහලේ රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.  

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් එක් අයෙකුද කැපුම් තුවාල හේතුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කලුබෝවිල රෝහල) ප්‍රතිකාර ලබන බවත් අනෙක් පුද්ගලයන් දෙදෙනා බොරලැස්ගමුව පොලිස් ස්ථානයේ රඳවාගෙන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගන්නා බවත් පොලිසිය පවසයි. 

මෙම සිදුවීමට අදාළ සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවත් පොලීසිය පැවසීය.

 

                         

 



අදහස් (0)

බොරලැස්ගමුවේ ඝාතනයක්

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1121 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 288 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 2209 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 267 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 635 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2541 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 618 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site