IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


බේරුවල ප්‍රා සභාපතිට පහරදුන් හතරක් මාට්ටු

(තුසිත කුමාර ද සිල්වා)

බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මහතාට පහරදුන් බව කියන සිද්ධියට සම්බන්ධ බව කියන සේවකයන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය අද(22) පෙරවරුවේ පවසයි.

පොදුජන පෙරමුණේ පාලන බලය හිමි බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් 21 දින පැවති මාසික සභා රැස්වීමෙන් අනතුරුව අලුත්ගම ගඟබඩ පාරේ අවන්හලක් වෙත ගොස් සිටියදී දිවා ආහාර ලබා ගැනීමට පැමිණ සිටි බව කියන මෙම සේවක සිව්දෙනා සහ සභාපතිවරයා අතර ඇතිවු කථාබහක් දුරදිග ගොස් සභාපතිවරයාට පහරදීමක් සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අලූත්ගම පොලිසිය විමර්ශන සිදුකර සේවකයින් සිව් දෙනා පයාගල පොලිස් බල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කියයි .

අත්අඩංගුවට ගත්සේවකයින් සිව්දෙනාගෙන් තිදෙනකුට පොලිස් ස්ථානය මගින් ඇප ලබාදී ඇති අතර එක් සේවකයකු පමණක් කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අලුත්ගම පොලිසිය සඳහන් කළහ .

පහරකෑමට ලක්වූ සභාපතිවරයාගේ තත්ත්වය බරපතළ නොවන බව විමර්ශන සිදුකරන පොලිසිය කියයි.

කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන කපිල ප්‍රේමදාස , නිශාන් ද සිල්වා යන මහත්වරුන් ගේ උපදෙස් මත අලුත්ගම පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් සුදුසිංහ , උප පොලිස් පරීක්ෂක රාජිත ගුරුසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි .

 



අදහස් (1)

බේරුවල ප්‍රා සභාපතිට පහරදුන් හතරක් මාට්ටු

sudda Wednesday, 22 September 2021 11:25 AM

මේනක විමලරත්න තමයි මම දන්නා විදිහට අඩු මුදලට හෝ නොමිලේ හෝ මිනී පෙට්ටි හදලා පළාතේ දුප්පතුන්ට දෙන ක්‍රියාවලිය කරගෙන යන්නේ... ඉතාම හොඳ දෙයක් කරන නිසා කාගේ හෝ තරහක් තියෙනවාද ඔහු ගැන​?

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

රත්නපුරම ජාජබට
2024 නොවැම්බර් මස 15 44 0


කුරුණෑගලම ජාජබට
2024 නොවැම්බර් මස 15 217 0


කෑගල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 134 0


දිවුලපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 437 0


කැළණිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 421 0

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 37049, සජිත් ප්‍රේමදාස 17042, රනිල් වික්‍


මහර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 310 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 572 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1685 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site