IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


‘බොරුවෙන් බලයට ආපු අයට ස්භාවධර්ම දඩුවම් දීම අරඹලා‘


(යොහන් භාසුර)

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළන්න යූඑස්ඒඩ් සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුවම් දීමක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී එම පක්‍ෂයේ දිස්ත්‍රික් නායකයන් හමුවීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.

 අරගලවලට, ආණ්ඩු පෙරළන්න, බුද්ධාගමට අගෞරව කරන්න, මෙරට සංස්කෘතිය විනාශ කරන්න ආදි දේවල්වලට විදේශ බලපෑම් සමඟ විදේශ මුදල් ලැබෙන්නේ යැයි පැවසූ බවත් එසේ පැවසුව ද ඒවා කවුරුත් විශ්වාස නොකළ බවත් කාරියවසම් මහතා කීය.

එම ප්‍රකාශවල සත්‍යතාවය මේ වන විට හෙළිවෙමින් පවතින බව කී කාරියවසම් මහතා ශ්‍රී ලංකාව, බංග්ලාදේශ සහ යුක්රේනය ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළීම සඳහා යූඑස්ඒඩ් නැමැති සංවිධාන හරහා ඇමරිකානු ඩොලර් මිලියන 260 ක් වැනි ඉතාම විශාල මුදලක් වියදම් කර ඇතැයි ඇමෙරිකානු ජනාපති ඩොනල් ට්‍රම්ප් මැතිතුමා ඔහුගේ නිල ‘එක්ස්’ ගිණුම හරහා හෙළිකර ඇති බ ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ලිංගික දිශානික සම්බන්ධයෙන් සොයා බලන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 7.9 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 24,000 ක මුදලක් වියදම් කර ඇති බව ද හෙළිකර ඇතැයි නීතිඥ සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.  



අදහස් (41)

‘බොරුවෙන් බලයට ආපු අයට ස්භාවධර්ම දඩුවම් දීම අරඹලා‘

Ajantha Wednesday, 12 February 2025 07:56 PM

කමක් නෑ. එහෙම කරලා හරි පට්ට හොරු, වංචාකාරයෝ, දූෂිතයෝ එළවලා දැම්මේ ආපහු නොඑන්නම.

:       52       246

Welfare state Thursday, 13 February 2025 01:28 PM

හොරු සහ දූෂිතයෝ කියන මතය සමාජගත කිරීමට ඔය කියන USAID මගින් ආධාර ලබාගත් බොහෝ සංවිධාන මුල්වුණා කියන එක නේද එළියට එන්නේ...? එතකොට ඒ සංවිධාන කියපු හැමදේම ඇත්තද නැද්ද කියන සාධාරණ සැකයක් එනවා. 2. ඔය ආධාර ලබාගත් සංවිධාන අතර කොටි ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන සංවිධාන ඉන්නවාද ඒ මොනවාද? එහෙම නම් ඒ අය කොහොමටත් රාජපක්ෂලාට විතරක් නෙමෙයි මුළු මහත් රටටම විරුද්ධයි. ඔවුන් රාජපක්ෂලා නැතිකරන මුවාවෙන් ත්‍රස්තවාදී නොවන අනිකුත් ජන කොටස්වලට ප්‍රශ්න ඇති කරනවා. ඒවා ඉබේම රටට බලපානවා. අපේ තියන ගොන්කමට අපි රාජපක්ෂලා එක්ක තරහා නිසා ඒ ලණු ගිලලා අපේ විනාශය අපිම ඇති කරගන්නවා.

:       4       2

Ran Tha Wednesday, 12 February 2025 08:15 PM

මේකට හොදටම මොන්ගල් . සල්ලි අරන් තියෙන්නෙත් මුගෙ මහ උන්.

:       37       219

Third Eye Wednesday, 12 February 2025 08:19 PM

ඇමරිකාවට ස්තූති කරන්න ඔිනේ එහෙනම්. ලංකාවෙ මිනිස්සුන්ව තොපි වගේ හොරු හැත්තකින් ගලවා ගත්තට.

:       38       228

වික්‍රම විදුර Wednesday, 12 February 2025 08:57 PM

සල්ලි තිබ්බට තුන් වේලටම කුඩු කන්න එපා..

:       18       144

බද්රානි Wednesday, 12 February 2025 09:45 PM

උඹලගේ හොර කල්ලිය කළ මහාපරිමාණ හොරකම් සහ රටේ ජනතාවට තෙල් ටික, ගෑස්‌ ටික දීගන්න බැරිඋන, කටින් පුටින් ලා ඇතුළු නොහැකියාවෙන් පිරුණු දුෂිතයින් රැල පලවා හරින්න ආයේ අමුතුවෙන් බොරු කියන්නේ මොකටද..? දැන් මෙතන බොරුවට තප්පුලමින්, උඩුබිරුවට හිතාගෙන ඉන්නේ අපිට අතීතය අමතක වෙන රෝගෙකින් පෙළෙනවා කියලද..? අර උඹලගේ චිචී කොල්ල ඩොලර් මිලියන තුන්සිය ගානක් වියදම් කරලා ඇරපු රොකට් එක කොහෙද කියල පුලුවන්නම් කියපල්ලා මෙතන බොරුවට බුරන්නේ නැතිව..

:       22       130

රුවන් Wednesday, 12 February 2025 09:55 PM

මෙයාට මතක නැතුව ඇති රාජපක්ෂලා 2005 ආණ්ඩුව ගන්න හදනකොටම ලේ විලක් මතින් 2004 සුනාමි කුමරියක් ආවා වගේම 2019 පාස්කු ලේ මතින් ආණ්ඩුවක් ගත්ත අය කියන කතා ද? 2010 ආණ්ඩුව ගත්ත ගමන් ගංවතුරක් ආවා මතක ද?

:       25       92

එස්.ඒ.තිලකරත්න Wednesday, 12 February 2025 10:06 PM

ඇමරිකාවටත් තේරිලා තියෙන්න ඇති අපේ රට එදා හිටිය දේසපාලකයන් විනාශය කරන බව. ඒකනෙ බංකොලොත් වුනේ.

:       20       78

Ruwan R Wednesday, 12 February 2025 10:11 PM

ඇමෙරිකාවේ සල්ලි වලින් ලංකාවට උදව්වක් කලාමද කොාහද ඔය. ඔයාලට අවුල් ද?

:       20       80

බකල ජයා Wednesday, 12 February 2025 10:25 PM

ඔය කතා කියල ස්වභාව ධර්මයාව ෂේප් කරගන්න බෑ ගොබිලෝ. ඒක උඹලගෙ පස්සෙන් එන දවසට උසේන් බෝල්ට්ගෙ ඇතුළුව ඔක්කොම දිවීමේ ඉසව් වල ලෝක වාර්තා ටික කැඩෙනවා.

:       14       87

R.T.sarath Wednesday, 12 February 2025 10:31 PM

දැන් ඔබට සතුටුද ?

:       13       27

de silva Wednesday, 12 February 2025 10:38 PM

අර බොලගේ ජංගි නන්දෙත් එවුවේ එම සංවිධානේද දන්නේ නැහැ ,

:       16       71

ana Wednesday, 12 February 2025 11:04 PM

අනේ ඇත්තම කියපු පොරවල්.

:       12       60

Duminda Udayakumara Wednesday, 12 February 2025 11:05 PM

යම ලෝකෙන් හරි සල්ලි අරන් උඹලව ගෙදර යවපු එක ලොකු දෙයක්. උඹලගේ මහ එවුන් හොරාකෑවේ, හොරාකන්න හදලා දීලා බලන් හිටියා අපේ සල්ලි.

:       14       75

anuranga Wednesday, 12 February 2025 11:08 PM

අපොයි සාගර ඔබේ අදහස්නම් බලන්න එපා

:       9       46

Pankumburage Thursday, 13 February 2025 12:05 AM

තාම දඬුවම් දෙන්න පටන් ගත්තෙ නැහැ. ළඟදීම ලැබෙයි. බලන් ඉදින්.

:       2       25

sanjeewa Thursday, 13 February 2025 12:32 AM

මේ මාෆියා රාජපක්ෂ රෙජිමේන්තුව සහ උන්ට කඩේ යන අතීත ඉතිහාසය ගෙන එන්නේ ජනතාවට අලුත්ම ප්‍රවෘත්තියක් කිරීමට, USAD වියදම් කළ මුදල් රාජපක්ෂ දූෂිත ආණ්ඩුව පන්නා දැමුවේය, ඒ අරමුදලට පිං

:       2       28

චතුරි Thursday, 13 February 2025 02:12 AM

මේ මීහරක්ටනම් කොයිතරම් බැනලා දැම්මත් ලැජ්ජවක් නැහැ. බල්ලෙක් බිරුවට. කන්දක් පාහ් වෙන්නෙ නැහැ ඒ වගෙම. මේ වගෙ මල පෙරේත යක්කුන්ට බයනම්. මාලිමාව. දාලා දුවයිද. නැහැ. කියන්න තියෙන්නෙ කොයිතරම් උඩු බිරුවත්. මැරෙනකම්. මේ ආන්ඩුව පෙරලන්න බැහැයි කියන එක.

:       3       24

sanjeeva Thursday, 13 February 2025 02:58 AM

බලාගෙන එළියට බහින්නේ අකුණු ගහනකොට

:       2       22

Ro Thursday, 13 February 2025 05:05 AM

ඇමෙරිකාවත් දන්නවා කම්බාහොරු කියලා....රටට විහිළු සපයන්නේ නැතිව කට වහගෙන හිටපිය.

:       2       25

Niranga Thursday, 13 February 2025 05:24 AM

ඇමෙරිකාවේ හිටියේ නැත්නම් තාම මුන් පිස්සු කෙලිනවා අපිට අමාරු වෙලේ පොහොර බෙහෙත් දුන්න උන්... මුන් නම් තාම හොරාකනවා එහෙනම්

:       2       24

maalaka Thursday, 13 February 2025 05:41 AM

මෙයාලාට බලය ජනතා අවධානය නැතුව ජිවත් වෙන්නත් බෑ... තමුන්ගේ සල්ලි වලින් ජිවත් වෙලා පුරුද්දකුත් නෑ හොරකමේ සීමාවකුත් නෑ

:       2       25

Niranga Thursday, 13 February 2025 05:57 AM

ඇමෙරිකාව හිටියේ නැත්නම් තාම මුන් පිස්සු කෙලිනවා අපිට අමාරුවෙලේ සහය වුනේ එයාලා

:       2       26

Asela Thursday, 13 February 2025 07:09 AM

මේක තමයි ජේවිපි සහ අනිත් වහලුන්ගේ සැබෑ ස්වභාවය. මේ මිථ්‍යාදෘෂ්ටික වහලුන් කිසිම සාක්ෂියක් නැතුව කුණුහරප කියන්න හදනවා නැත්නම් ඔවුන්ගේ දේශපාලන දෘෂ්ටිකෝණය නිසා. අපි තක්සේරු කරන්නේ මහින්ද හෝ රනිල් හෝ ප්‍රේමදාස ලාපා කොටාට වඩා 10000 ගුණයකින් හොඳ බවයි.

:       37       9

S M U P Thilakaratne Thursday, 13 February 2025 07:17 AM

නියමයිනෙ. ලංකාව 76 අවුරුද්දක් උලා කාපු හොර හැත්තක් එලවන්න ඇමරිකාව උදවු කරල තියෙන්නෙ. අපේ ස්තූතිය ඇමරිකාවට.

:       4       34

රනේ Thursday, 13 February 2025 07:26 AM

බොහොම ස්තූතියි අමෙරිකාව..

:       3       29

සෑම් Thursday, 13 February 2025 08:31 AM

මම එදා ඉඳන්ම නිරීක්ෂණය කරපු එකක් තමයි මේ යකා කතා කරන්නේ කුඩු ගහලා මොලේ වෙලිච්ච් එකෙක් වගේ කියන එක

:       2       28

Lakmal Thursday, 13 February 2025 09:29 AM

අපොයි දෙයියනේ මේ යෝධයාගේ පිස්සු හොඳටම වැඩි වෙලා

:       2       29

m. saman perera Thursday, 13 February 2025 09:33 AM

තවත් ලැජ්ජ නැතුව රාජපක්ෂලාගේ රෙදි හෝදනවා නේ

:       3       28

Ranga Thursday, 13 February 2025 09:48 AM

ඔහු වජිරගේ වාර්තාව බිඳියි

:       2       25

ABS Module Thursday, 13 February 2025 10:06 AM

එන්පිපි එක බොරු කිව්වමයි කියමුකෝ..ඒ කිව්වේ තොපෙන් රට බේර ගන්න නේද කියලා හිතද්දී ඒ බොරු ටික ආපහු අහන්න හිතෙනවා

:       3       24

chinthaka Thursday, 13 February 2025 10:37 AM

මැදමුලනේ තවත් කටු කන සුනඛ පරානයක් තමයි. අඩුම තරමේ තමන්ගේ රැකියාවේ නම්බුවවත් රක ගනින්

:       3       20

Cham Thursday, 13 February 2025 11:57 AM

ජෝකර් කෙනෙක් වෙන්න එපා... ටිකක් ඉවසන් බලන් ඉන්න.

:       2       9

රුවන් Thursday, 13 February 2025 12:02 PM

අපි කියමු කෝ ගෝටාභය දෙවැනි වරටත් දැන් ජනපති නම් මේක ලියන මමත් මැරිලා, ලංකාදීප කර්තෘත් මැරිලා සාගතේට.

:       3       8

කිමිචි Thursday, 13 February 2025 12:44 PM

ආණ්ඩුව පෙරළන්න USAID කරපු කෙන්ගෙඩියක් නැහැ උඹලා ගේ හොර වැඩ වලට මහජනතාව දීපු පිලිතුරු තමයි. දැන් ඉතින් බොරු කිය කිය මතුර මතුර ඉන්න, ඔහොම යනකොට නාකි වෙනකං උඹලා ට දන්නේ නැතිව යාවි.

:       4       15

Rata Perata Thursday, 13 February 2025 01:31 PM

මෙයාගේ නම් ජාතකේ වැරැද්දක් තියෙනවා.

:       1       4

සමන් විමල් Thursday, 13 February 2025 01:58 PM

ජෙබයියෝ අනුන්ගේ මළපහ වෙච්චි රෙදිත් හෝදනවා. තව තවත් වාහන දෙන්න වෙයි. මන්‍ත්‍රීලාට තණ කොළ අදින්න... ගොන් වහලුන්ට.

:       1       0

විජේසිංහ Thursday, 13 February 2025 02:59 PM

ඇ බුරුවො තොපි ඔචිරම මොඩයෝ කියලා මිනිස්සුන්ට දැනෙන්න සලස්වන ඒක හොදයි තොපි ඔලුවෙන් හිටගන ඇඩුවත් මේ අණ්ඩුව තොපි මැරෙන්න කන් පෙරලන්න දෙන්න නැ

:       1       3

fairoos Thursday, 13 February 2025 03:19 PM

එදා ගෝඨාභය එළෙව්වේ නැතිනම් අද ලංකාව බංකොළොත්... ට්‍රම්ප් කියන්නේ මොනවද කියලා එයාටම දන්නේ නැහැ.

:       1       3

ගමේ එකාලා Thursday, 13 February 2025 03:24 PM

බොරුවෙන් විතරක් නෙවෙයි, පාස්කු ප්‍රහාරයේ අලුමතින් බලයට ආපු බලලෝභී, බඩගෝස්තරවාදියෝ. ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා බොරුවෙන් මුලුමහත් ජනතාවම අන්දවපු ගුණමකුවෝ? තවත් කියන්නේම බොරු...!

:       0       6

kamal Koyrala Thursday, 13 February 2025 04:10 PM

ඔබතුමා නීතීඥයකු නම් මේ කාරණා සම්බන්ධව ඔබගේ රජය කාලේ නීති මගින් කටයුතු නොකළේ මන්ද? මේවා වගේම ඒකල සිමෙන්ති කර්මාන්ත ශාලාවට ඉන්ධන පෝලිම් යුගයේ ජනතාව මැරී වැටෙද්දී බවුසර් පිටින් ඉන්ධන පැමැණියේ කොහොමද කියලා විමසා බැලිය යුතු වේ.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1431 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 280 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 534 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 762 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 152 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 548 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 725 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 506 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site