IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


බොරළුකන්ද විහාරයේ තහනම ඉවත් කළැයි විරෝධය

 

( අමදෝරු අමරජීව)

ත්‍රිකුණාමලය, නිලාවෙලි බොරළුකන්ද රජමහා විහාරයේ තහනම ඉවත් කිරීමට එරෙහිව උප්පුවේලි සාම්බල්තීව් පාලම අසලදී අද (03) යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් හා සෙල්වරාසා ගජේන්ද්‍රන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණයක් පැවැත්වුණි.

මෙම උද්ඝෝෂණය ත්‍රිකුණාමලය දෙමළ සභාව නැමිති සංවිධානයක් විසින් සංවිධානය කර තිබුණි. පළමුව නිලාවෙලි පොලිස් බල ප්‍රදේශයට අයත් බොරළු කන්ද රජමහ විහාරය පිහිටි පෙරියකුම් හංදියේ උද්ඝෝෂණය සිදුකිරීමට සැළසුම් කර තිබුණි. පසුව නිලාවෙලි හා උප්පුවේලි පොලිස් වසම් මායිම් වන සාම්බල්තීව් මංසංධියේ දී ඒය පැවැත්වීය.

මෙම විරෝධතාවය හේතුවෙන් නිලාවෙලි - ත්‍රිකුණාමලය මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ලවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පැවැසුවේ 48 නිදහසින් පසු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියයට හතරක් වු සිංහල ජන ගහණය නිදහසින් පැවැති ආණ්ඩු විසින් ජනතාව පදිංචිකර විශාල ලෙස වැඩිකර ඇති බවයි.

මේ වනවිට දෙමල ජනයා පදිංචි ප්‍රදේශයන්හි බෞද්ධ විහාර සාදා සිංහල ජනතාව පදිංචි කරවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි. දෙමල ජනතාව පදිංචි ප්‍රදේශ සිංහලකරණය කිරීම නිසා තිස් අවුරුදු යුද්දයක් පවා ඇතිවු බවත් ඉතිහාසයේ පැවැති රජයන් කල මෙම වරද වත්මන් ජනාධිපතිවරයා සිදුනොකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද පැවැසීය.

 



අදහස් (4)

බොරළුකන්ද විහාරයේ තහනම ඉවත් කළැයි විරෝධය

geeth Monday, 04 September 2023 08:57 AM

ඒ් වගේම තමයි කොළඹ හා උතුරු නැගෙනහිරින් පිට ඉන්න දෙමල පවුල් ගණනත් නිදහසෙන් පස්සෙ වැඩිවුණා. 1983 කළු ජූලිය ඇත්වෙන්නත් යම් බලපෑමක් වුනේ මේව තමයි. දෙමළ මිනිස්සු කෙළඹ සෑහෙන පදිංචි වුනා ඒ් අතර උතූරු නැගෙනහිර දෙමල අය වෙනම පාලනයක් ඉල්ලුව.

:       0       2

Sujeewa Monday, 04 September 2023 11:40 AM

ජාතිවාදය අවුස්සනවා වගේ...

:       0       1

Bamunuarachchi Monday, 04 September 2023 05:01 PM

සිංහල පාතාල සහෝදරයින්ට ජාතික හැඟීමක් තිබෙනවා නම් මෙන්න ඒක පෙන්නන්න අවස්ථාව...

:       0       3

Buwa Tuesday, 05 September 2023 11:32 AM

උතුරේ සිංහල ජනතාවට විරුද්ධ මේ එල්.ටී.ටී.ඊ. දෙමළ ජනයාට සාමකාමීව ජීවත් වීමටත් දකුණේ සමෘද්ධිමත් ජීවිතයක් ගත කිරීමටත් හින්දු ආගමට ගරු කිරීමටත් සිංහලයෝ ඉඩ දෙති. නමුත් උතුරේ ඉන්න මේ මෝඩයෝ තමන්ගේ ටයිමිල් වරුන්ටවත් සාධාරණයක් නොකර පහත් හා උස් පහත් ලෙස බෙදති. රටේ ප්‍රශ්න ඇති කරන්න එපා මේක හැමෝගෙම රට ඕනෑම කෙනෙකුට රටේ ඕනෑම තැනක ජීවත් වෙන්න පුළුවන්. ඔබ සිංහලයන්ට අකමැති නම් තමිල්නාඩුවට ගොස් එහි ජීවත් වන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 787 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1691 2

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 5 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 666 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4017 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3039 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26078 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 313 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1349 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site